leader s

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සමගි ජන බලවේගයේ (දුරකතනයේ) මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර ඇත. එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස විසින් ඊට අදාල පත්වීමේ ලිපිය ඔහු වෙත අද දිනයේදී (ජුලි 13)

ලබාදී තිබේ.

අදාල පත්වීමට අනුව පක්ෂයේ මතය ජනතාව අතරට ගෙනයාම හා විරුද්ධ බලවේගවලට එරෙහිව සංවිධානාත්මකව හා සැලසුම් සහගතව ප්‍රතිචාර දැක්වීම ඔහු වෙත පවරා ඇත. 

සන්නිවේදන ක්ෂේත්‍රයේ නමක් සනිටුහන් කර ඇති එස්.එම්. මරික්කාර් 'සිරස' මාධ්‍ය ආයතනයේ ප්‍රධානියකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළේය.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී 'දුරකතනයේ' ජයග්‍රහණය වෙනුවෙන් පුළුල් මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ඔහු තීරණය කර ඇත.

මෙවර මහ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සමාජ මාධ්‍ය මෙහෙයුම ඉරාජ් වීරරත්න හා නිශ්ශංක සේනාධිපති යන දෙදෙනා පවරා දී ඇති තත්වයක් තුළ මරික්කාර් ගේ ද විශේෂ අවධානයක් යොමුව ඇත්තේ සමාජ මාධ්‍ය කෙරෙහිය. 

WhatsApp Image 2020 07 13 at 1.49.52 PM

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්