මෙරට බන්ධනාගාර තුළ කොරෝනා වසංගත පොකුරු  බිහිවීමේ අවදානමක්

මතුවීමත් සමග බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැඟ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඊයේ රාත්‍රීය වනවිට බන්ධනාගාර ආශ්‍රීත කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයන් ගණන 153 ක් දක්වා ඉහළ ගොස් ඇත. බන්ධනාගාර 7 ක රැඳවියන් 148 දෙනකු සහ  නිලධාරීන් 5 දෙනකු ඊට අයත්ය.

ඊයේ රාත්‍රීය වනවිට බන්ධනාගාර ආශ්‍රීත කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයන් ගණන 153 ක් දක්වා ඉහළ ගොස් ඇත. බන්ධනාගාර 7 ක රැඳවියන් 148 දෙනකු සහ  නිලධාරීන් 5 දෙනකු ඊට අයත්ය.

සමස්ත  ආසාදිතයන් අතුරින් 99 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වී ඇති අතර සෙසු පිරිස වාර්තා වී ඇත්තේ බෝගම්බර පැරණි බන්ධනාගාරයෙනි.

පළාත්බද වාර්තාකරුවන් පවසන්නේ බෝගම්බර බන්ධනාගාරයේ සියලු රැඳවියන්ට PCR පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලමින් නොවැම්බර් 12 බ්‍රහස්පතින්දා  විරෝධතාවයක් ආරම්භ කර ඇති බවයි.

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන්ගේ විරෝධතාවය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මාධ්‍යවේදීන් සමග කියා ඇත්තේ, බන්ධනාගාර රැදවියන්ගේ PCR  පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර තිබියදීත් ඔවුන් විරෝධතාවයක් ආරම්භ කර ඇති බවයි.

මේ වන විට එම බන්ධනාගාරයේ රැඳවියන්ට දෛනිකව PCR පරීක්ෂණ 100 ත් 150 ත් අතර සංඛ්‍යාවක් සිදු කරන බව ඔහු වැඩි දුරටත් මාධ්‍යවේදීන් හා කියා තිබේ.

 

රජයේ අවධානය:

මේ අතර කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා රිමාන්ඩ්  බන්ධනාගාරවල තදබදය අඩු කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබේ.

දැනට රිමාන්ඩ්  බන්ධනාගාර ගතව සිටින ඇප ලබාදිය හැකි සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසත්, අනෙක් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසත්, නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස්  දී ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුනි.

''දැනට රිමාන්ඩ්  බන්ධනාගාර ගතව සිටින ඇප ලබාදිය හැකි සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසත්, අනෙක් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසත්, නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස්  දී ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුනි.''

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත තත්වය වාර්තා වු ආරම්භක සමයේම එය බන්ධනාගාරතුලට පැතිර යාමේ අවදානම සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර තිබුනි.

Senaka Sudesh 2මේ වන විට ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මාධ්‍යවේදීන් හා කියා ඇත්තේ බන්ධනාගාර තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාර්තු 16 වනදා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා මාලාව මීට ඉහතදී  ක්‍රියාත්මක කර තිබුනේ නම් මතුව ඇති අනතුරුදායක තත්වය අවම කර ගැනීමට හැකියාව තිබු බවයි.

 

සිරකාර අයිතිවාසිකම් කමිටු යෝජනා:

ශ්‍රී ලංකාව තුලදී කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තාවීමට පටන් ගැනීමත් සමග එය බන්ධනාගාර තුලට ව්‍යාප්ත වුවහොත් ඇති විය හැකි භයානක තත්වය පිළිබඳව බලධාරීන්ට අනතුරු අඟවමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බන්ධනාගාර තුළ පවතින අධික තදබදයට විසඳුමක් ලෙස  ආණ්ඩුවට යෝජනා කර තිබුනේ සුළු වැරදිවලට සිරගතවූවන් සහ දඩ ගෙවා ගැනීමට නොහැකිව රඳවාගෙන සිටින්නන් කොන්දේසි මත හෝ නිදහස් කරන ලෙසයි.

එමෙන්ම වයස්ගත  සහ දැඩි ලෙස රෝගී තත්වයන්ගෙන් පෙලෙන රැඳවියන්  නිදහස් කිරීම වෙනුවෙන් ඇති නීතිමය ප්‍රතිපාදනත් එම කමිටුව විසින් ආණ්ඩුවේ බලධාරීන්ට පෙන්වා දී තිබුනි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පසුගිය කාලය පුරා රජයට අවධාරණය කර තිබුනේ සමාලෝචන ක්‍රියාවලිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම තුළ බන්ධනාගාර වල පවතින අධික තදබදය අවම කර ගත හැකි බවයි.

''සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පසුගිය කාලය පුරා රජයට අවධාරණය කර තිබුනේ සමාලෝචන ක්‍රියාවලිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම තුළ බන්ධනාගාර වල පවතින අධික තදබදය අවම කර ගත හැකි බවයි''.

ඇප ලබාදිය හැකි රැඳවියන් කිහිපදෙනකු පසුගිය කාලයේදී නිදහස් කළද බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අඩුවීමට  එම ප්‍රමාණය  ප්‍රමාණවත් නොවු බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ අදහසයි.

 

සිරකරුවන් මරා දැමීම:

Anuradhapura Prisonමානව ඉතිහාසයේ පෙර නොවූ ආකාරයේ වසංගතයෙන් බේරීම පිණිස මුළු ලෝකයම විවිධ ප්‍රයත්නයන් දරමින් සිටියදී ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හා බැඳුනු පළමු මරණය ඝාතනයක් වීම ඛේදවාචකයකි.

කොරෝනා රෝගියකු බවට සැක කොට අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව බියට පත් එම බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නිදහස ඉල්ලා මාර්තු මාසයේදී උද්ඝෝෂණයක් දියත් කළ මොහොතේ බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුමුවට පත්විය.

මුළු දිවයිනටම ඇඳිරි නීතිය දමා ඇති අවස්ථාවක රැඳවියන් විසින් තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් පවත්වන ලද උද්ඝෝෂණයට වෙඩි තැබූවේ “විරෝධතාව පාලනය කිරීමට” ගිය බන්ධනාගාර නිලධාරීන් බව පොලිසිය විසින්  පසුව තහවුරු කර තිබුනි.

සිරකරුවන් මෙම සමාජයේ කොටසක් සේ නොසලකා කටයුතු කිරීමේ තත්වයක් පසුගිය කාලය පුරා දැක ගත හැකි වු බවට කනගාටුව පලකරන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා, රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ බන්ධනාගාර තුළ කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම වෙනුවෙන් කටයුතු කරන්නා සේම සිරකරුවන්ද මනුෂ්‍යයන් සේ සලකා කටයුතු කරන ලෙසයි.

 

 

සබැඳි පුවත් :

#fightcorona : සිරකරුවන් නිදහස් කරන්න! - ඔවුන්ද මනුෂ්‍යයෝය! 

සිරකාර මනුෂ්‍යයන් වසංගතයට බිලිවෙනු ඇතැයි බියක්! 

ශ්‍රී ලංකාවේ කොරෝනා පළමු බිල්ල සිරකරුවෙක් ! 

කොරෝනා පාලනය වෙනුවෙන් කළ උද්ඝෝෂණයට වෙඩිතබා 2ක් මරුට ! 

අනුරාධපුර බන්ධනාගාරය නොසන්නසුන්: ඇතුලේ ගින්නක් - වෙඩි තැබීමකින් අයෙක් මරුට! (Image)  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්