යාපනය විශ්ව විද්‍යාල භුමියේ ඉදිකර තිබු 'මළවුන්ගේ ස්මාරකය' ඉවත් කිරිම
එම විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා විසින් ගනු ලැබූ තීරණයක් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියි.
 
ඔහු එබව කියා සිටියේ, යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය ඉදිකර තිබූ 'මළවුන්ගේ ස්මාරකය' සන්නද්ධ බලය යොදා උගුල්ලා දැමීමට විරෝධය පාමින් සරසවි සිසුන් පිරිසක් ඊයේ (08) රාත්‍රී වීදි බැසීම නිසා ඇතිවූ නොසන්සුන්කාරී තත්වය පිළිබඳව අදහස් දක්වමිනි.
 
යුද්ධය අවසන් වන විට දැනට විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය ලබන දරුවන්ට වයස අවුරුදු 9-10ක් ලෙස පැවති බවත් මෙවැනි ස්මාරක මගින් හෙට දවසේ සිංහල දමිළ දරුවන් අතර අසමගිය ඇතිවීමට ඉඩ නොතැබිමක් ලෙස එම ස්මාරකය ඉවත් කිරීමට උපකුලපතිවරයා විසින් පියවර ගෙන ඇති බව මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.
 
 

ඊයේ රාත්‍රියේ මෙම ඉදිකිරීම කඩා ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග සිසුන් පිරිසක් ඊට විරෝධය පල කළේ ය.
 
පසුව විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් සිවිල් වැසියන් හා දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක්ද විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණි අතර ඔවුන් පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කළේ උපකුලපතිවරයා හමුවීමට අවශ්‍ය බව කියමින් ය.
 
විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකාය ද කැඳවා තිබුණි.
 
ඊයේ රාත්‍රියේ සිට අද අද උදෑසන දක්වා පිරිසක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට රැදී සිටි අතර අද දහවල් පොලීසිය දැනුම් දුන්නේ, තවදුරටත් රැස්වී සිටින්නේ නම් PCR පරීක්ෂණ සිදු කළ යුතු බවයි.
 
එම දැනුම්දීමෙන් පසුව රැස්ව සිටි වැඩි දෙනා විසිර ගිය අතර අනතුරුව සිසුන් කිහිපදෙනෙකු උපවාසයක් ආරම්භ කළේ ය.
 
මාධ්‍ය විසින් කළ විමසීමක දී යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සී. සිරිසත්ගුණරාජා කියා සිටියේ, සම්පූර්ණ කර නොතිබූ මෙම ඉදිකිරීම ඉවත් කර ගන්නා ලෙස අවස්ථා ගණනාවකදී දැනුම්දී තිබූ බවය.
 
මෙය අනුමැතියකින් තොරව ඉදිකරන ලද්දක් බවත් එවැන්නක් විශ්වවිද්‍යාලයක් තුළ ඉදිකළ නොහැකි බවත් මහාචාර්ය සී. සිරිසත්ගුණරාජා පෙන්වා දුන්නේ ය.
 
යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකයක් ඉවත්කිරීම සම්බන්යෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග විසින් නිවේදනයක් ද නිකුත් කර තිබේ.
 
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
  
UGC 1

UGC 2

 
මෙම ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත්කර ඇති සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසන්නේ, යුද්ධයෙන් මියගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්, සේවකයින්, නිළධාරින් සිහිපත් කිරීම වෙනුවෙන් ඉදිකළ ස්මාරකය කඩාබිඳ දැමීමෙන් ආණ්ඩුව ජීවත් වන හා මියගිය දමිළ ලාංකික ජනතාවට නින්දිත ලෙස අගෞරව කර තිබෙන බවයි.
 
Manotw
 
 
 
අපි කවදා ඉගෙන ගනීවිද?
 
ඒ අතර 'සැබෑ දේශප්‍රේමියෝ' මහජන ව්‍යාපාරයේ මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා ද මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් පළකරමින්, ''අතීතයේ අපි අතින් සිදුවූ වැරදි වලින් අපි කවදා ඉගෙන ගනීවිද?'' කියා විමසීමක් කර ඇත.
 
එම ට්විටර් සටහනේ මෙසේද සඳහන් වේ.
 
''පශ්චාත් ස්වාධීන යුගයේ අපගේ නායකයින්ගේ අදුරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් බොහෝ දෙමළ තරුණයින් උතුරු බෙදුම්වාදී ත්‍රස්තවාදයේ තුරුලට තල්ලු වීම තුලින් දශක තුනකට ආසන්න කාලයක් රට පුරා සිටින සියල්ලන් හට විඳදරාගැනීමට සිදු වූ බිහිසුණු මතකයන් තවමත් අප සිත් තුල රැව් දෙන අතර දෙමළ හා මුස්ලිම් තරුණයින් අතර අලුත් අන්තවාදී පරපුරක් බිහි කිරීමට රජය නැවතත් අධිෂ්ඨාන කරගෙන සිටියි.
 
බහුතරවාදී ආගම්වාදයට හිස නමා ආගමික විශ්වාසයන් උල්ලංඝණය කරමින් මුස්ලිම් ප්‍රජාව හට පවසා ඇත්තේ මිය යන පුද්ගලයින් භූමදානය කළ නොහැකි බවත් දමිළ ප්‍රජාව හට පවසා ඇත්තේ නැසීගිය පුද්ගලයින් ඔවුන්ට සිහිපත් කිරීමට නොහැකි බවයි.
 
මහාවංශයේ දැක්වෙන පරිදි එළාර රජු පරාජය කිරීමෙන් පසු මියගිය පුද්ගලයින් හට ගරු කළ යුතු ආකාරය දුටුගැමුණු රජතුමා පෙන්වූ හැටි අපට අමතක වී තිබේද?
 
අහෝ ශ්‍රී ලංකාව - වරක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය බඳු අප කඳුළු ගංගාවක් තුලින් යන්නේ කොයිබටද?
 
අතීතයේ අපි අතින් සිදුවූ වැරදි වලින් අපි කවදා හෝ ඉගෙන ගනීවිද?''
 
 
 
මෙසේ දේශපාලනික ගැටුම්වලින් මියගිය පුද්ගලයින් වෙනුවෙන් ඉඳිකළ ස්මාරක බිමට සමතලා කිරීම රාජපක්ෂ යුගවලදී නිරායාසයෙන් සිදුවන්නක් බව අද දිනයේ පලවී ඇති ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වේ. 
 

ahinarama 02අහිංසකයින්ගේ ආරාමය

 
එල්.ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජය කළ රජයේ ආරක්ෂක හමුදා, සටනින්මිය ගිය උතුරේ තරුණ තරුණියන් මිහිදන් කර තිබු සොහොන් භුමි මුළුමනින් සමතලා කර පොල්පැල සිටුවනු ලැබූ ආකාරයත්, එසේම, 88-89 දකුණේ භීෂණ සමයේ බලහත්කාරයෙන් රැගෙන ගොස් අතුරුදහන් කරන ලද තරුණ තරුණියන් සැමරීම සඳහා  පාර්ලිමේන්තු වටරවුම අසල ඉඳිකර තිබු 'අහිංසකයින්ගේ ආරාමය' බිමට සමතලා කල ආකාරයත් එම සමාජ මාධ්‍ය සටහන් මගින් සිහිපත්කර තිබේ.
 
ඊයේ රාත්‍රීයේ යාපනය සරසවිය භුමියේ ස්මාරකය කඩා ඉවත්කිරීමේ සිද්ධියෙන් පැය කිහිපයකට පසු එනම්, අද (09) උදැසන අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති  “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,  ''අපේ හාමුදුරුවන් කියනවා අපිට ඕන ජනාධිපති ගෝඨාභය නෙමෙයි ඉස්සර හිටිය ආරක්ෂක ලේකම් ගෝඨාභයයි ඕන කියලා.''යයි අවධාරණය කර සිටියේය. 
  
 
සබැඳි පුවත් :

 


'ද ලීඩර්' පුවත් විශේෂාංගය 
 
 
 
 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)  
 
 
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්