leader s

වෙබ් මාධ්‍යවේදියෙකු වන ඩෙස්මන් චතුරංග ද අල්විස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක් හටගෙන

ඇත. 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (31) පස්වරුවේ ඩෙස්මන් චතුරංග ද අල්විස් අත්අඩංගුවට ගනු ලැබුවේ බොරලැස්ගමුවේ ඔහු පදිංචිව සිටි නිවසේදීය.

ඔහුට අයත් පරිගණක යන්ත්‍ර හා ජංගම දුරකතනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, මාධ්‍යවේදී චතුරංග විසින් පවත්වාගෙන ගිය වෙබ් අඩවියක පලවී ඇති පුවතක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් සඳහා ය. 

කෙසේවුවද ඔහුව අත්අඩංගුවට ගැනීම දැඩි ලෙස හෙලා දකිමින් අදහස් දක්වා ඇති ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවා පවසන්නේ,  අදාල පුවත් වාර්තාව සම්බන්ධයෙන් කිසිඳු ලෙසකින් එකඟ විය නොහැකි බවයි. 

එය පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකාර නිතීඥ හිජාස්ට ඇප ලබාදීමට එරෙහිව මුළුමනින්ම ජාතිවාදී පදනමින් පළකර පුවතක් බවටද ඇතැමුන් චෝදනා කරති. 

මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ සටහන් කර තිබේ. 

ප්‍රවේශමෙන් ! හිතකර නොවන ප්‍රවණතාවයක් !! 

Uvindu K31''හිතන්න අමරුයි අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණකරන වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංගට ඇපවත් ලැබෙයි කියල. 

ඒ පුවත බැලූ බැල්මටම මඩ තලියක්වගේ. අනික හරිම කුපාඩි කතාවක්. 

ඒකෙ ලියල තියෙන්නෙ "''පාස්කු ප්‍රහාරයේ සැකකාර නිතීඥ හිජාස්ට ඇප ගන්න හොර පාරක් කපයි… ලක්‍ෂ 50කට අභියාචනාධිකරණයේ දොර ඇරෙද්දී විනිසුරුවරුන්ටත් සල්ලි…. ඇප දිම පසුපස බලවත් බළල් අතක්'' කියල කතාවක්.

 එයාට ඒකට කරුණු ඉදිරිපත් කරන්න බැරි උනොත් ඉවරයි. 


''මේ අය දන්නෙ නැහැ දකුණු ආසියාවෙ වර්ධනය වන මාධ්‍ය නිදහසට එතරම් හිතකර නොවන ප්‍රවණතාවය ගැනවත්. පලවෙනි වතාවට ට්වීට් එකකින් උසාවියට අපහාස උන කියල ඉන්දියාවෙ සුප්‍රීම් උසාවිය තීරණය කරා මේ ළඟදි. ''
මේ අය දන්නෙ නැහැ දකුණු ආසියාවෙ වර්ධනය වන මාධ්‍ය නිදහසට එතරම් හිතකර නොවන ප්‍රවණතාවය ගැනවත්. 

පලවෙනි වතාවට ට්වීට් එකකින් උසාවියට අපහාස උන කියල ඉන්දියාවෙ සුප්‍රීම් උසාවිය තීරණය කරා මේ ළඟදි. 

මේ තීන්දුව ලංකාවෙ උසාවිත් පාවිච්චි කරන්න - පූර්වාදර්ශයක් විදියට ගන්න තියෙන ඉඩ වැඩියි. භූශාන්ට එරෙහි අපහාස නඩුව ගැන  

ඔය ෆේස් බුක් එකේ බොරු අතාරින අයත් ඒක තාම තේරුම් අරන් නැහැ.''

කියවන්න මෙතනින්: 
 

Why The Indian Supreme Court’s Prashant Bhushan Contempt Ruling Is Important For Sri Lanka; A ‘Freezing’ Of Freedom Of Speech 


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්