20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය දීම සම්බන්ධයෙන් සලකා බලන බව සමස්ත ලංකා මහජන කෙංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් පවසයි.

 

කෙසේ නමුත් එම සංශෝධනයේ ඇතැම් කරුණුවලට එකග විය හැකි වුවද බහුතර කරුණුවලට එකග විය නොහැකි බවත් ඔහු සදහන් කලේය.

තම පක්‍ෂය ආණ්ඩුවට එක්වීමේ කිසිම සූදානමක් නැති බවත් කී ඔහු ආණ්ඩුවේ කිසිවෙකුත් මේ දක්වා තම පාර්ශවය සමගින් සාකච්චා කර නැති බවත් පැවසීය.

බැසිල් රාජපක්ෂගේ සමීපතම හිතවතකු ලෙස සැලකෙන ඔහු එබව කළේ, වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය, නව ශ්‍රවණාගාරය ඊයේ (01) ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

මෙම රජය සමග එකට එකතු වී කටයුතු කරනවාදැයි දෙමළෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට no comments යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේ ය.

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න ද එක්ව සිටියේය.

එම අවස්ථාවට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් එක්ව සිටීම සුවිශේෂ දේශපාලන කාරණයකි.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් තම පක්ෂයට ලබානොදීම හා එම පක්ෂයේ ඇතැම් නායකයින් විසින් ජාතිවාදී ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳව රිෂාඩ් බදියුදීන් බලවත්සේ කනස්සල්ලට පත්ව ඇතැයි පැවසෙන පසුබිමක පැවති මෙම හමුව විශේෂ එකක් බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ.

එමෙන්ම මෙම හමුව සිදුවන්නේ, ආණ්ඩුව 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති මේ මොහොතේ ඊට සහාය දැක්වීම සදහා විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් එක්වන බවට දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිරයන මොහොතකය.

එසේම, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගෙන මාස 5කට වැඩි කාලයක් තිස්සේ රඳවා ගෙන සිට පසුගියදා නිදොස් කොට නිදහස් කර ඇති තත්වයක් තුලය.

එවැනි වටපිටාවක් තුල මෙම උත්සවයට සහභාගී වීම සම්බන්ධයෙන් පැතිර යන කටකතා පිළිබඳව theleader.lk විමසීමේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පැවසුයේ, වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය, නව ශ්‍රවණාගාරය තමන් විසින් මුල්ගල් තබා ආරම්භකරන ලද ව්‍යාපෘතියක් බැවින් එය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවන ලෙස කළ ආරාධනය පිළිගත් බවයි.

ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් පැතිරයන කටකතා ඔහු ප්‍රතික්ෂේප කළේය.

ආරක්ෂක ලේකම්ගෙන් චරිත සහතිකයක් :

මෙම උත්සවයේ සභාව ඇමතු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් උතුරේ යුද්ධය පැවති අවස්ථාවේදී හා අනතුරුව සරණාගතයින් නැවත පදිංචි කිරීමේදී රිෂාඩ් බදියුදීන් ඇමතිවරයකු වශයෙන් ආරක්ෂක හමුදාවන්ට දුන් සහය සිහිපත් කළේ තම හමුදා ජිවිතයේ අද්දැකීම් ද සිහිපත් කරමිනි.

නැවත පදිංචි කිරීම් අමාත්‍යවරයා ලෙස එවකට සිටි, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ජාති, කුල, ආගම්, බේද නැතුව ජනතාවට සේවය කළ බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ආණ්ඩුකාරවරු වන අනුරාධා යහම්පත්, මහීපාල හේරත්, පී.එච්.එම්. චාර්ල්ස් යන මහත්ම මහත්මීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන කාදර් මස්තාන්, සෙල්වම් අඩ්ක්කලනාදන්, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 

සමාජ මාධ්‍යවලින් ඉහල ප්‍රතිචාරයක් !

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය, නව ශ්‍රවණාගාරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට රිෂාඩ් බදියුදීන් සහභාගී වීමත්, එහිදී ඔහුට ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවීමත් සමාජ මාධ්‍ය වල දැඩි කතාබහකට ලක්වෙමින් තිබේ.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති සංහිඳියා ක්ෂේත්‍රයේ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන Awkana Sanjeewa  මෙවැනි සටහනක් පළකර ඇත.

''ශ්‍රී ලංකාවේ ජාතිවාදය අවසන් වෙමින් තිබේ.

මගේ හිතේ තිබුණු ලොකු බරක් නිදහස් උනා..

ජාතිවාදය යනු බලය ලබා ගැනීම සඳහා පාරුවක් පමණි ...

පාරුව කරේ තබාගෙන යන ක්‍රමයක් නොමැත.

එයට ආරම්භක පියවර තැබූ අයම ජාතිවාදය අවසන් කිරීම ආඩම්බරයට කාරණයක්...

අන්න එහෙම ගොඩින් එන්න...''

 

ලස්සන Photo ඒකක්...

Himashi Post

RISHARD 3 1024x682

RISHARD 6 1024x682

RISHARD 7 1024x682

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්