leader s

තමාට පළමු වරට ලන්ඩනයේ සමරිසි සමාජ ශාලාවකට (Gay Club) යාමට ආරාධනා කලේ තමාගේ පෙම්වතිය බවත්,  කෙසේවුවද අනතුරුව ඇයටත් රහසින් තමා එම සමාජ ඇසුරට පත්වූ බවත් හිටපු

අමාත්‍ය මංගල සමරවීර පවසයි.

තම පෞද්ගලික ජිවිතයේ මෙතෙක් හෙළිදරව් නොකළ අතීත මතකයන් රැසක් අනාවරණය කරමින් මංගල, එබව සඳහන් කර ඇත්තේ ගැමුණු ජයන්ත වන්නිනායක ගේ "මතක පද - Mathaka Pada" වැඩසටහනට එක්වෙමිනි.

ඕනෑම වැඩිහිටියකුට තමා ඇසුරුකළ යුත්තේ කා සමග ද ජීවිතය ගත කළ යුත්තේ කා සමග ද යන්න තීන්දු කිරීමේ අයිතිය තිබිය යුතු බවද ඔහු කියා සිටියි.

මෙම වැඩසටහනට අදාලව මංගල තමන් වඩාත් කැමති ගීත 10 තෝරාගෙන ඇති අතර ඉන් 05 ඊයේ (අගෝස්තු 15) සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණ.

ඉතිරි ගීත 05 ( Episode 02) ලබන 29 වන සෙනසුරාදා සමාජ මාධ්‍යය වෙත මුදාහැරීමට කටයුතු යොදා ඇත.

මංගල සමරවීර- "Mathaka Pada මතක පද" පළමු වැඩසටහනේ ( Episode 01) ගීත 05 සමඟ සම්පුර්ණ වැඩසටහන මෙන්න 

Mathaka Pada Mangala Samaraweera Episode 01 (Full) from Oneninayake on Vimeo.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්