leader s

සමාජ මාධ්‍යවලින් බරපතල ලෙස වාරණයන්ට ගොදුරු වන ෆැකල්ටි ඔෆ් සෙක්ස් වෙබ් අඩවිය සහ එයින් නිර්මාණය කරන ලිංගිකත්වය සහ සම්බන්ධ ප්‍රවාද ඒ සඳහා උනන්දුවක් දක්වන අය අතර බෙදාහදා ගැනීමේ අරමුණින් ෆැකල්ටි ඔෆ් සෙක්ස් වට්ස්ඇප් ගෲපයක් ආරම්භ කර ඇත.


ආශාව, ලිංගිකත්වය සහ ශෘංගාරය විෂයක් ලෙස විවෘතව, අගතීන්ගෙන් තොරව සාකච්ඡාවට ගැනීම මෙහි අරමුණයි. විශේෂයෙන්ම ලිංගිකත්වය ප්‍රධාන දේශපාලන බෙදීම බවට පත්වුනු මේ යුගයේ ඒ පිළිබද සාකච්ඡාව අතිශය දේශපාලනික එකක් වනු ඇත. ජාතිවාදය, ආගම්වාදයට මෙන්ම ඒකාධිපතීත්වයට එරෙහිව ආදරය, ශෘංගාරය ප්‍රබලතම අභියෝගය වනු ඇත.

ශෘංගාරය සහ ලිංගිකත්වය යනු දේශපාලනය, සංස්කෘතිය මෙන්ම ආධ්‍යාත්මික කලාපයන්ද ආවරණය වන මිනිස් ආශාවේ ගැඹුරුතම මෙහෙයුමක් බව ගෲපය ආරම්භයේදී තබා ඇති සටහනකින් කියැවෙයි.

චින්තන ධර්මදාස තමන්ගේ ෆේස්බුක් පිටුවේ මේ ගැන සටහනක් තබා තිබුනේ මෙසේය.

‘ලිංගිකත්වය, ශෘංගාරය ගැන FOS කියවීම් එවෙලේම දැනගන්න, ඒවා සාකච්ඡා කරන්න, වාරණයක් නැති FOS වට්සැප්  ගෲප් එකට එකතු වෙන්න කැමති අය දුරකතන අංකය ඉන්බොක්ස් කරන්න. අවුරුදු 18 ට වැඩි, වයස තිබුනත් ළමා වැඩ නැති අය පමනක් එකතු වෙන්න.’

කැමති අයට තමන්ගේ දුරකථන අංකය මේ සබැඳියට එක් කිරීම හරහා සාමාජිකත්වය ලබා ගත හැකියි.

https://chat.whatsapp.com/GZDYoP8Gfh4Eoj2J2xlkGN

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්