leader s

බුවනෙකබාහු රාජ සභාව ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මිට ඉහත දී නම කර තිබු ගොඩනැගිල්ල කුරුණෑගල නගරාධිපතිවරයා විසින් ඩෝසර් කිරීම නිවැරදි තීන්දුවක් බවත් එම ගොඩනැගිල්ලට කිසිදු

ඓතිහාසික වටිනාකමක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

“මේ කුරුණෑගල සිද්ධිය. මේ මෑත කාලයේ මේ මැතිවරණය අස්සේ සමාජ මාධ්‍ය තුළ. මං හිතන්නෙ මං කුරුණෑගල ගියා කීපවතාවක් ඕකෙන් පස්සෙත්. කුරුණෑගල නම් වැඩි කතිකාවතක් නෑ ඒ සම්බන්ධයෙන් අවංකවම.  කරපු වැඩේ හරි. හැබැයි කරපු විදිහ වැරදියි කියන එක මං පිළිගන්නවා. මොකද ඒක කඩන්න තිබිච්ච එකක්. ඒක පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන එකක් නෙවෙයි කියන එක අද පිළිඅරන් තියෙනවා.” 

කඩපු කෑල්ල හරි. කරපු විදිහ වැරදියි. ඕක ඔයිට වඩා වෙනස් විදියකට කරන්න තිබුණා, පුරාවිද්‍යා නිලධාරීනුත් කැඳවලා. පුරාවිද්‍යා එකටත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා, පසුගිය පාලනය යටතේ නිලධාරීන් බඳවාගෙන නෑ, ඒ නිසා නිලධාරීන් හිඟයකුත් තියෙනවා. මේ සිද්ධියෙදි ඒ නිලධාරීන් සහ දේශපාලනඥයින් කියන දෙගොල්ලොම මීට වඩා වගකීමෙන් කටයුතු කළා නම් හරි” යනුවෙනුයි ඔහු සඳහන් කළේය.

(උපුටා ගැනීම් - ලංකා සී නිව්ස්)

****************************************************************

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්