leader s

ජනප්‍රිය සමාජ මාධ්‍ය ඇඩ්මින්වරයකු වන ඉරාජ් වීරරත්නගේ නිල ෆේස්බුක් පිටුව රජය විසින් ඉවත්කිරීමක් සිදුවී නොමැති අතර ඔහුගේ පිටුව පිලිබදව ෆේස්බුක් පරිශීලකයන් හෝ වෙනත් යම් කණ්ඩායමක් විසින් දිගින්

දිගටම ෆේස්බුක් වෙත සිදුකරන ලද වාර්තාකිරීම් වල ප්‍රතිපලයක් ලෙස ෆේස්බුක් ආයතනයෙන් එම පිටුව ඔවුන්ගේ මාර්ගෝපදේශනයන් පිළිනොපදින පිටුවක් යැයි සලකා එම පිටුව Unpublish කිරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය (INFORMATION TECHNOLOGY SOCIETY SRI LANKA) පවසයි.


එම සංගමයේ ප්‍රධානියකු වන රජීව් යසිරු කුරුවිටගේ මැතිව් විසින් නිකුත්කර ඇති නිවේදනයක් එබව සඳහන් වේ. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.   

''ඉරාජ්ගේ පිටුව මෙසේ Unpublish වීමට ප්‍රථම ෆේස්බුක් පිටු තත්ව නොහොත් Page Quality මගින් ඔහුගේ පිටුව ෆේස්බුක් වෙත ෆේස්බුක් පරිශීලකයන්ගෙන් ලැබුණු වාර්තා මත ඔවුන්ගේ මාර්ගෝපදේශන එම පිටුව පිළිනොපදිනවා යැයි කෘතීම බුද්ධිය අනුව තීරණය කොට Unpublish වීමේ අවධානමක් ඇතැයි පෙර සිටම අනතුරු අගවා ඇති අතර එම අනතරු ඇගවීම් වලින් පසුව ඔහුගේ නිල ෆේස්බුක් පිටුව Unpublish වී තිබේ.

IMG 20190710 230446
'දේශපාලන මැදිහත්වීමක් නොවේ'

මෙසේ ෆේස්බුක් පිටු Unpublish වීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදුවන ක්‍රියාවලියක් වන අතර මෙම ස්වයංක්‍රීය ක්‍රියාවලියට කිසිදු ෆේස්බුක් නියෝජිතයෙක් හෝ කිසිදු ශ්‍රී ලංකික දේශපාලන පක්ෂයක් මැදිහත් නොවේ.

 පසුගිය රජය සමයේ මෙන්ම වත්මන් රජය සමයේත් යම් ෆේස්බුක් පිටු, ගිණුම්, ෆේස්බුක් සමූහ රජයේ මැදිහත්වීමෙන් ඉවත්කිරීමට කටයුතු කර ඇති අතර එවැනි අවස්ථාවලදී එම පිටු ෆේස්බුක් අඩවියෙන් එම පිටු, සමූහ පාලනය කල ඇඩ්මින් වරුන්ට සොයාගත නොහැකි ආකාරයෙන් ගැලවී යාමක් සිදුවී තිබේ.

 එහෙත් ගායක ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් පිටුවට එසේ වී නොමැත. රජයන් මැදිහත් වීමෙන් ඉවත්වූ පිටු කිහිපයක් සම්බන්ධයෙන් විස්තර කිහිපයක් පහතින් දැක්වේ.
FB 12රජය මැදිහත්වී ෆේස්බුක් සමූහ / පිටු ඉවත්කිරීමට කටයුතු කිරීම මගින් මානවහිමිකම් උල්ලංඝනයක් සිදුවන අතර ජනතාවට නිදහසේ රැස්වීමට, භාෂණයට ඇති අයිතිය මෙවැනි ක්‍රියා මගින් රජය උල්ලංඝනය කරනු ලබයි.

මිට අමතරව අප සංගමය නොදන්නා තවත් රජයේ මැදිහත්වීම මගින් මර්ධනයට ලක්වූ ෆේස්බුක් පිටු හා සමූහ තිබිය හැකි අතර එවැනි පිටු / සමූහ පිලිබදව විස්තරාත්මකව අප තොතුරු තාක්ෂණ සංගමය දැනුවත් කරන ලෙස ඒ අදාල පිටු / සමූහ මෙහෙයවූ ඇඩ්මින් වරුන්ගෙන් අප ඉල්ලා සිටිමු.

 අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය තුල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අප සංගමය ඉතා ඉහලින් අගයකොට සලකන අතර යම් දේශපාලනික / ආගමික න්‍යාය පත්‍රයන්ට යටත්ව යම් පුද්ගලයෙකුගේ / කණ්ඩායමකගේ අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය අඩවි තුල අදහස් දැක්වීමට ඇති නිදහස අන්තර්ජාලය / සමාජ මාධ්‍ය මනා ලෙස පවත්වාගෙන යාමට එම ප්‍රජාවන් විසින් සපයා ඇති ඇති මාර්ගෝපදේශන අවභාවිතා කරමින් නිදහස් භාෂණය අහුරාලීමට කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැත. රජයටත් එය එසේ විය යුතුය.


ඉරාජ්ගේ පිටුවෙන් ඥානසාර හිමිගේ පොස්ටු ඉවත් කිරීම :
Ganasara with Iraj
පසුගිය සමයේ මුස්ලිම් ජනයා සිංහල ජනයා විසින් සිංහල භාෂාවෙන් පලකරනු ලැබූ සමාජ මාධ්‍ය සටහන් Hate Speech යටතේ වාර්තා කිරීමටත් සිංහල ජනයා මුස්ලිම් ජනයාට අයත් ව්‍යාපාර පිටු Hate Speech යොදාගෙන වාර්තා කිරිමටත් කටයුතුකළ බව ඔබ අප කව්රුත් දන්නා නොරහසකි.

ඉරාජ්ගේ පිටුවෙන් පසුගිය දිනවල ගලගොඩඅත්තේ හිමියන් නිදහස් කරගැනීමට පලකළ පොස්ටු ඉවත්වීම ඉහත අවස්ථා සම්බන්ධය කදිමව පෙන්වන නිදසුනකි.

මෙසේ ෆේස්බුක් / අන්තර්ජාල මාර්ගෝපදේශන රජය මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂ සියල්ලමද අවභාවිතා කිරීමක් වන බවත් අප සංගමය ඉතා වගකීමෙන් හෙළිදරව් කිරීමක් සිදුකරන අතර Click Farm මධ්‍යස්ථාන මගින් එසේ සිදුකල හැකි බවත් මෙසේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය මගින් සපයා ඇති මාර්ගෝපදේශන මෙරට පාර්ශවයන් විසින් ඔවුන්ගේ වාසියට යොදාගන්නා බව සියලුම සමාජ මාධ්‍ය  මුලස්ථාන වෙත නොබෝ අනාගතයේදී විස්තරාත්මකව දැනුම් දීමට කටයුතු කිරීමට ක්‍රියාමාර්ග මේවනවිට අප සමූහය ගනිමින් ඇත.''

ඉරාජ් කියන කතාව :
iraje lawyer

මේ අතර පොහොට්ටු ප්‍රධානියකු ද සහභාගී කරවා ගනිමින් ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවු ඉරාජ් වීරරත්න, මිලියන 1.1ක රසිකයින්ගෙන් සමන්විත වූ සිය ෆේස්බුක් ගිණුම අත්හිටුවීම සිදුකර ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන වුවමනාවක් මත බවට චෝදනා කළේය.

'රජයේ සමාජ මාධ්‍ය ජාලා වාරණයට එරෙහි වෙමු' යන මැයෙන් එම මාධ්‍ය හමුව කැඳවා තිබිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මේ වන විට ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් 1500ක් පමණ ඉවත් කර ඇතැයි ද සඳහන් කළේය.

ඉරාජ්ගේ FB පිටුව මෙසේ 'අතුරුදහන්වීම' සම්බන්ධයෙන් සැක මතුකරන ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙය රාජපක්ෂවරුන් යළි බලයට ගෙන එම සඳහා ඉරාජ් විසින් සිදුකරන තවත් ප්‍රචාරක වැඩක් දැයි විමසා තිබේ. ඒ ඔහු දැඩි රාජපක්ෂවාදියකු ලෙස සැලකෙන හෙයිනි.

එම කාරණය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ විරාජ්, තමා එවැනි දේශපාලන ව්‍යාපෘතියක නොමැති බව කියා සිටියේය.

ඉරාජ්ගේ අයිතිය නැතිකරන එක බලු වැඩක්!

මෙසේ ඉරජ්ගේ FB පිටුව 'අතුරුදන්වීම' සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති ප්‍රනාන්දු ප්‍රසංග මෙසේ සඳහන් කර ඇත.

සියලුම වනචර වැඩ කලේ සිංහල ජාතිය රැකගන්න කිවුව ගමන් ඔක්කොම පවු හේදෙනවද
"ඉරාජ් වීරරත්න" වගේ.

Prasnaga
ඒ අතර සිය FB පිටුවේ සටහනක් තබා ඇති ප්‍රගීත් රත්නායක මෙසේ පොස්ටුවක් පළකර ඇත. 

''දැන් අපි ශක්තිකගේ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් එකතු වුනා වගේ ඉරාජ්ගේ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙනුත් එකතු වෙලා එකට යමු.''

Pragith Ra

ඒ අතර සිය FB පිටුවේ සටහනක් තබමින් මනෝරම වීරසිංහ මෙසේ සටහන් කර තිබේ. 

''ඉරාජ් කියන ගොන් වස්සාට මම කැමති නැති එක වෙනම කතාවක්...උගේ ඕනම ගොන් වැඩක් ලෝකෙට පෙන්නන්න තියෙන අයිතිය නැතිකරන එක බලු වැඩක්..ඌ ඕක අන්පබ්ලිෂ් කරා නං ලොකු ප්‍රශ්නයක් වෙනවා ඌට කොහොමත්.. ඒ කියන්නේ මේකත් අර අපිට බුකියේ දැන් ඉන්න වෙලා තියෙන්නෙ එක එකාට බයෙන් වගේම වැඩේ තව පැත්තක්....
‍‍
මේ පෝස්ටරේ හරියට ගැහුව නං ඉවරයි! මොකද මේවා කරන්නෙ ආණ්ඩුවක උවමනාවට මිස රජයේ උවමනාවට නෙවෙයි..!


Manoarama

 

ඉරාජ්ගේ මුහුණු පොත සම්බන්ධ කාරණයේ දී ඔහු හැසිරෙන ආකාරය හා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රවීන මාධ්‍යවේදියකු වන ප්‍රියන්ත කොඩිප්පිලි සිය මුහුණු පොතේ මෙසේ කවියක් සටහන් කර තිබුණි.

Kodi kavi

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්