leader s

මේඝ සූරියආරච්චි සහ රුසිරු රණසිංහ ප්‍රමුඛ PRUVE කණ්ඩායමේ පළමු සිනමා ප්‍රයත්නය වන "මැරීන් Drive" හි පූර්ව ප්‍රචාරකපටයක් පසුගියදා යූ ටියුබ් අවකාශයට නිකුත් කර තිබුණි.
 
 
Action Thriller කාණ්ඩයට අයත් මෙම සිනමාපටය මේඝ සූරියආරච්චි විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර කතාව සහ තිර රචනය රුසිරු රණසිංහ සහ සඳකත් මහගමආරච්චි විසින් සිදු කර ඇත.   
 
ජගත් මනුවර්ණ, රුවින් ද සිල්වා, ධර්මප්‍රිය ඩයස්, නයනතාරා වික්‍රමාරච්චි, කළණ ගුණසේකර, සේවියර් කනිෂ්ක, ශ්‍යාම් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ් සහ නයිජල් වයිට් ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් පිරිසක් මීට රංගන දායකත්වය සපයා තිබේ.
 
සංගීත අධ්‍යක්ෂණයෙන් උමේෂ් රාජපක්ෂ, සංස්කරණයෙන් සජිත් කඳනාරච්චි, සහය අධ්‍යක්ෂණයෙන් පැතුම් එම්. ඒකනායක, කොණ්ඩ සැකසුම් සහ අංග රචනයෙන් ප්‍රභාත් දිසානායක සහ රජිත දික්හින්න, කලා අධ්‍යක්ෂණයෙන් පසිඳු කේෂව, සඳුන් මදුරප්පෙරුම සහ කසුන් වේරගල, ශබ්ද නිර්මාණයෙන් දිනේෂ් ඒකනායක, කැමරා අධ්‍යක්ෂණයෙන් තිලංක පෙරේරා එක්වී ඇති "මැරීන් Drive" සිනමාපටය සඳහා හඬ දායකත්වය මිදෝරි කරුණාරත්න විසින් ලබා දී ඇත. 
 
නිෂ්පාදනය Yodha Entertainment විසිනි.
 
"මැරීන් Drive" පූර්ව ප්‍රචාරකපටය මෙතැනින්, 
 
 
 
සජිත්, රට්ටු හිනස්සන කතා කියන්න එපා 
 

පාස්කු කොමිසමට වැරදුණු තැන ඉරාන් හෙළිකරයි 
 

 
 
 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්