leader s

 එම්.සී.සී. ගිවිසුම තම රජය කිසිසේත් අත්සන් තබන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 'අවධාරණය කර සිටියි.
ඔහු එබව සඳහන් කර ඇත්තේ ව්‍යාපාරික දිලිත් ජයවීර විසින් ප්‍රකාශයට පත්කරන 'සති අග අරුණ' පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමිනි.
 
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමක්වත් සිදු නොවූ බව එම පුවත්පතට පවසා ඇති ජනාධිපතිවරයා, තවදුරටත් කෙසේද කියා ඇත.
 
''හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගැලරිය පිනවන්න එම්.සී.සී ගිවිසුමක් අත්සන් කළොත් අරක කරනවා, මේක කරනවා කියලා සමහරු කතා කරනවා. ඒ කියන අය දන්නවා අපි එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. ඒ නිසා බය නැතිව කියනවා එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වාගේ කතා. මේවා ගැලරිය පිනවන්න කියන කතා.''
 
 
''හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගැලරිය පිනවන්න එම්.සී.සී ගිවිසුමක් අත්සන් කළොත් අරක කරනවා, මේක කරනවා කියලා සමහරු කතා කරනවා. ඒ කියන අය දන්නවා අපි එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. ඒ නිසා බය නැතිව කියනවා එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වාගේ කතා. මේවා ගැලරිය පිනවන්න කියන කතා.''
 
එසේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡා ඉතාම සුහදශීලීව පැවති බවද මතභේදාත්මක කිසිවක් එහි සිදු නොවූ බවද ජනාධිපතිවරයා පැවසු බව 'අරුණ' පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
මීට පෙර ලංකාවට ආ රාජ්‍ය දූත පිරිස් කොන්දේසි පනවමින් මතභේදාත්මක කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා කළ ද මෙම ලේකම්වරයා ඒ සියලු දෙනාට වඩා සුහදශීලී ආකල්පයකින් යුතුව කටයුතු කළ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
 
 'ගැලරි කතා' කියපු ආණ්ඩුවේ කෙනා කව්ද ?
 
ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේදී  ඔක්තෝම්බර් 29දා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී අමාත්‍ය විමල් වීරවංශ පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ ආණ්ඩුවකින් එම්.සී.සී ගිවිසුම අත්සන් නොකරන බවත්, එම්.සී.සී ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක් තමා විසින් නියෝජනය නොකරන බවත් ය. 
 
මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර 'අරුණ' පුවත්පතට ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇත්තේ, MMC අත්සන් කිරීම හෝ නොකිරීම ශ්‍රී ලංකා  රජයේ තීරණයක් බවත් ඊට කිසිඳු අකාරයකින් බලපෑම් නොකරන බව ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ස්ටෙප්ලිට්ස් තමාට පැවසු බවත් ය.
 
''අපේ රජය එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවාද නැද්ද කියලා තවම තීරණයක් නැහැ. මම කුමන අවස්ථාවකදීවත් එම්.සී.සී. ගිවිසුම විවේචනය කර හෝ ඒක හොඳයි කියලා හෝ නැහැ. එම්.සී.සී. ගිවිසුම තවම කිසිවකු විසින් විධිමත්ව හා පුළුල්ව අධ්‍යයනය කරලා නෑ.
 
මම අවස්ථා පහකදී පමණ මෙරට ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ස්ටෙප්ලිට්ස් සමග සාකච්ඡා කළා. ඒ හැම වෙලාවෙම ඇය ප්‍රකාශ කළේ එම්.සී.සී. ගිවිසුම ලබාදෙන ප්‍රදානයන් ලබා ගැනීම හෝ නොගැනීම ශ්‍රී ලංකා රජයේ තීරණයක් කියායි. එම මුදල් ලබා ගන්නට කියා එක්සත් ජනපදය කිසිදු අවස්ථාවක අපිට බලපෑම් කර නැහැ.'' යයි තානාපතිය අවධාරණය කර සිටි බවද අමාත්‍ය අමරවීර සඳහන් කර ඇත.
 
දේශපාලන විශේලේෂක උපුල් ජෝශප් ප්‍රනාන්දු කියන කතාව :
 
 
කෙසේවුවද දේශපාලන විශේලේෂක උපුල් ජෝශප් ප්‍රනාන්දු මෙවර සති අන්තයේ 'මව්රට' පුවත්පතේ 'ගුරුදා විග්‍රහයේ' සඳහන් කර ඇත්තේ, ''පොම්පියෝ ලංකාවට ඇවිත් කිසිදු ගිවිසුමක් අස්සන් කළේ නැතැයි විමල්ලා, උදයලා පොම්පියෝ ගියාට පසු ඇඳවල් යටින් එළියට ඇවිත් උජාරු කතා කීවාට පොම්පියෝ ගිවිසුම් අස්සන් කළේ ලංකාවේ නොව ඉන්දියාවේ'' බවයි.
 
එහි මෙසේද සඳහන් වේ. 
 
''පොම්පියෝ ආවේ මහාචාර්ය නලින් සිල්වා කියන විදියට ගුවන් තොටුපොළේදී විදේශ ඇමැති දිනේෂ් පිළිගන්න එයි කියල හිතාගෙන නොවේ. 
 
ගෝඨාගේ ආණ්ඩුව රාත්‍රි භෝජන සංග්‍රහ දෙයි කියල හිතාගෙන නොවේ.  ඔහු ආවේ 1987 රජීව් ගාන්ධි ලංකාවට ආවා වගේය. 
 
ඒක හරියට මනාලයයි – මනාලියයි විවාහ වුණාම මනාලයා මනාලියගේ නෑදෑ ගෙදරට ගොස් අපිත් දැන් නෑදෑයෝ කියන්නා වගේය.''
 
 
සම්පුර්ණ ලිපිය කියවන්න :
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්