leader s

20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය පිළිබඳ නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට සංශෝධන 83 ක් ඉදිරිපත් කර ඇත.  

පිටු 67 ක සංශෝධනයට, තවත් සංශෝධන 83 ක් ඇතුළත් කිරීම ම මේ ලියවිල්ලේ දුර්වලතාව පෙන්වන්නකි.  

දැන් 20 වන සංශෝධනය වැරදි 83 ක් තියෙන, ‘පොඩි එකාගේ ලියුම‘ වගේ යැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි මෙසේ සඳහන් වේ.

ගැසට් මගින් ප්‍රකාශයට පත් කරපු ව්‍යවස්ථා සංශෝධනයට නීතිපවරයා විසින් යෝජනා කරන සංශෝධන කිසිම නෛතික බලපෑමක් නැත. එය සිදුවන්නටත් පුළුවන්. නොවෙන්නටත් පුළුවන්.

කමිටු අවස්ථාවේ සංශෝධන කියන්නේ ඇස්බැන්දුමක් බවත්, එය තවත් අවුල් ජාලාවකට හේතු වන බවත් අපගේ අතීත අත්දැකීමයි.  

20 උත්කෘෂ්ඨයට නංවමින් කථා කල ආණ්ඩුවම දැන්, එහි වරද 83 ක් ලැයිස්තු ගත කර තිබේ.  එය අතිශයින් දුර්වල ලියවිල්ලක් බව එයින්ම තහවුරු වේ.

රටේ මුලික නීතියේ පදනමට බලපෑම් කරන, ජනාධිපතිවරයාගේ බලය වැඩි කිරීම, තුලන හා සංවරණ ක්‍රියාවලිය, කොමිෂන් සභා කප්පාදු කිරිම වැනි කේෂ්ත්‍ර  වලට අදාළව 20 ට විරුද්ධව ප්‍රධාන යෝජනා 28 ක් තිබෙනවා.  

එයින් කිසිම යෝජනාවක් ආණ්ඩුව නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ සංශෝධන මගින් ඉටු වෙන්නේ නෑ.

එහි කුමන හෝ යහපතක් සිදුවන්නේ පාර්ලිමේන්තුව අවුරුද්දකින් විසිරුවා හැරීම වෙනුවට වසර 2  ½ කින් විසිරුවා හැරීමට යෝජනා කිරීම සහ ජනාධිපති, අගමැති කාර්යාල විගණනය කිරීමේ අවස්ථාව සැලසීම පමණයි.

''එහි කුමන හෝ යහපතක් සිදුවන්නේ පාර්ලිමේන්තුව අවුරුද්දකින් විසිරුවා හැරීම වෙනුවට වසර 2  ½ කින් විසිරුවා හැරීමට යෝජනා කිරීම සහ ජනාධිපති, අගමැති කාර්යාල විගණනය කිරීමේ අවස්ථාව සැලසීම පමණයි.''

20 සංශෝධනය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල යෝජනාවකි.  එහි ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් වත් සම්මත කර ගත නොහැකි බව, ආණ්ඩුවේම කණ්ඩායම් අවබෝධ කර ගෙන තිබේ. එබැවින්, මේ ආණ්ඩුවේ පාර්ශවකරුවන් 20 ට විරුද්ධව සිටිති. ''

20 වන ව්‍යවස්ථා සංශෝධනය අත්තනෝමතික යෝජනාවක් බවත්, එය සම්පූර්ණයෙන්ම අකුළා ගත යුතු බවක් කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්