leader s

දැනට ශ්‍රී ලංකා පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධරයා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට එරෙහිව චෝදනා පත්‍රයක් ලබාදී ඔහුගේ වැඩ තහනම් කිරීමේ සැලසුමක් දියත් කර ඇතැයි පොලිස් මූලස්ථානා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහුට එරෙහිව පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාවටද මේ වන විට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පොලිස්පතිවරයාට සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට එරෙහිව මාධ්‍යයට තොරතුරු සැපයීම ආදී චෝදනා ඇතුලත් එම පැමිණිල්ල ප්‍රකාරව ලලිත් පතිනායක ගේ වැඩ තහනම් කිරීමටත් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තනතුර සඳහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පත් කිරීමටත් සැලසුම් කර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

යම් හෙයකින් නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ගේ වැඩ තහනමක් සිදුකළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියෝජ්‍ය පොලිස්පති පතිනායක තීන්දු කර ඇති බවද ඒ අතර වාර්තා වෙයි.


සබැඳි පුවත් :

පොලිස් ලොක්කෝ අතර ලොකු ගැටුමක් ! SDIG ට එරෙහිව පොලිස්පති, පොලිසි යයි !!

පොලිස්පති ඇතුළු ලොක්කන් ගැන සමාජ මාධ්‍ය වීඩියෝ CIDයේ විමර්ශනයට

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්