ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට

අගමැති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කල රහස්ගත මෙහෙයුම මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ බලපෑම් හමුවේ ව්‍යර්ථවී ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

රනිල් වික්‍රමසිංහගේ ව්‍යාපෘතියට එසේ බලපෑමක් එල්ලවී ඇත්තේ, මෙවර ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට මංගල සමරවීර ඇතුළු එම පක්ෂයේ බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් ගෙන දැඩි මතවාදය හරහාය.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් හා එජාපයේ තැනින් තැන මතුවන නායකත්වය පිළිබඳ කතිකාව එකවරම විනාශ කිරීමට රනිල් ගැසූ තුරුම්පුව වුයේ ධම්මික පෙරේරාව කරලියට ගෙනෙමයි.

ඔහු ධම්මික පෙරේරාගේ නිවසටම ගොස් ජනාධිපති අපේක්ෂකත්වය බාර ගන්නැයි ඉල්ලා තිබු අතර ධම්මික ද එය ඉහමුදුනින් පිළිගෙන පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ද ආරම්භ කළේය. ඔහු එම ප්‍රචාරක ව්‍යාපෘතිය බාරදී තිබුනේ රනිල් වික්‍රමසිංහ විසින් නම් කළ ප්‍රචාරක ආයතනයකටය.

Cartoon 07

කෙසේ වෙතත් මේ මොහොතේ රනිල්, ධම්මිකව ළංකර ගත්තේ රාජපක්ෂලාට රිද්දන්නට නොව එජාපයේ ජනාධිපති අපේක්ෂකයින්ට රිද්දන්නට බව 'රාවය' මාධ්‍යවේදී ටිරන් කුමාර බංගගමආරච්චි පසුගියදා සටහන් කර තිබිණ.

රනිල් වික්‍රමසිංහගේ 'ධම්මික ව්‍යාපෘතියට' එරෙහිව පළමු වෙඩිමුරය එල්ල කලේ අමාත්‍ය අජිත් පී. පෙරේරාය. ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ දූෂණයෙන් තොර ආගමානුකූලව කටයුතු කරන පුද්ගලයෙකු බවකු බවත් සිය පක්ෂයෙන් බාහිර පුද්ගලයින් ඉදිරිපත් වන බවට පළ වන වාර්තා අසත්‍ය බවත් ඔහු වහාම ප්‍රකාශයට පත් කරනු ලැබිය.

Ranjith ajith hesha 

පාක්ෂිකයන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ද මොණරාගල දී මැයි 26 කැඳවා තිබූ මාධ්‍ය හමුවකදි පැවසිය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රබල ක්‍රියාකරිකයකු වන හේෂා විතානගේ ද පැවසුයේ, මෙවර ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් පිට කිසිවෙකුත් ඒ සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු නොකරන බවයි. ඔහු එම කාරණය සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් ද අවධාරණය කර තිබිණ.

''ධම්මික පෙරේරා වැනි මුදලාලිලාට ජනාධිපති අපේක්ෂකත්වය නැහැ . ඔර්ජිනල් යූ.එන්.පී.කාරයෙක් ජනාධිපති කරනවා '' යයි එම පොස්ටුවේ සඳහන් වේ.

Hesha Post 

''ඉම්පොර්ටඩ් බඩු වලට මෙදා පාර ඉඩක් නැහැ''

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් 'ඉම්පොර්ටඩ් බඩු' ඉදිරිපත් කිරීමට ඉඩක් නොදෙන බවට ITN රූපවාහිනියේ "සංවාදය" වැඩසටහනේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළ අතර තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මුදල් ඇමති මංගල සමරවීර හා ඇතැම් දේශපාලනඥයින් කලබලයට පත්ව ඇත්තේ ඇයි දැයි ධම්මික පෙරේරා පසුව විමසීමක් ද කර තිබිණ.

මංගල ITN සමග පැවති සාකච්ජාවේදී මෙසේ පැවසිය.

 

මංගලගේ ප්‍රකාශයෙන් සමාජ මාධ්‍ය කළඹේ :

කෙසේවුවද තමන්ගේ නායකත්වයට හා ජනාධිපති අපේක්ෂකත්වයට එල්ලවී ඇති අභ්‍යන්තර බලපෑම් හමුවේ බාහිරින් අපේක්ෂකයකු සොයා ගැනීමට රනිල් වික්‍රමසිංහ දරන උත්සාහය ව්‍යර්ථ කරලීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත්කල යුතු බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර කළ ඊයේ (02) ප්‍රකාශයත් සමග සමාජ මාධ්‍ය තුල ප්‍රබල සංවාදයක් මතුව ඇත. එජාපයේම පිරිස් හා වෙනත් පක්ෂවල හිතවතුන්ද එම සංවාදයට එක්ව තිබේ.

මංගල ඊයේ (02) සිදුකළ ප්‍රකාශය මෙන්න

එජාපයේ හා එම පක්ෂයට හිතවත් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහා මංගල සමරවීර කළ එම ප්‍රකාශය ඇගයීමට ලක්ව ඇතත් ඇතැමුන් ඒ සම්බන්ධයෙන් බරපතල විවේචන ද පළකර ඇත.

'සිරාට පුලුවන් උනානම් ඇයි සජිත්ට බැරි'

අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' වෙබ් අඩවියේ කර්තෘ
උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ මෙසේ සටහනක් තබා ඇත.

මංගල කියන්නෙ සජිත්ට දිනන්න පුලුවන් කියල. අනිවාර්යයෙන්ම!
සිරාට පුලුවන් උනානම් ඇයි සජිත්ට බැරි!
ඊළඟ කෙනා කොහොමත් සෙරමෝනියල්නෙ!

0003 

එම කාරණය තවදුරටත් විග්‍රහ කර ඇති උවිඳු කුරුකුලසුරිය මෙසේද සඳහන් කර තිබේ.

''සජිත් දැම්මම මහරාජත් සජිත්ට, දයාන් වගේ අයත් සජිත්ට, ශිරාල් වගේ අයත් සජිත්ට - (රනිල් විරෝධී සැට් එක) සජිත් තාත්තගෙ උරුමෙ කියාගෙන එන හින්ද නීතීයට පිටින් මිනීමැරීමට කැමති අයත් සජිත්ට දෙයි සෑහෙන පිරිසක් - එතකොට තාවකාලිකව රාජපක්‍ෂ කඳවුරට ගිහින් ඉන්න නීතියට පිටින් උස්සල මැරීමට කැමති අයත් සජිත්ට දෙයි. හැමදේම ආණ්ඩුවෙන් නොමිලේ බලාපොරොත්තුවෙන සජිත්ගෙ තාත්තගෙන් ගෙයක් අරං මුණුපුරාටත් සජිත්ගෙන්ම ගෙයක් ගත්ත ජනතාවත් සජිත්ට දෙයි. කම්කරු රස්සාවක් බලාපොරොත්තුවෙන නූගත් කොට අයත් සජිත්ට දෙයි. නූගත් සෙකෙයුරිටි රස්සා බලාපොරොත්තුවෙන උස අයත් සජිත්ට දෙයි. ළමයි නැති කසාද බැඳපු ස්වාමි පුරුෂයොත් දෙයි සජිත්ට - ඇයි ළමයි නැති උන්ට අනික් පැත්තෙ උන් බනින බැනිල්ලට ඒ පිරිමි මාර අප්සෙට් එකෙන් ඉන්නෙ. සාදුලත් දෙයි සජිත්ට මොකද ඔය හැම පන්සලටම සජිත් 94 ඉඳන් සල්ලි බෙදල තියෙනව. ඕන මරණාධාර සංගමේක සජිත්ගෙ නම ගහපු පුටු, ටෙන්ට් තියෙන නිසා මැරෙන්නෙ බලාගෙන ඉන්න අයත් සජිත්ට දෙයි.

දිනන්න පුලුවන් අස්පය.

හැබැයි ඉතිං ඊ ළඟට පත්වෙන ජනාධිපතිට සිරිසේනට තරම් වත් බලයක් නැහැ. සජිත් හොඳ තේරීමක්!

 

මංගල ලිබරල් රෙදි ගලවා දමයි

මංගල ඇමතිවරයා විසින් සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවීමට දරන උත්සාහය දැඩි ලෙස විවේචනය කරන 'පතුල' වෙබ් අඩවියේ කර්තෘ ජයම්පති බුලත්සිංහල සිය FB පිටුවේ පොස්ටුවක් පළකරමින් මෙසේ සටහන් කර තිබේ.

"මංගල''
ලිබරල් රෙදි ගලවා දමයි
ජාතිවාදී පසුගාමී සජිතගේ නැට්ටේ එල්ලෙයි, සිවිල් නෝනලා මහතුන්
නිරුවත්වෙන සුන්දර මොහොත ගලදීම
0002

'මංගලගෙ සියලු ප්‍රතිපත්ති බල්ලට දාලා'

මේ අතර ප්‍රවීන දේශපාලන විචාරකයකු හා මාධ්‍යවේදියකු වන කුසල් පෙරේරා පවසන්නේ ''මංගලට ලොකු වැරදීමක් වගේ....'' කියාය.

ඒ සම්බන්ධයෙන් ඔහු සිය FB පිටුවේ මෙසේ සටහන් කර ඇත.

''කාරණා 2ක්. සිරසෙ හැර එයා හම්බන්තොට වත් හරිහමන් නායකයෙක් නෙවෙයි. එයාට කවදාවත් හම්බන්තොටින් UNP මන්ත්‍රීවරුන් 03ක් ගේන්න බැරි වුනා. අනෙක මංගලට එයත් එක්ක යන්න වෙන්නෙ අන්ත ජාතිවාදි වේදිකාවක මංගලගෙ සියලු ප්‍රතිපත්ති බල්ලට දාලා''

'සජිත් ආවොත් ඇත්තටම දිනනව'

මේ අතර දේශපාලන විචාරක පිලිප් ශාන්ත පවසන්නේ මෙසේය.

සජිත් ආවොත් ඇත්තටම දිනනව.
ඒත් ඉතින් මිනිස්සු නම් පරදිනව.

0001

 

අගමැති මාධ්‍ය ඒකකයෙන් ප්‍රහාරයක් !

මේ අතර අගමැති කාර්යාලයේ නිලධාරියකු වන ලසන්ත ගුණවර්ධන සිය FB පිටුවේ පොස්ටුවක් පළකරමින් මෙසේ සටහනක් තබා ඇත.

''කට්ට කාගෙන පක්ෂය ආරක්ෂා කරපු අය මිසක්, වෙන වෙන පක්ෂවලින් අරහෙන් මෙහෙන් පැනලා ආපු කට්ටිය කොහොමද අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ ''

0004

ලසන්තගේ එම පොස්ටුවට ප්‍රතිචාර දක්වා ඇති එම පක්ෂයේ ඇතැමුන් සඳහන් කරන්නේ මංගල මාතරදී කුරුඳු පොලු අතට ගත්තේ නැත්නම් අද රනිල් ආගිය අතක් නොමැති බවත් දැන් ජනාධිපති සජිත් බවත්ය. මංගල එදා කුරුඳු පොලු අතට ගත් නිසා අද මොනම හෝ මගඩියක් කර අරලිය ගහ මන්දිරයේ රැඳී සිටීමට ලසන්තලාට නිදහස ලැබී ඇති බවත් එවැනි ප්‍රතිචාර වල දැක්වේ.

සබැඳි පුවත් :

'රනිල්ගේ ආශීර්වාදයෙන් සජිත් ජනපති කරනවා' - මංගල (VIDEO)

රනිල්ගේ අලුත්ම 'ගේම' - 'ධම්මික පෙන්නා එජාපය බියගැන්වීම'

UNP අපේක්ෂකයා : "ධම්මික නොවේ" - ඇමති අජිත් රහසක් කියයි

UNP ජනාධිපති අපේක්ෂක: මංගල ඇයි කලබල? - ධම්මික පෙරේරා විමසයි

එජාප අපේක්ෂකයා ධම්මික ද ? : ඇත්ත-නැත්ත මංගල කියයි (වීඩියෝ)

'මම ජනාධිපතිවරණයට එනවා'' - ධම්මික පක්ෂ නායකයින්ට දැනුම් දේ !

එජාප පසුපෙලින් වෙඩි මුරයක්! - ජනපති අපේක්ෂකයා රනිල් ද? සජිත් ද?

''පොදු අපේක්ෂක කතා බොරු. යූ.එන්.පී. අපේක්ෂකයා පක්ෂයෙන්මයි''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්