leader s

ඊයේ (21) දින පැවති අමාත්‍යමණ්ඩල රැස්වීම සහ පක්ෂ නායක රැස්වීම් වලදී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඇමතිවරුන් විසින් ඉතා දැඩි ලෙස මතු කළ කරුණු පිළිබඳව නැවත සලකා බලා

20 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ විසින් උත්සාහයක් ගනිමින් සිටින බව 'ජාතික සංවිධාන' විසින් පවත්වාගෙන යන Lanka Lead News වෙබ් අඩවිය වාර්තා කරයි.

රට පුරා පැන නැගී ඇති විරෝධතාවයන්ට සංවේදී වෙමින් අවශ්‍ය සංශෝධන සිදු කළ යුතු බවට මහින්ද රාජපක්ෂ තීරණය කොට ඇති බව එම වෙබ් අඩවි පුවත් වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව විගණන කොමිසම නැවත පිහිටුවීම, රජයට අයත් සමාගම් විගණනය කිරීම, හදිසි පනත් සම්මත කිරීමේ ප්‍රතිපාදනය ඉවත් කිරීම යන කරුණු 03 පිළිබඳව දැනටමත් එකඟතාවයකට පැමිණ ඇත. 

නමුත් ද්විත්ව පුරවැසි ගැටළු මේවන තුරු විසඳී නැති බව බැසිල් විරෝධී එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වේ.

Screen Shot 2020 09 22 at 7.06.40 PM

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්