leader s

විදේශ මුදල් හුවමාරු පරීක්ෂණවලදී පොලිස් වාර්තා සහ මුල් චෝදනා අතර බරපතල පරස්පරතා මතුවේ.


නීත්‍යානුකූල බැංකු පද්ධතිය හරහා සිදුවූ ගනුදෙනු පිළිබඳව පරිපූර්ණ විමර්ශනයක් ඉල්ලා සැකකරුගේ නීතිඥවරුන් නීතිපතිවරයාට ලියයි



භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්‍යාජ සමාගම් 36ක් පිහිටවූ මහා ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ජෙෆ්රි මොහොමඩ්  සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විදේශ මුදල් හුවමාරු පරීක්ෂණය නව දිශාවකට යොමුව තිබේ. ඒ, මුදල් විශුද්ධිකරණ චෝදනා ගොඩනැගීමට පෙර ශ්‍රී ලංකා රේගුවේ ක්‍රියා පටිපාටි සහ ආදායම් තක්සේරු කිරීම් නිසි ලෙස විමර්ශනය කර තිබේද යන්න ගැටළුවක් මතුවී ඇති බැවිනි.

කොළඹ 11, බැංකු වීදියේ 'A Y Investments Impex' ආයතනයේ ජිෆ්රි මොහොමඩ් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරුන් වන එම්.එම්. සුහෛර් සහ ප්‍රියන්ත නාවන මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ පොලිස් පරීක්ෂණවල පවතින මෙම තීරණාත්මක පරස්පරතාව පිළිබඳව මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට (FCID) නිසි මඟපෙන්වීම් ලබාදෙන ලෙසයි.

භාණ්ඩ පැමිණීම සහ පොලිස් වාර්තා අතර පරස්පරය

මූලිකවම පොලිසිය විසින් චෝදනා කර තිබුණේ බැංකු හරහා මුදල් යවා ගෙන්වන ලද බවට සඳහන් වන භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති බවයි. එහෙත්, මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අගෝස්තු 20 දිනැති වාර්තාවේ 9 වැනි වගන්තිය මඟින් එම භාණ්ඩ මෙරටට පැමිණ ශ්‍රී ලංකා රේගුව හරහා නිදහස් කරගෙන ඇති බව සඳහන් වන බව නීතිඥවරු පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත, අදාළ මුදල් හුවමාරුවෙන් පසු භාණ්ඩවලට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීම විමර්ශන අංශවල වගකීමක් බව ඔවුන්ගේ තර්කයයි. භාණ්ඩ මෙරටට පැමිණ රේගු නිෂ්කාශනය කර ඇත්නම්, ඊට අදාළ ආනයනකරුවන්, අපනයනකරුවන්, නැව්ගත කිරීමේ ලේඛන, රේගු ප්‍රකාශන, වටිනාකම් වාර්තා සහ බදු ගෙවීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු විය යුතුය.  

රේගු බදු අඩුවෙන් අයවීම හා රාජ්‍ය ආදායම් ගැටළුව

රේගුවේදී භාණ්ඩවල වටිනාකම අඩුවෙන් පෙන්වා (Undervaluation) නිදහස් කරගෙන ඇති බවට පොලිසිය ගොඩනඟන චෝදනාව සම්බන්ධයෙන්ද ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බව නීතිඥවරු අවධාරණය කරති. මෙහිදී රේගුව විසින් එවැනි අඩු තක්සේරු කිරීම් පිළිගෙන රේගු බදු, වැට් (VAT) බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සහ අනෙකුත් අදාළ බදු මුදල් අඩුවෙන් අය කර ගත්තේද යන්න මෙහිදී අනාවරණය කරගත යුතුව ඇත.  

එමඟින් රජයට ලැබිය යුතු නියමිත බදු ආදායම අහිමි වී ඇද්ද සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු බදු මුදල් රජයේ භාණ්ඩාගාරයට එකතු වීම වැළැක්වී ඇද්ද යන්න දැඩි ලෙස සෙවිය යුතු කරුණකි.

බැංකු පද්ධතිය සහ නීත්‍යානුකූල අත්තිකාරම් ගෙවීම්

විදේශීය අපනයනකරුවන් වෙත සිදුකරන ලද අත්තිකාරම් ගෙවීම් මුල සිටම සැක සහිත ඒවා ලෙස සැලකීම අභියෝගයට ලක් කරමින් නීතිඥවරු පෙන්වා දෙන්නේ, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද 2011 අංක 1 දරන විශේෂ ආනයන බලපත්‍ර සහ ගෙවීම් රෙගුලාසි මඟින් බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා මෙම ගෙවීම් සිදුකිරීමට නීත්‍යානුකූල අවකාශය සලසා දී තිබූ බවයි.

මෙම සියලු ගනුදෙනු ලියාපදිංචි වාණිජ බැංකු 13 ක් ඇතුළුව අනුමත බැංකු හරහා, ශ්‍රී ලංකා මහ බැංකුවේ දැඩි නියාමනය යටතේ සිදුවී ඇති බැවින්, අරමුදල්වල මූලාශ්‍රය, ආනයනකරුවන් සහ විදේශීය අපනයනකරුවන් පිළිබඳ පුළුල් පරීක්ෂණයකින් තොරව ගනුදෙනුවල නීත්‍යානුකූලභාවය තීරණය කළ නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි.  

රඳවා තබා ගැනීමේ නියෝග යටතේ රඳවා සිටින තම සේවාදායකයා වන ජිෆ්රි මොහොමඩ් ට ඇප ලබාදීම මඟින්, ඔහුට පරීක්ෂණ සඳහා වඩාත් සක්‍රීයව සහයෝගය දැක්වීමට අවස්ථාව ලැබෙනු ඇති බවද නීතිඥවරුන් නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

මේ අතර භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් මෙරටින් විශාල වශයෙන් විදේශ විනිමය බැහැර කළ බව කියන සිද්ධියට අදාළ නඩුව ඊයේ කැඳවනු ලැබිය. එහිදී  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ප්‍රධාන පෙළේ පුද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම, සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ව්‍යාපාරික ජෙෆ්රි මොහොමඩ් සහ තවත් සැකකරුවකු ලබන ඔක්තෝබර් 01 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.  

වැඩිදුර කියවීම සඳහා මූලාශ්‍රය:

ලංකා නිව්ස් වාර්තාව | Advance Payments, Undervaluation Claims Put Customs Under Scrutiny


සබැඳි පුවතක් :

රුපියල් බිලියන ගණනක ඩොලර් ජාවාරම: බැංකු නිලධාරීන්ට ඇප; ප්‍රධාන සැකකරු යළි රිමාන්ඩ්

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්