ක්‍රිකට් මාලිංග සමුගනී ! - රග්බි තාජුදීන් බලාසිටියි !!

තමාගේ ක්‍රිකට් සමුගැනීම නිවේදනය කරමින් ලසිත් මාලිංග විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ගුණ සිහිපත් කරමින් කළ ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සංවාදයකට ලක්ව ඇත. ඒ, ප්‍රසිද්ධ රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සිහිපත් කරමිනි.


කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයට නුදුරු පාර්ක් පාරේ දැවී ගිය මෝටර් රථයක් තුළ තිබී 2012 මැයි 17 වෙනිදා වසීම් තාජුදීන්ගේ සිරුර හමුවූ අතර එය රාජපක්ෂ පුතුන් විසින් සිදුකළ ඝාතනයක් බවට චෝදනා එල්ලවිය.

තාජුදීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව මිනී මැරුමක් බව රහස් පොලිසිය 2015 ජුලි 27 වෙනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

තාජුදීන් මරණයට පත්වීමට පෙර පහර දීමකට ලක්ව ඉළ ඇට බිඳී හිංසාවට ලක්ව ඇති බව පරීක්ෂණ වලදී අනාවරණ වී ඇති බවත් රහස් පොලිසිය මෙය මිනීමැරුමක් බවට විශ්වාස කල හැකි සාධක හමුව ඇති බව අධිකරණය හමුවේ ඊට පෙර කියා පවසා තිබිණ 

මෙම ඝාතනය ගැන 2016 ජනවාරි මාසයේදී අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ, "තාජුදීන්ගේ නඩුවේ පරීක්ෂණ දැන් සම්පූර්ණයෙන් ඉවරයි. ඒකෙ සඳහන් වෙන ඩිෆෙන්ඩර් රථය කාගෙද, තිස්ස කියන්නේ කවුද, කාගේ රියැදුරුද කියලා හැමෝම දන්නවා. මේ ගැන රාජපක්ෂ පවුලටම චෝදනා එල්ල වෙනවා,'' යනුවෙනි.

නමුත් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට එල්ල වෙන චෝදනා දැඩි සේ ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පවසා තිබිණ.


කකුලේ ආබාධය සුවකල මහින්ද !
lasith imag1
කෙසේවුවද ඊයේ බංගලාදේශ සමග පැවති තරගය ජයගැනීමට දායකවී සිය එක්දින පිටියෙන් සමුගත් ශ්‍රී ලංකාවෙන් සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග, පැමිණ සිටි අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අමතමින් කියා සිටියේ 2008 වසරේදී තම පාදයේ ආබාධයක් පැමිණ තිබූ බවත් කිසිවෙකු තමන් දෙස නොබැලූ අවස්ථාවක මහින්ද රාජපක්‍ හිටපු ජනාධිපති තමන්ට වෛද්‍ය එලියන්ත වයිට් හදුන්වා දී තමන් සුවපත් කල බවයි.

අදත්, හෙටත්, හැමදාටමත් තමන් මහින්ද රාජපක්‍ෂ මහතාට පින් දෙන බව ඔහු සදහන් කලේ ප්‍රේක්ෂක ඔල්වරසන් මැද්දේය. මහින්ද රාජපක්‍ෂ ද මාලිංගගේ අවසන් තරගය නැරඹීම සදහා එක්ව සිටියේය.

හොඳ වෙලාවට මාලිංග රගර් නොගහා ක්‍රිකට් ගැහුවේ !

මාලිංගගේ ප්‍රකාශය සම්බන්ධයෙන් 'බයිලන්තය' FB පිටුවේ පලකර ඇති පොස්ටුවක මෙසේ සඳහන් වේ.

වෙලාවට මාලිංග ක්‍රිකට් ගැහුව නිසා සුවකළා 
කරුමෙටවත් රගර් ගැහුවනම් නිවන් සුව තමා ...

PHOTO 2019 07 27 12 21 18එවැනිම පොස්ටුවක් සිය FB පිටුවේ පළකර ඇති ප්‍රශාන්ත බණ්ඩාර මෙසේ සඳහන් කර ඈත.

මාලිංග ක්‍රිකට් ගහපු නිසා සුවකළා
රගර් ගැහැව්වානම් බලාගන්න තිබුණා

Screen Shot 2019 07 27 at 10.34.51 PM
මාලිංග රගර් ගැහුවනම්.. වෙනදේ නිහාල් රත්නායක සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ මෙසේය.
මාලිංග රගර් ගැහුවනම්..
අවුරුදු ගානකට කලින් 
සමුගැනීමේ කතාව කරන්න වෙන්නේ වෙන කෙනෙක්ට 

Nimal Rathnayakeමේ අතර කලම්බෝ ටෙලිග්‍රාෆ් සංස්කාරක උවිඳු කුරුකුලසූරිය, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ද සිහිපත් කරමින් සිය FB පිටුවේ මෙසේ පොස්ටුවක් පළකර තිබේ.

''ලසන්තත් බෙහෙත් ගත්තෙ එලියන්ත වයිට් ගෙන් තමා. 
එලියන්තව තමා මහින්ද යොදාගත්තෙ ලසන්තව රෑට රෑට ගෙන්න ගන්න මන්දිරයට අපිට හොරෙන්''

Screen Shot 2019 07 27 at 10.39.15 PMඋවිඳුගේ තවත් පොස්ටුවක මෙසේ සඳහන් වේ.

''එලියන්ත එක්ක එකතුවෙලා ලසන්තව සුවපත් කරෙත් මහින්ද. 
ලසන්තට තිබ්බෙ ජර්නලිසම් තෝරගන්නෙ නැතිව, ඉස්කෝලෙ ගහපු ක්‍රිකට්ම දිගටම ගහන්න''

Uvindu

In his childhood Lasantha W attended St Benedict’s College where he excelled at cricket. In his last days he met MR with Eliyantha


ජනපති මෛත්‍රීට 'හු' කියන ප්‍රේක්ෂකයින්ට අද මරබියක් නැහැ !

මේ අතර මාලිංගගේ සමුගැනීමේ තරඟය නැරඹීමට හා ඔහුට සුබ පැතීමට පැමිණ සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රීඩාපිටියේ දැවැන්ත රුපවාහිනී තිරයේ දිස්වෙද්දී ප්‍රේක්ෂකාගාරයෙන් 'හූ' හඬක් නැගුණ අතර 'පඹයා ..පඹයා ..යයි කියමුන් ඇතැමුන් විරෝධය ද පළ කළේය. ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති දේශප්‍රිය රාජපක්ෂ මෙසේ සටහන් කර තිබේ.

"ඊයෙ ප්‍රේමදාස පිටියේ මෛත්‍රිට හූ කියලා මිනිස්සු යහතින් ගෙදර ගියාට , MRට හෝ GRට ඔයවගෙ හූ කිව්වනන්, පහුවදාට ඇඩ්‍රස් නැ කට්ටියට "

Screen Shot 2019 07 27 at 11.03.59 PM
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබන තිලාන් ජයසේකර, ''මෛත්‍රීට විරුද්ධව අච්චර එලිපිට තමන්ගේ කෝපය මූදාහරින්න මිනිස්සු පෙළඹෙන්නේ එහෙම කරා කියලා ඊළඟ දවසේ උස්සන් ගිහින් මරලා දාන්නෙවත්, වාහනේක දාගෙන ගිහින් ගහලා පොඩිකරලා දාන්නෙවත් නෑ කියන ගැරන්ට් එක තියන නිසා.'' යයි අවධාරණය කර සිටියි.


වීඩියෝ 

 ඒ සම්බන්ධයෙන් තිලාන් ජයසේකර මෙසේ සටහන් කර ඇත. 

''ඊයේ මෛත්‍රීට හූ කියපු එක දැකපු මිනිස්සුන්ට අමතකයි දැන් අත්පුඩියෙන් ප්‍රශංසා ලබන මහින්දත් ඒ දවස් වල පුළුල් තිරෙන් පෙන්නන පෙන්නන වාරයක් පාසා හූ සද්දෙන් ගැරහුම් ලබපු බව. ඒ විතරක් නෙමෙයි එහෙම පෙන්නලා විනාඩි පහක් යනකොට ශෝෂල් මීඩියා ඇතුලෙත් දාර බයිට් එකක් වෙච්ච බව. සමහර මැච් ඉන්දියාවට විකුණුවා කියලා චෝදනා ලබපු බව.

කොහොම උනත් මෛත්‍රිට ඊයේ ලැබුනෙත් එතුමා පහුගිය වසර 5ක කාලයේ උපයා සපයා ගනිපු දේ වල අස්වැන්න. මොකද මීට අවුරුදු 5කට කලින් අපි කත් ඇදලා, කෑ ගහලා, දඟලලා ජනාධිපති පුටුවේ වාඩි කරේ වීරයෙක්. ඒ ලක්ෂ 62ට විතරක් නෙමෙයි. පරද්දන්න බෑ කියපු තමන්ගේ නායකයා පරද්දපු තමන්ගේ මිනිහව පරද්දපු ලක්ෂ 58 ටත් එක්ක.

ඒ වගේම මතක් කරන්න ඕනි ජනාධිපතිතුමාට විතරක් නෙමෙයි හැම දේශපාළඥයටම මිනිස්සු අඩු වැඩි වශයෙන් වෛයිර කරනවා. ඒත් මෛත්‍රීට විරුද්ධව අච්චර එලිපිට තමන්ගේ කෝපය මූදාහරින්න මිනිස්සු පෙළඹෙන්නේ එහෙම කරා කියලා ඊළඟ දවසේ උස්සන් ගිහින් මරලා දාන්නෙවත්, වාහනේක දාගෙන ගිහින් ගහලා පොඩිකරලා දාන්නෙවත් නෑ කියන ගැරන්ට් එක තියන නිසා. මොකද සමහරුන්ට අමතක උනාට ලංකාව කියන්නේ ප්‍රසිද්ධියේ හූ කියනවා තියා නිවුස් වලට නම් කියද්දිත් බීප් බීප් ගාපු රටක්.

Thilan Jayasekara
මේ අතර නීතිඥ ගාමිණී අල්විස් ද සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබේ.

කල ගුණ මතක ක්‍රිකට් ක්‍රීඩකයන්ට පමනි .
රගර් ක්‍රීඩකයන් එතුමාට ස්තූති කරන්නේ නැත.
ඉස්තුතියි මාලි
Screen Shot 2019 07 27 at 10.51.28 PM

මාලි පරිස්සමෙන් !

මේ අතර ඊයේ තරඟය නැරඹීමට පැමිණ සිටි මාලිංගගේ බිරිඳ දෙස මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරියකු 'බලා සිටින' ජයරුපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති අමන්ත වීරසිංහ මෙසේ පවසයි.

'' පොහොට්ටුවේ උන්ගෙන් උදව් ගත්තා වගේ නෙමෙයි.
මාලි පරිස්සමෙන් ගැනිත් එක්ක ජිවත්වෙයන් ..
තාජුඩින්ට වෙච්චදේ අමතක කරන්න එපා''

Screen Shot 2019 07 27 at 10.52.17 PM

සැබෑ ක්‍රිකට් මහත්වරු  !
විමල් විරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්නගේ සමීප මිතුරකු වන ලසිත් මාලිංග ඊයේ සිය ක්‍රිකට් දිවියෙන් සමුගත් ආකාරය හිටපු ක්‍රිකට් මහත්වරුන්ගේ සමුගැනීම් හා සසදමින් හර්ෂනී සඳරුවනි සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇත්තේ මෙසේය.

''මාලිංගගේ සමුගැනීම වල්බූරු නිදහසක් කර ගත් අතර අරවින්ද අර්ජුන මහානාම වැනි ක්‍රීඩකයින් සැබෑ මහත්වරු බව නැවතත් පසක් වුනා''

Screen Shot 2019 07 27 at 10.59.15 PM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්