ඉදිරි ජනාධිපතිවරණය සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ විසින් කවර අපේක්ෂකයකු ඉදිරිපත් කලද ඒ කිසිවකුට සහය නොදක්වා මෙවර ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයකු අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතු බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ කතාබහට ලක්ව ඇතයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.


මෙතෙක් මාධ්‍ය විසින් වාර්තා කර තිබුනේ ජනතා විමුක්ති පෙරමුණ විසින් රාජ්‍ය සේවයේ කටයුතු කළ කීර්තිමත් සමාජ සේවකයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බවයි. 

කෙසේවුවද ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට හෝ එහි දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායකට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන්නැයි බහුජන සංවිධාන රාශියකින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසකගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බව එම පක්ෂය සමග සමීපව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නීතිඥයකු 'ද ලීඩර්' වෙත පැවසිය.

ජවිපෙ ලේකම් කියන කතාව :
55949098 2652954181387453 3639392421470535680 n
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට ජවිපෙ විසින් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේදැයි 'රාවය' පුවත්පත කළ විමසීමකදී එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මෙසේ සඳහන් කර ඇත.

''ජනාධිපතිවරනයේදී අපි හිතනවා විකල්ප අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුයි කියලා. අවුරුදු 71ක කාලයක් පටන් එකම පන්තිය කඳවුරු දෙකකට බෙදිලා ක්‍රිඩාවක යෙදෙමින් සිටිනවා. එහිදී ජනාධිපතිවරණයේදී මෙම ප්‍රධාන කඳවුරු දෙකක් හැදෙනවා. දෙකෙන් එකක් ජයග්‍රහණය කරනවා.

 ඉතින් මේ කඳවුරු දෙක දිගින් දිගටම මේ වනතෙක් ජනාධිපතිවරණයට ඉල්ලනවා දිනනවා. කිසිවෙක් තමන්ගේ වගකීම් ඉටුකරලා නැහැ. එහිදී මේ කණ්ඩායම් දෙකම අසමත්. ඒ වෙනුවට අලුත් විකල්ප දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය වනවා. එවැනි ව්‍යාපාරයක් තුළින් අපේක්ෂකයකුගේ මැදිහත් වීමක් බලාපොරොත්තුව විය හැකියි.''

 


'කැමැත්ත ජවිපෙට දෙමු' – ජයතිලක කම්මැල්ලවීර

Jayathilaka kamalaweera

ඒ අතර ප්‍රවීන කලා ශිල්පී ජයතිලක කම්මැල්ලවීර 'රාවය' පුවත්පතට ප්‍රකාශකර ඇත්තේ, සියලු විවේචන පසෙකලා ඉදිරි මැතිවරණයක දී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් වැඩ කරන්න තමා සූදානම් බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

''නිදහස ලැබුණු දා සිට අද දක්වා මේ රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක කර තිබෙන්නේ දවසින් දවස මේ රට ඉතාම දරුණු අගාධයකට ගෙන යාමයි. බලයට පත්වූ පක්ෂවල මැති ඇමතිවරු කර තිබෙන්නේ තම තමන්ගේ පවුල්, සම්පත් වර්ධනය කර ගැනීමයි. එවැනි තත්ත්වයක් තුළ අද දවසේ ජනතාව දූෂිතයන් නොවන අවංකව පෙනී සිටින නායකත්වයකට කැමැත්ත ප්‍රකාශ කළ යුතුයි. 

සෘජු ලෙසම කියනවා නම් තිබෙන විවේචන නොතකා ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ ජනතාව තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළ යුතුයි කියලා මම හිතනවා. විවේචන තියනවා, නමුත් අද අනෙක් ප්‍රධාන පක්ෂ එක්ක සංසන්දනය කරද්දී දූෂිතයන් නොවන රට ගැන කැක්කුමක් තිබෙන බව ප්‍රදර්ශනය කරන එකම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ කියලයි මම හිතන්නේ. ඒ නිසා සියලු විවේචන පසෙකලා ඉදිරි මැතිවරණයක දී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් වැඩ කරන්න මම සූදානම්''


1982 : ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණය - විජේවීර තෙවන ස්ථානයට 

Rohana Wijeweera 04 
 රෝහණ විජේවීර මැතිවරණ වේදිකාවේ 


1978 දී විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ එවකට එජාපයේ අගමැතිවරයා වූ ජේ ආර් ජයවර්ධන විසිනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වූයේ 1982 වර්ෂයේදී ය.

එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජේ ආර් ජයවර්ධනත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හෙක්ටර් කොබ්බෑකඩුවත්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් රෝහණ විජේවීරත්, ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් කොල්වින් ආර් ද සිල්වා, නව සම සමාජ පක්ෂය නියෝජනය කරමින් වාසුදේව නානායක්කාරත්, දෙමළ කොංග්‍රසය වෙනුවෙන් කුමාර් පොන්නම්බලම් ද ඉදිරිපත් වූහ.

මෙවර මැතිවරණ සටනේ දී දැඩි ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා විය. කෙසේනමුත්, අවසානයේ දී ඡන්ද 273428ක් ලබාගත් රෝහණ විජේවීර තෙවන ස්ථානයට පත් විය.

"ජනතාව අපි රටේ තෙවන බලවේගය ලෙස පිළිගෙන තිබෙනවා" යැයි ජනාධිපති සටනෙන් පසු පැවති රැස්වීමක් අමතමින් විජේවීර ප්‍රකාශ කර තිබිණි. 

ජවිපෙ 1989 ජනාධිපතිවරණය වර්ජනයේ !


# 1989 ජනාධිපතිවරණය : මෙම ජනාධිපතිවරණය ජවිපෙ විසින් මුළුමනින්ම වර්ජනය කළේය. ඊට අමතරව එයට සන්නද්ධ ලෙස ප්‍රතික්‍රියා දැක්වීය.   

# 1994 ජනාධිපතිවරණය : ජනතා විමුක්ති පෙරමුණ යළි ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමෙන් පසු පැවැති පළමු ජනාධිපතිවරණය වූ 1994 ජනාධිපතිවරණයට නිහාල් ගලප්පත්ති ඉදිරිපත් කළ අතර සටන මැදදී ඔහු සටනින් ඉවත් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගෙන් ලිඛිත පොරොන්දුවක් ලබාගෙනය. 

# 1999 ජනාධිපතිවරණය : මෙම ජනාධිපතිවරණයට  වමේ පොදු අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණ නන්දන ගුණතිලක ඉදිරිපත් වූ අතර ඔහුට ලබාගත හැකිවූයේ ඡන්ද 344,173 ක් හෙවත් 4.08% කි.  

# 2005 ජනාධිපතිවරණය : මෙහිදී ජවිපෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ අතර වෙනස් පක්ෂයක අපේක්ෂකයකුට සහය දැක්වීය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂටය. ජවිපෙ අයස්කාන්ත මැදිහත්වීමේ ප්‍රතිඵලයක් මත එම මැතිවරණ සටනින් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේය.  


in colombo on september 8 prime minister mahinda rajapakse and jvp general secretary tilvin silva right sign an agreement on the jvps support for rajapakse in the presidential electi
මහින්ද හා ජවිපෙ නායකයින් මැතිවරණ සටනේ 

2010 ජනාධිපතිවරණය : මේ වන විට ජවිපෙ හා මහින්ද රාජපක්ෂ ගැටුම ඉතා උච්ච තලයකට පත්වී තිබූ අතර ජවිපෙ ඍජු මැදිහත්වීමෙන් මහින්ද රාජපක්ෂට එරෙහිව පොදු අපේක්ෂකයකු ලෙස සරත් ෆොන්සේකා ඉදිරිපත් කළේය. එෙහත් සරත් ෆොන්සේකා හා මහින්ද රාජපක්ෂ අතර ඡන්ද ලක්ෂ 18ක පරතරයකින් යුතුව සටන නිමාවිය. මහින්ද රාජපක්ෂ දෙවැනි වරටත් රටේ විධායක ජනාධිපති විය.   

2015 ජනාධිපතිවරණය : මෙහිදී ජවිපෙ ඍජු අදහසක් ඉදිරිපත් නොකළේය. ඔවුන් කියා සිටියේ මහින්ද රාජපක්ෂ පරජය කළ යුතු බවය. ඒ වෙනුවෙන් දිනවිය යුතු අපේක්ෂකයා කවුරුන්ද යන්න ඍජුව නොකීවද එහි වාසිය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට හිමි විය. විධායක බලය දෙවරක් හෙබවූ මහින්ද රාජපක්ෂ පරාජය කළ මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළේය.   

2019 ජනාධිපතිවරණය :  ජවිපෙන් අනුර !

 මේවනවිට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය අතට ගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණ මෙවර කුමක් කරද්දැයි අනාවැකි පලකල නොහැකි නමුත් එහි මධ්‍යම කාරක සභාව විසින් පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩ තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්