leader s

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් සිදුකරන විමර්ශන හා පරීක්ෂණ සම්බන්ධයෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ යළිත්වරක් සැක මතු කර සිටිති.

අද (03) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පැවසුයේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් රඳවා ගෙන සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොයුරු රියාද් බදියුදීන් හිටි හැටියේ නිදහස් කර ඇති ආකාරය බලවත් සේ සැකකටයුතු බවයි.


කෙසේවුවද, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජාලිය සේනාරත්න මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින 168ක් පමණ රඳවා තබාගනු ලැබූ රියාද් බදියුදීන් මුදාහැරුණේ ඔහුට එරෙහිව සාක්ෂි නොමැති නිසා බවයි.

රිෂාද් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ අප්‍රේල් 14 වනදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුව පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

රියාද් බදියුදීන් එක් බෝම්බකරුවෙකු සමඟ සෘජු සබඳතා පවත්වා තිබූ බවටත්, එක් බොම්බකරුවෙකු සමඟ බෝම්බ පිපිරීමට ආසන්න කාලයේ දී එක්තරා ප්‍රසිද්ධ හෝටලයක එකට සිට සාකච්ඡා කර ඇති බවත්, ඔහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිසිය පැවසීය.

එසේම විශේෂ සුභසාධන සමිති සමාගම් ඇති කර බෝම්බකරුවන් සමඟ ඒ සමාගම්වල එකට නිලතල දරමින් කටයුතු කර ඇති බවටත්, එම සමාගම්වලට බෝම්බකරුවන් මුදල් ආයෝජනය කර ඇති බවත් රියාද් බදියුදීන් ට එරෙහිව චෝදනා එල්ල වුණි.

රියාද් අත්අඩංගුවට ගනු ලැබූ දිනට පසුදින එනම් ඉකුත් අප්‍රේල් 15 වැනිදා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්, රියාද් බදියුදීන් බෝම්බ කරුවෙකු සමග සෘජුව සම්බන්ධතා පවත්වා ඇති බවත් හෝටලයක සාකච්ඡා පවත්වා ඇති බවත් පැවසු ජාලිය සේනාරත්න ඊයේ මෙසේ පැවසීය.


  
 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රියාද් බදියුදීන් සමග ම අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාස ගණනාවක් රඳවා ගෙන සිටි සැකකරුවන් හත්දෙනා (07) ගෙන් මේවනවිට සිව්දෙනෙකු නිදහස් කර ඇති අතර ඒ කිසිවකු හෝ කිසිඳු විටෙක අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබිණ. 

මිට ඉහත මෙම සිද්ධියට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මාස ගණනකට පසු නිදහස් කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය අධිකරණයේ විවේචනයට ලක්ව තිබිණ.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්