පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, මේවනවිට රාජපක්ෂ කඳවුරේ ආකර්ශනීය නායකයා ලෙස ඉස්මතුවෙමින් සිටිය දී

ඒකාබද්ධයේ නායකයකු වන දිනේෂ් ගුණවර්ධනට ද ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදානම් වන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් දැනුම් දී තිබීම ගෝඨාවාදීන්ගේ නොසතුටට හේතුවී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචිමාර්ග වලින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.

එසේම, මහාචාර්ය ජී.එල්. පිරිස්ට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදානම් වන්නැයි බැසිල් රාජපක්ෂ විසින් දැනුම්දීමක් කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි.

මෙසේ විකල්ප අපේක්ෂකයින් පිළිබඳව අවධානයක් යොමුව ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පවතින නඩු හේතුවෙන් ඔහුගේ අපේක්ෂකත්වයට යම් බාධාවක් එල්ලවිය හැකි බවට පවතින සැකයයි.

ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් වන නඩුව එළඹෙන සිකුරාදා එනම් 26 වන දින සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතය.

කෙසේවෙතත් එම අධිකරණයට එකී නඩුව විභාගයට ගැනීමට බලයක් නැති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාවක් ඉදිරිපත් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේ ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විදෙස්ගතව සිටීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබා දී තිබූ කාලය අදින් අවසන් වන පසුබිමකය.

'වෙනත් ජනාධිපති අපේක්ෂකයකු ගැනත් සොයා බලන්න'' -නලින් ද සිල්වා

 

ගෝඨාභය රාජපක්ෂට එරෙහි පැමිණිලි මත ඔහුව අත්අඩංගුවට ගැනීමට ඇති අවධානම පිළිබඳව
සැක මතුකරන ආචාර්ය නලින් ද සිල්වා, ගෝඨාභය ගැන පමණක් බලාපොරොත්තු නොතබා විපක්‍ෂය වෙනත් ජනාධිපති අපේක්‍ෂකයකු ගැනත් සොයා බලන්නැයි පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන්ට යෝජනා කර තිබේ.

විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යනු ලබන lankaleadnews.com වෙබ් අඩවියේ ''ගෝඨාභයගේ අනාගතය'' යන ශීර්ෂයෙන් යුතු වාර්තාවේ එබව සඳහන් වේ.

එම පුවත් වාර්තාවට අනුව ජාතික චින්තනයේ ප්‍රධානි ආචාර්ය නලින් ද සිල්වා මෙසේද සඳහන් කර ඇත.

Nalinda talk

 ''තව මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ගෝඨාභය ඉදිරිපත් වීම වැළැක්වීමට ආණ්ඩුවේ මෙන් ම විපක්‍ෂයේත් කිහිප දෙනකු කටයුතු කරන බව පේන්න තියෙනවා. ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ඇතැමුන් උත්සාහ කරන බව පේන්න තියෙනවා. මේ සෑම දෙයක් ම එක් සැලසුමක් පරිදි සිදුවෙන දේ වෙන්න පුළුවන්..

මා කලක සිට කියන්නේ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති ඉඩකඩ අඩු බවයි. ඒ සඳහා විවිධ හේතු තියෙනවා. ඒ සියල්ල දේශපාලනඥයන්ගෙ පෞද්ගලික හේතු. රට ගැන බලා ගන්න තීරණ නැහැ.

පොහොට්ටුවත් ශ්‍රී ලනිපයත් අතර තවම එකඟත්වයක් නැහැ. පොහොට්ටුවේ බොහෝ දෙනාට තමන් ගැන ම අධිතක්සේරුවක් තියෙනවා. විපක්‍ෂයට තවමත් ඇති එක ම වාසිය එ ජා පක්‍ෂයේත් කුළල් කා ගැනීමක් පැවතීමයි.''

සම්මේලනයට පෙර අපේක්ෂකයා !

එළඹෙන අගෝස්තු එකොළොස් වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) සම්මේලනය පවත්වා ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර ඒ අනුව අගෝස්තු 10 වැනිදා වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත එය දැනුම්දීමේ වගකීම විපක්ෂ නායකවරයා වෙත පවරා ඇත.

එසේ තිබිය දී ජුලි 21දා කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ කියා සිටියේ, ඉදිරි ජනපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බව තමන් පවසා නොමැති බවයි.

සබැඳි පුවත් :

සජිත් සමග සටනට ගෝඨාභය යළි දිවයිනට

''ගෝඨාට ඇමරිකාවෙන් බාධාවක් නැහැ, ජනාධිපති ලෙස දිව්රුම් දෙනවා''

ඇමරිකානු ලැයිස්තුවේ ගේඨාගේ නම නෑ !

ඇමරිකාව අත්හරින්න ගෝඨාට මාසයක්!

ගෝඨා 'බාධකයක්' ජයගනී! - ඇමරිකාවෙන් සහතිකයක්!

'බැසිල් නැතත් පෙහොට්ටුව නැතත් ගෝඨාට දිනන්න පුළුවන්' - නලින් ද සිල්වා

එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ -නලින් ද සිල්වා

මහින්දට කනේ පාරක් : 'අපි ගෝඨාව තෝරලා ඉවරයි''- නලින් සිල්වා කියයි (වීඩියෝ)

ගෝඨාභයට එන්න බැරිවුනොත් මොකද කරන්නේ ? - නලින් ද සිල්වාගේ විග්‍රහයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්