කොරෝනා වසංගතය හමුවේ අවම පහසුකම් හෝ නොමැතිව මහර බන්ධනාගාරයේ රැඳවියන් ජීවිත දානය ඉල්ලා සිදුකරන ලද විරෝධයේ දී සිරකරුවන් 04ක් වෙඩි තබා ඝාතනය කර 25කට මරණිය තුවාල සිදුකිරීම දැඩි
පිළිකුලෙන් හෙළා දකින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.
 
එම සංවිධානයේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් මාධ්‍යවෙත නිකුත්කර ඇති වීඩියෝවක එබව සඳහන් වේ.
 
කොරෝන දෙවන රැල්ල ආරම්භයත් සමග මහර බන්ධනාගාරයේ පාලකයින් රැඳවියන්ට අමානුෂික ආකාරයෙන් සැලකු බව පවසන සුදේශ් නන්දිමාල් ද සිල්වා, ඔවුන්ට ආහාරපාන හෝ බෙහෙත් නිසි ආකාරයෙන් ලබානොදුන් බවට චෝදනා කර සිටියි.
 
එලෙසම රැඳවියන්ට නිරන්තරයෙන් පහරදීම්වලට හා වදහිංසනයන්ට ලක්වීමට සිදු බවත්  ඔහු පවසයි.
 
රැඳවියන්ට එවැනි අමානුෂික පහරදීමත් තිරිසනුන් ලෙසට සැලකීමට දිගින් දිගටම සිදුවුබව ද ඔහු පෙන්වාදී ඇත.
 
මහර බන්ධනාගාරයේ පාලකයින් මෙලෙස එකදිගටම ක්‍රියාත්මක කළ පීඩනය දරාගත නොහැකිව සිටි රැඳවියන් පිරිසක් අද දිනයේ වහලක් මත නැඟ උද්ඝෝෂණයක් කර ඇති බවද ඔහු කියා සිටියි.
 
එයට පිළිතුරු ලෙස ඔවුන්ට වෙඩි උණ්ඩවලින් ප්‍රතිචාර එල්ලවූ බව සඳහන් කළ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම්වරයා, එසේ රැඳවියන් කුපිත කිරීම නිසා මහර බන්ධනාගාරයේ බරපතල අවුලක් හටගත් බවද කියා සිටියේය.
 
මෙම ගැටුමට මුලික වශයෙන් වගකිව යුත්තේ ඉහල පුටුවල සිටින 'වැඩබැරි ටාසන්ලා' පිරිසක් බවත් එම ඉහල නිලධාරීන් පිරිස බොහෝ අවස්ථාවලදී බිමත්ව බන්ධනාගාරයේ සාමාන්‍ය නිලධාරීන්ට පවා පහරදෙන බව ඔහු කියා සිටියි.
 
මෙම ගැටුමේ වගකීම බාරගෙන වහාම තනතුරින් ඉල්ලා අස්වන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව, බන්ධනාගාර කොමසාරිස්වරයාට බලකර සිටියි.
 

මහර බන්ධනාගාරයේ ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති 
Gayan Gallage මෙසේ පවසයි.
 
 
''බන්ධනාගාරය කියන්නේ අපායක්.
 
ඒක අඩුම තරමේ මිනිහෙක්ට දඬුවම්වත් විඳින්න සුදුසු තැනක් නෙමෙයි.
 
මෙතන ඉන්නවා බරපතල අපරාදකාරයෝ වගේම පොඩි පොඩි සිද්ධිවලට වරදකරුවන් වුණ සැකකාරයන් වුණ පුද්ගලයෝ.
 
ජීවත්වෙන්න පුළුවන් ප්‍රමාණයට එහා ගිහින් රඳවලා ඉන්න තැනක වසංගතයක් බෝ වුණොත් ආයේ ඒක නවත්තන්න බෑ.
 
පැතිරිලා යනවා වේගයෙන්.
 
අද මහර බන්ධනාගාරයෙත් එවැනි සිද්ධියක් වෙන්නේ.
 
පහුගිය කාලෙම රැඳවියෝ උද්ඝෝෂණය කරලා කිව්වා PCR කරපන් කියලා.ඒ මිනිස්සු වහල උඩ නැගලා ඉල්ලුවේ.
 
ඇත්තටම ඉල්ලන්න ඕන එකක් නෙමෙයි.
 
මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ආණ්ඩුවෙන් කළයුතු දෙයක්.
 
අන්තිමේ ඒ නොසැලකිලිමත්කම නිසා අද බන්ධනාගාර පද්දතිය තුළ කෝවිඩ් වෛරසය වේගයෙන් පැතිරිලා යනවා.
 
එහෙම මොහොතක අද මහර බන්ධනාගාරයෙන් කෝවිඩ් ආසාදිතයෝ 183 ක පොකුරක් හමුවෙනවා.
 
ඇත්තටම එහෙම වුණාම බය වෙන්නේ නැද්ද? 
 
ඒ මිනිස්සු දන්නවා ඒ මිනිස්සුන්ට ලැබෙන සැලකිල්ල.
 
ඒ දන්න නිසා ඒ මිනිස්සු මුල ඉඳලා ඉල්ලුවා PCR කරපන් කියලා.
 
ඒ හැදෙන එකෙන් හරි බේරෙන්න.
 
ඒත් අද වෙනකොට මහර බන්ධනාගාරය ඉතාම අවදානම් තැනක තියෙන්නේ.
 
ඉතිං කිසිම සරණක් නැතිව හිරවෙලා ඉන්න මිනිස්සු තමන්ගේ ජීවිතය රැකගන්න ඉල්ලනවා.
 
එක දවසේ 183 වගේ හම්බවුණාම කලබල වෙනවා.
 
එහෙම කලබලයකදී ඒ මිනිස්සුන්ට වෙඩි තියනවා නම් කොයි තරම් ඒක වැරදි දෙයක්ද? 
 
හුස්ම ගැනීමේ අයිතිය වෙනුවට, ජීවත්වීමේ අයිතිය ඉල්ලන්නේ.
 
ඒ මිනිස්සු මුල ඉඳලා ඉල්ලුවා මේ තත්වය ඇති වෙන්න කලින්.
 
අන්තිමේ අද ඇතිවෙලා.ඒකට උත්තර වෙඩි තියන එකද? 
 
අවම බලය ඒකද? 
 
ඒ මනුස්සයා කෝවිඩ් වලින් බේරෙන්න හැදුවම උණ්ඩෙන්ද ඒකට බෙහෙත් දෙන්නේ.''
 

Screen Shot 2020 11 30 at 12.09.37 AM

සබැඳි පුවත්

මහර බන්ධනාගාරය තවමත් නොසන්සුන් - මළ සිරුරු 4 ක් සහ තුවාලකරුවන් 25ක් රාගම රෝහලට

මහර බන්ධනාගාරයට STF කැඳවයි : ‍‍‍‍‍‍වෙඩි තැබීමක් සිරකරුවකු මරුට

මහර බන්ධනාගාරයේදි මිය ගිය කාවින්දට යුක්තිය පමාවන ලකුණු!

මහර හිරගෙදර තරුණයකු මියයාම ගැන පරීක්ෂණ ඇරැඹේ!

තරුණ රැඳවියකු මහර හිරගෙදරදී “අතපය කඩා මරා දාලා” !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්