රාජ්‍ය සේවකයින්ගේ ජූලි මස වැටුප් ගෙවීම් සඳහා මුදල් ලබා ගැනීම වෙනුවෙන් ලංකා බැංකුවේ මහා භාණ්ඩාගාරයේ ලේකම් වරයාගේ නමින් පවත්වාගෙන යන අංක 2026450 දරන ගිණුමේ බැංකු අයිරාව රුපියල්

බිලියන 251 ක් හෙවත් රුපියල් කෝටි 25,100 ක් දක්වා ජූලි 30 වන දින වන විට ඉහළ නැග ඇත.

ආණ්ඩුව මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදය ලංකා බැංකුවේ එම ගිණුමේ අයිරාව එතරම් ඉහළ අගයක් ගැනීමට හේතු වී ඇත.

ලංකා බැංකුවේ අපගේ ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ, එම ගිණුමේ බැංකු අයිරාව සාමාන්‍යයෙන් රුපියල් බිලියන 50 ත් 60 ත් අතර අගයක පවතින බවයි.

ගුරු සේවයට වැටුප් ගෙවමින් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම් සෑම මසකම 20 වන දිනෙන් ආරම්භ වන අතර ත්‍රිවිධ හමුදා, පොලිසිය හා අනෙකුත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම් ඉන්පසු දින කිහිපය තුලදී සිදුවේ.

ලංකා බැංකුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ, අගෝස්තු 10 වන දායින් ඇරඹෙන විශ්‍රාම වැටුප් ගෙවීමත් සමග මෙම බැංකු අයිරාව තවත් ඉහළ යා හැකි බවයි.


S.R. Attygalle DSC 38711                         ප්‍රමාණවත් ආදායම් තත්ත්වයක් නොමැති නිසා භාණ්ඩාගාර ලේකම් තිගැස්මක 

 ප්‍රමාණවත් ආදායම් තත්ත්වයක් නොමැති නිසා රාජ්‍ය සේවකයින්ගේ ජූලි මස වැටුප් ගෙවන්නේ කෙසේද යන්න පිළිබඳව භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු ඉහල නිලධාරීන් මෙම වැටුප් ගෙවීමට පෙර සතිවල දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත්, අවසානයේ බැංකුව මගින් වැටුප් ගෙවීම්ට තීරණය කළ බවත් භාණ්ඩාගාර ආරංචි මාර්ග පවසයි.


(අනිද්දා - ලසන්ත රුහුණගේ)


සබැඳි පුවත් :

රජයේ ණය බිලියන 14,000 ඉක්මවයි. මාස 04ක දී බිලියන 993කින් ඉහළට

රාජ්‍ය ආදායම පල්ලම් බසී ! - භාණ්ඩාගාරය හා මහ බැංකුව එළිපිට ගැටෙති !!

මහ බැංකුව හා භාණ්ඩාගාර ලේකම් අතර ගැටුම් : ඉවත් කරන්නැයි බලපෑම් !

තැන්පතු පොළී අනුපාත අඩු කිරීමෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අනාතයි!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්