leader s

 ප්‍රේමය නම් සිනමා කෘතිය ගෙන ආ කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය "රූකඩ පැංචි" නැවත වරක් රිදී තිරයට ගෙන ඒමට නියමිත බවට වාර්තා වෙනවා.
 
 
 ඒ අනුව, නැවත වරක් තිරගත කිරීම් අරඹන "රූකඩ පැංචි" එළඹෙන පෙබරවාරි 4 වැනිදා සිට දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත කිරීමට නියමිත ය.
 
 අන්කල් ලුවී ලෙසින් ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි, දිල්හානි අශෝකමාලා, ධනංජය සිරිවර්ධන, උමාලි තිලකරත්න, බන්දුල විජේවීර, දයාදේව එදිරිසිංහ, නිරෝෂන් විජේසිංහ මෙන්ම ප්‍රවීන රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකාගේ තුන්වන පරම්පරාවේ නියෝජනයක් වන ළමා නිළි කුශේන්යා ෆොන්සේකා ද, ළමා නළු ලක්ෂිත දේශාන් ද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත වෙනුවෙන් රංගන දායකත්වය සපයා තිබේ.
 
 එසේම, පාසල් විදුහල්පතිනියගේ චරිතයට පණ පොවමින් ප්‍රවීන රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා එහි ආරාධිත ගරු රඟපෑම් සඳහා එක්වී තිබුණි.
 
 පවුලේ සිනමාපටයක් වන "රූකඩ පැංචි" හි ගේය පද රචනය සහ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සිදු කර ඇති අතර සිනමා කෘතියට ඇතුලත් මුළු ගීත සංඛ්‍යාව 6කි.
 
 
සිනමාපටයේ නිළ පූර්ව ප්‍රචාරකපටය පහතින්,
 
 
 
 
 
 
 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්