ඊයේ රාත්‍රියේ (19) පැවති රයිගම් සම්මාන උළෙලේ ජාතික රුපවාහිනීය 2019 වර්ෂය සඳහා වසරේ සම්මානනීය නාලිකාව ලෙසත්, සිරස ටීවී සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙසත් පිදුම් ලැබිය.

16 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී 2019 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ලෙස නිව්ස්ෆස්ට් සම්මානයට පාත්‍ර විය.

වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් සම්මානය හිමි වූයේ ද සිරස TV නාලිකාවටයි. ඒ, එම අංශයේ වැඩිම සම්මාන සංඛ්‍යාව හිමිකර ගනිමිනි.

ජාතික රූපවාහිනිය අත්කර ගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් එවකට එම ආයතනයේ සභාපතිනිය ලෙස කටයුතුකල කලාශිල්පිනි ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර  ඇත.z p25 and they 02

''ඊයේ රාත්‍රියේ පැවති රයිගම් සම්මාන උළෙලේ ජාතික රුපවාහිනීය 2019 වර්ෂය සඳහා වසරේ සම්මානනීය නාලිකාව ලෙස පිදුම් ලැබීම පිලිබඳ නිහතමානීව සතුටට පත්වෙමි. රුපවාහිනියේ ප්‍රවීණ හා දක්‍ෂ සහෝදර කලාකරුවන් කිහිප දෙනෙක් මා අමතා ඔවුන්ගේ කෘතඥතාවය පිරිනැමීම පිළබඳ මාගේ හෘදයාoගම සතුට මෙයින් පිරිනමමි. 

බුදුන් දෙසු ආකාරයෙන් කොතරම් නින්දා, අපහාස, අහේතුක චෝදනා පැමිණියත් ඒ කිසිවකින් නොසැලී තම කාර්‍ය නිවැරදිව ඉටුකිරීමේ ශක්තිය මෙසේ ජය ගැන්වීම පිලිබඳ සොබා දහම් මෑණියන්ට මා ස්තුතිවන්ත වෙමි. 

ඒහා සමානව, මතුළ සැඟව ඉන්නා ශක්තිමත් ජීවියා හැමවිටම හඳුනාගත් හිතාදර මංගල සමරවීර මැතිතුමාට මාගේ ගෞරවය හා ආදරය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගනිමි. 

එසේම මේ මොහොතේ මෙවන් ජයග්‍රහණයකට මග පෑදු ජාතික රූපවාහිනියේ සහෝදර සේවකයින්ට හා  "වීරයා ගෙදර ඇවිත් " හා " සුදු ඇඳගෙන කළු ඇවිදින් " නිර්මාණයන් හී අධ්‍යක්‍ෂවරුන් ඇතුළු නිර්මාණශිල්පීන්ටත් මාගේ ප්‍රණාමය පුදකිරීමට අමතක නොකරමි. 


Kalu 2020.20එසේම මේ මොහොතේ මෙවන් ජයග්‍රහණයකට මග පෑදු ජාතික රූපවාහිනියේ සහෝදර සේවකයින්ට හා  "වීරයා ගෙදර ඇවිත් " හා " සුදු ඇඳගෙන කළු ඇවිදින් " නිර්මාණයන් හී අධ්‍යක්‍ෂවරුන් ඇතුළු නිර්මාණශිල්පීන්ටත් මාගේ ප්‍රණාමය පුදකිරීමට අමතක නොකරමි. 


අවසන් වශයෙන් රයිගම් උළෙලේ සoවිධායකයින් ඇතුළු බුද්ධදාස ගලප්පත්ති ප්‍රමුඛ හිතවත් විනිශ්චය මoඩලයටත් මාගේ ආචාරය මෙසේ පිරිනමන්නෙමි ! 

දුක්‌ දරා, කැපවීමෙන් හා  ඉවසීමෙන් වැපිරූ බීජ තුළින් උපන් රන් අස්වැන්න කවුරුන් කෙලෙස භුක්ති වින්දත්, ඒ දැක පහන් සිතින් සතුටුවිය හැකි මගේ සන්සුන් මනසටද කෘතඥ වීමට මම අමතක නොකරමි !
'''
රයිගම් ටෙලීස් 2019  Award Winners : ජනප්‍රිය සම්මාන

119647412 165449805128516 4281426190467048199 o                                                                       වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය තණමල්විල කොල්ලෙක් ITN

වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය තණමල්විල කොල්ලෙක් ITN
වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා රවීන් කණිෂ්ක
වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිළිය ශලනි තාරකා

රූපවාහිනී ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන:

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ආනන්ද කුමාර උන්නැහේ (විසන්) සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ශලනී තාරකා (කමනී) අ.ඩෝ - සිරස ටීවී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය ආනන්ද අබේනායක වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය සුදු ඇඳගෙන කළු ඇවිදින් - මංජුල කැකුලාවල / නඳුනි රොමරීනා / ධනුක කරුණාතිලක

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා රදික ගුණතිලක (දිනී) අ.ඩෝ - සිරස ටීවී

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය මිෂෙල් දිල්හාරා (අයෝමා) සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා කණිෂ්ක සේවියර් (නිරෝෂන්) වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය දිනූපා කෝදාගොඩ (විශාඛා) වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය නාමල් ජයසිංහ වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය අපරාරම්භය සන්තුස ලියනගේ - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යකෂණය ගයාන් ගණකධාර වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය මංජුල වෙඩිවර්ධන සතර අභින කඳුලු ජලාසේ... (දෙයියන්ගේ රටේ) - ITN

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා දුමාල් වර්ණකුලසූරිය අරුමැසි ආදරේ... (සක්කාරං) - සිරස ටීවී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව රයිනි චාරුකා මහ කතරක (ක්ලික්) - ස්වර්ණවාහිනී      Ajantha 20

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංගරචනය බුවනෙක රණවක රාවණ - ටීවී දෙරණ

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂණය අංජන අලහකෝන් සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රූපවාහිනිය   

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය සිසිකිරණ පරණවිතාන සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද පටිගත කිරීම එස්. රාජේන්ද්‍රන් වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය ජගත් වීරතුංග වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය

වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාලිකාව ජාතික රූපවාහිනිය

රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන:

119585563 2730171063918311 27422714422862256 o             වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල) සහන් තරුක උඩුව විදාන - ITN

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල) සහන් තරුක උඩුව විදාන - ITN

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා (සිංහල) චානු දිසානායක - සිරස ටීවී

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (දමිළ) Chandrika Arumugam - Vasantham TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක නිවේදිකා (ඉංග්‍රීසි) Azra Amani Assan - TV 1

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශය (සිංහල) සුදර්ශනී වාසනා ලක්මාලි - සිරස ටීවී

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශය (දමිළ) M. S. Irfan Mohammed - Vasantham TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (ඉංග්‍රීසි) Mahieash Johnney - TV Derena

වසරේ නිර්මාණාත්මකම රූපවාහිනී රියැලිටි වැඩසටහන

හෙට රට දිනේෂ් අම්බුලුගල - සිරස ටීවී

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය News First - සිරස ටීවී

Screen Shot 2020 09 20 at 4.50.39 PM                   වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය News First - සිරස ටීවී

වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය Illegal Immigration සිසිර කුමාර් ක්‍රිෂාන්ත්රාජ් - සිරස ටීවී

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන Acoustica Unlimited ජනජීව වේහැල්ල - ITN

වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඩකැවීම මහරජ කන්සා ස්වර්ණවාහිනී හඩකැවීම් ඒකකය - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන රවුම දිල්ශාන් ලන්ත්‍රා - සියත ටීවී

වසරේ විශිෂ්ටතම රූපවාහිනී කටිකා වැඩසටහන නාඩිය සී. හර්ශපීව අබේකෝන් - ස්වර්ණවාහිනී

විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන O-Kay Art Palette මෙලාන් සුගතදාස -ITN

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන දෙරණ Airtel Fastest Bowler රයන් උද්දික / පන්ම කුමාර කරුණාරත්න - ටීවී දෙරණ

වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන Knowledge First - Monday ජානක සුජීව ජයකොඩි - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන Know Your Rights ලක්‍ෂමන් මතුමගල / ඩෙනීශා හර්ෂනී විතාරණ - ITN

වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන කන්දකාඩු "මතට එරෙහිව” කේ. සී. සාරංග - ටීවී දෙරණ

සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව සිරස ටීවී

2019 වසරේ සමස්ත සම්මානනීය නාලිකාව ජාතික රූපවාහිනිය

ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන:

Screen Shot 2020 09 20 at 5.02.07 PM          පර්යේෂණාත්මක නිර්මාණ කාර්යය උදෙසා '(ටීවී දෙරණ)..

තිලක්ෂණී මධුවන්ති - පොර්කය (සිරස ටීවී)

සධක විතානවසම් - වැවක් වගේ කතක් (ජාතික රූපවාහිනිය)

මඩක දිපහන් - රාවණ තේමා ගීතය

පර්යේෂණාත්මක නිර්මාණ කාර්යය උදෙසා '(ටීවී දෙරණ)

නෙතලි නානායක්කාර - (මල්කාන්තිගේ මව)

වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස තෙවසරක් අඛණ්ඩව නිර්දේශවූ අද්විතීය රංගන කුසලතාවය උදෙසා විශේෂ ප්‍රණාම

ප්‍රවීන රංගවේදිනී හිමාලි සයුරංගි

ජූරියේ කුසලතා සහතික :

 

හිරුන්දි දෙව්සිලුනි (දියණිය) හුස්ම වැටෙන මල් - ITN

ජනූ දොලේවත්ත (කමනිගේ දෙවැනි පුතා) අ.ඩෝ - සිරස ටීවී

හේෂාල් නවීන් (චමත්) සෙල්ලම් කරතය (ඒකාංගික) - ජාතික රූපවාහිනිය

අකිඳු මේනුරි බණ්ඩාර (සුපුන්) වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය


ජූරියේ කුසලතා සම්මාන:

තිළිණ චාමර පෙරේරා
සංචාර with Rohan Direkz - සිරස ටීවි

දිලුක ප්‍රසාද් ගුණතිලක ටෙලි චිත්‍රපට නිර්මාණ ප්‍රවර්ධනය උදෙසා - ටීවී දෙරණ

ගීත් රත්නායක - (ඇමිඩා) අ.ඩෝ - සිරස ටීවී

විශේෂ ප්‍රණාම සම්මාන:


Manoje 2020.09.20
විශේෂ ප්‍රණාම සම්මාන 01 - විශාරද මනෝජ් පීරිස් මහතා

විශේෂ ප්‍රණාම සමාන 02 - ලියෝනි කොතලාවල මැතිනිය

ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය සුමිත්‍රා පීරිස් මැතිනිය

subscribeYT

නවතම පුවත්