leader s

කොරෝනා වසංගතයේ විනාශකාරී බලපෑමෙන් ඇති වු ආර්ථික අවපාතය දකුනු ආසියානු කලාපයේ කම්කරුවන්ට පීඩාකාරී වන බව ලෝක බැකුව විසින් නිකුත් කර තිබෙන නවතම වාර්තාවකින් හෙළි කර   තිබේ.


ඒ අතරින්ද වැඩිම පීඩාවට පත්වනු ඇත්තේ අවිධිමත් ක්ෂේත්‍රවල කම්කරුවන්ය.

 ලෝක බැකුව විසින් ඔක්තෝබර් 8 වැනිදා යාවත්කාලීන කරන ලද අර්ධ වාර්ෂික කලාපීය වාර්තාවෙන් අනතුරු අඟවා ඇත්තේ මේ විපත්තියේ දී තමන් දැරිය යුතුව තිබෙන ප්‍රමාණයට වඩා විශාල බරකට කර ගැසීමට අවිධිමත් අංශ වල සේවකයන්ට සිදු වන බවයි.

 වසංගතය හේතුවෙන් දශලක්ෂ සංඛ්‍යාත දකුණු ආසියානුවන් අන්ත දුගීභාවය ඇද වැටෙනු ඇති බවත් එම වාර්තාව පෙන්වා දී ඇත.


වසංගතය හේතුවෙන් දශලක්ෂ සංඛ්‍යාත දකුණු ආසියානුවන් අන්ත දුගීභාවය ඇද වැටෙනු ඇති බවත් ලෝක බැකුව විසින් නිකුත් කර තිබෙන නවතම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

දකුණු ආසියාවේ ආර්ථික ඉලක්කය බිදවැට්ටුවාද? බිද වැටුනාද? යි ප්‍රශ්න කරන ලෝක බැංකු කලාපීය වාර්තාව, කලාපය හරහා පැතිරයන ආර්ථික පසුබැස්ම බලාපොරොත්තු වූවාට වඩා තියුණු වනු ඇති බවට පුරෝකථනය  කර තිබේ.

 ඒ අනුව ගතවූ වසර පහේ දී 6% ක් ව පැවැති දකුණු ආසියානු කලාපයේ වාර්ෂික වර්ධනය 2020 දී 7.7 කින් පසුබසිනු ඇති බව වාර්තාව පෙන්වා දී ඇත.

 එහි දී 2020 මාර්තු මාසයෙන් ඇරඹෙන මුදල් වර්ෂය තුළදී කලාපයේ විශාලතම ආර්ථිකය වන ඉංදියාවේ ආර්ථිකය 9.6 ක පසුබැස්මකට ලක් වනු ඇතැයි ද පෙන්වා දෙන වාර්තාව වැඩි දුරටත් පුරෝකථනය කර ඇත්තේ 2021 දී කලාපීය ආර්ථික වර්ධනය නැවත 4.5% දක්වා ඉදිරියට පැමිණෙනු ඇති බවටයි.

අපේක්ෂිත ආර්ථික නැග්ම නොපිරිමැසෙනු ඇත.

කෙසේ නමුත් ජනගහන වර්ධනය සළකා බලන කල, කලාපයේ ඒක පුද්ගල ආදායම 2019 තක්සේරුවලට වඩා 6% ක් පහලින් පවතිනු ඇති බවත්, එයින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර වසංගතය හේතුවෙන් ආර්ථිකයේ ඇති වූ කල් පවත්නා හානිය සමනය කිරීමට අපේක්ෂිත ආර්ථික නැග්ම නොපිරිමැසෙනු ඇති බවත් වාර්තාව පවසයි.

 මින් පෙර පැවැති ආර්ථික පසුබැසීම් වලදී ආයෝජන හා අපනයන පහත වැටීම, ආර්ථිකය පිරිහීම් කරා නැඹුරු කළේය.

 මේ වතාවේ එයට වෙනස්ව, සම්ප්‍රදායිකව ගත් කළ  දකුණු ආසියාවේ ඉල්ලුමේ කොදු නාරටිය සහ ආර්ථික සුබසාධනයේ මූලික දර්ශකයක් වන පුද්ගලික පාරිභෝජනය 10% කටත් වඩා වැඩියෙන් හීන වීම, දුගී භාවයේ රේට්ටු තව තවත් ඉහල යෑමට හේතු වූ බව ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික කලාපීය වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

 එමෙන්ම විදෙස් සංක්‍රාම, නැතහොත්  විදේශ වල සිට රට තුළට එවන මුදල් ප්‍රමාණයේ පහත වැටීමත්, සමහර රටවල අන්ත දුගී ජනතාවගේ ජීවන රටාවන් අහිමිවී යෑම වේගවත් කිරීමට හේතුවනු ඇතැයි අපේක්ෂිත බවත් වාර්තාව සදහන් කරයි.

''එමෙන්ම විදෙස් සංක්‍රාම, නැතහොත්  විදේශ වල සිට රට තුළට එවන මුදල් ප්‍රමාණයේ පහත වැටීමත්, සමහර රටවල අන්ත දුගී ජනතාවගේ ජීවන රටාවන් අහිමිවී යෑම වේගවත් කිරීමට හේතුවනු ඇතැයි අපේක්ෂිත බවත් වාර්තාව සදහන් කරයි.''
"කෝවිඩ් 19 අතරතුරේ දකුණු ආසියානු ආර්ථිකයන්ගේ බිදවැටීම, ඒ පිළිබද පූර්වාපේක්ෂාවන්ට වැඩියෙන් සාහසික වී ඇති අතර, හදිසි රැකියා අහිමිවීම් හා ආදායම් නැතිවීයෑම් නිසා පීඩාවට පත් කුඩා ව්‍යාපාරිකයන්ට හා අවිධිමත් අංශවල කම්කරුවන්ට සියල්ලටම වඩා නරක තත්වයක් ඇති විය,"  යි ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ෂැෆර් (Hartwig Schafer) පවසා තිබේ.


Hartwig Schafe ඔහු පෙන්වා දෙන පරිදි කඩිනමින් සහන සැපයීම මගින් වසංගතයේ බලපෑම උදාසීන කර තිබෙන නමුත් ආණ්ඩු විසින් ඔවුන්ගේ අවිධිමත් අංශ වල ගැඹුරට විහිදී ඇති අවදානම් සහගත තත්වයන්ට දැනෙනසුලු  ප්‍රතිපත්ති තුළින් විසදුම් සැපයිය යුතු අතර‍, ඔවුන්ගේ විරල සම්පත් බුද්ධිමත්ව ඒ සඳහා වෙන් කළ යුතුයි.

Taxi2020.10.10''දකුණු ආසියාවේ කම්කරුවන්ගෙන් හතරෙන් තුනක් ම යැපෙන්නේ විශේෂයෙන් සීමා කිරීම් මගින් වැඩියෙන්ම බලපෑමට ලක් වූ අංශ වන සංචාරක පහසුකම් සැලසීම, සිල්ලර වෙළදාම හා ප්‍රවාහනය ඇතුළු අවිධිමත් වෘත්තීන් හි යෙදීමෙනි.''

ලෝක බැංකුව පෙන්වා දෙන පරිදි දකුණු ආසියාවේ කම්කරුවන්ගෙන් හතරෙන් තුනක් ම යැපෙන්නේ විශේෂයෙන් සීමා කිරීම් මගින් වැඩියෙන්ම බලපෑමට ලක් වූ අංශ වන සංචාරක පහසුකම් සැලසීම, සිල්ලර වෙළදාම හා ප්‍රවාහනය ඇතුළු අවිධිමත් වෘත්තීන් හි යෙදීමෙනි.

 වාර්තාව තවදුරටත් අනතුරු අගවන්නේ අවිධිමත් කම්කරුවන් හා ආයතන සතුව කෝවිඩ් 19 යේ අනපේක්ෂිත දැවැන්ත කම්පනයන් ට මුහුණ දීමට ඇති හැකියාව ඉතා අඩු බවයි.

දුප්පත් ජනතාව ඉහළ  යන ආහාර මිලට මුහුණ දෙමින් දරුණු ලෙස පීඩාවට පත්වන අතරේ, කෝවිඩ් 19 විසින් තමන්ගේ ආදායම් වල තියුණු පහල වැටීම් වලට ලක්ව සිටි ආදායම් බෙදී යෑම මධ්‍යයේ සිටින බොහොමයක් අවිධිමත් කම්කරුවන්ට තවත් පහරක් එල්ල කර තිබේ. 

රිදී රේඛාවක්:

Hans Timmer"කෝවිඩ් 19 ඉදිරි වසර ගණනාවකට දකුණු ආසියාව ගැඹුරු පරිවර්තනයකට භාජනය කරනු ඇති අතර, එහි ආර්ථිකයන්හි කල්පවත්නා කැලැල් ඉතිරි කරනු ඇත,” යි ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන අර්ථ ශාස්ත්‍රඥ හාන්ස් ටිමර් (Hans Timmer) පවසා තිබේ.

“නමුත් පහසුවෙන් යලි ප්‍රකෘතිමත් වීම දෙසට ඇදෙන රිදී රේඛාවක් ද ඇත්තේ ය. ගෝලීය ආර්ථිකය වඩ වඩාත් ඩිජිටල්කරණය වීමත් සමඟ වැඩි ඉල්ලුමක් ඇති වීමට ඉඩ ඇති තාක්ෂණික සේවා සහ විශේෂිත සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ඇති සාපේක්ෂ වාසිය හේතුවෙන්, ගෝලීය වටිනාකම් දාමයේ දකුණු ආසියාතික අනාගත සහභාගීත්වය වැඩි දියුණු කිරීමට දායක වන නවෝත්පාදනයන් මෙම වසංගතය මඟින් ඇති කළ හැකිය"  

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්