"ශ්‍රී ලංකවේ සිට පැමිණි ත්‍රස්තවාදී යුවලක් පිලිපීනයේ" යන මැයෙන් The Straits Times හි අගෝස්තු 09 දා සහ 10 වෙනිදා පලවී තිබු පුවතක් උපුටා දක්වමින් මෙරට ඇතැම් මාධ්‍ය තුල පළවූ වාර්තා සම්බන්ධයෙන්

රජයේ  බුද්ධි අංශවල අවධානය යොමුව ඇති බවත්, ඊට අදාල විමර්ශන අනුව එම පුවත අදාල පවුලේ අභ්‍යන්තර ගැටුමක් මත නිර්මාණය කර බෙදාහැරීමක් බවට හඳුනා ගෙන ඇති බවත් පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. ඒ straitstimes.com හි පලවී ඇති වාර්තා හා ඊට අදාල තොරතුරු සම්බන්ධයෙන් 'ද ලීඩර්' කළ විමසීමකදීය. 

''Terrorists from Sri Lanka slip into Philippines to prepare attacks''යන ශීර්ෂයෙන් යුතුව එම පුවත පලවී තිබිණ.

එම පුවත් වාර්තාව පාදකකර ගනිමින් මෙරට ඇතැම් මාධ්‍ය ආයතන කීපයක් විසින් ද එම පුවත පළකර ඇත. එය  පාස්කු ඉරිදා ප්‍රහාරයේ අමිහිරි මතකය යලි සිහිපත් කෙරෙන අතිශය සංවේදී පුවතක් වූ අතර එය ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය කෙරෙහිද ඍජුවම බලපාන කරුණක් ලෙස බැලු බැල්මට කෙනෙකුට පෙනීයන කරුණකි. 

කෙසේවුවද 'ද ලීඩර්' කළ විමසීමේදී ඊට අදාල පුවත සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, දිවයිනේ ප්‍රධානතම පුවත්පත් කිහිපයක හා විද්‍යුත් මාධ්‍ය විසින් විකාශය කළ පුවත පිටිපස ඇත්තේ අඹුසැමි ආරවුලක් බවයි. මේ සම්බන්ධයෙන් අනර්කලී දුලාරා පල්ලියගුරුගේ නැමතිය විසින් අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය. 

දියණිය 'බෝම්බකාරියක්' කළ තාත්තා !

මෙම පුවත මුලින්ම වාර්තා කර ඇත්තේ The Straits Times නමැති විදෙස් පුවත්පතයි.එම පුවත් වාර්තාවට අනුව මෙම සිදුවීමට අදාළ පාර්ශ්ව තුනක් සිටී. නමින් වික්ටෝරියා සැන්ට්ට ඩොමින්ගෝ (Victoria Sophia Victoria Sophia Sto Domingo), මාර්ක් කෙවින් සැමුහුන් (Mark Kevin Samhoon ) සහ අනර්කලී දුලාරා පල්ලියගුරුගේ යන අයවේ. 

'ද ලීඩර්' වෙත වාර්තා වන පරිදි එම පුවතට අදාල තොරතුරු සමාජ මාධ්‍යය වෙත මුදාහරිමින්, මෙරට මාධ්‍ය ආයතන කිහිපයකටද යොමුකර ඇත්තේ ඩුඩ්ස් සැන්ට්ට ඩොමින්ගෝ (Doods Sto. Domingo) නමැති පිලිපීන ජාතිකයෙකි. ඔහු සවුදි අරාබියාවෙහි රැකියාවක් නිරත පරිගණක තාක්ෂණ විශේෂඥයෙකි.

ඔහු අනර්කලී දුලාරා පල්ලියගුරුගේ නමැත්තියගේ සැමියා වන අතර ඔවුනට දරුවන් තිදෙනෙකු සිටිති. කෙසේවුවද පවුලේ ගැටුම්කාරී තත්වයන් හේතුවෙන් එම අඹු සැමියන් වසර ගණනාවක සිට වෙන්ව ජිවත් වේ. 

මේ සිදුවීම සම්බන්දයෙන් චෝදනා එල්ල වන වික්ටෝරියා සැන්ට්ට ඩොමින්ගෝ, අනර්කලී දුලාරා පල්ලියගුරුගේ  හා ඩුඩ්ස් සැන්ට්ට ඩොමින්ගෝ  (Doods Sto. Domingo) ගේ දෙවැනි දියණියයි. චෝදනා එල්ලවන දෙවන පාර්ශවය වන මාර්ක් කෙවින් සැමුහුන් යන අය එම දියණියගේ පෙම්වතාය.

මෙම පුවත විදෙස් හා මෙරට මාධ්‍යවලට ලබාදී ඇතැයි සැකකෙරෙන ඩුඩ්ස් සැන්ට්ට ඩොමින්ගෝ මිට පෙරද තම දරුවන්ට සහ බිරිදට අන්තර්ජාලය හරහා කරදර හිරිහැර කරනු ලැබුවකු බවට වාර්තාවේ. වසර කීපයකට පෙර සිය පියා විසින් කළ එවැනි ක්‍රියාවක් හේතුවෙන් වික්ටෝරියා සැන්ට්ට ඩොමින්ගෝට තමන් ඉගෙනුම ලැබූ පාසලද වෙනස් කිරීමට සිදු ව තිබේ. 

 පුද්ගලික කෝන්තරයකට කළ මඩ ප්‍රචාරයක් !

වික්ටෝරියා සිය පෙම්වතා වන මාර්ක් කෙවින්
viktoriya and Kavinවික්ටෝරියා සිය පෙම්වතා වන මාර්ක් කෙවින් සමග ඇසුරෙන් ගැබ්ගෙන තිබු අතර ඒ බව සැලවීමත් සමග මවගෙන් එල්ලවූ විරෝධය හමුවේ ඇය සිය පියාගේ රැකවරණ පතා පිලිපිනට ගොස් තිබේ.

එහිදී සවුදි අරාබියාවෙහි සිටින පියා අයට නවාතැන් ගැනීමට කාමරයක් කුලියට ලබාදී තිබේ.  2018 වසරේ නොවැම්බර් මස සිට 19 හැවිරිදි වික්ටෝරියා පිලිපීනයේ ජිවත්වේ.

කෙසේවුවද එරටට ගොස් සති කිහිපයකදී පියා විසින් ඇයව නොසලකා ඇති අතර මවගේ පිහිටෙන් වෙනත් තැනක පදිංචියට යාමට ඇයට සිදුව ඇත. පියා ඇය සමග ගැටුමක් ඇතිකර ගෙන ඇත්තේ, ඇය යළි මව සමග සම්බන්ධතාවයක් පැවැත්වීම නිසාය.

වික්ටෝරියා සැන්ට් ඩොමින්ගෝ මිට සති කීපයකට පෙර දරුවෙකු ප්‍රසුතකර තිබේ. තම දරුවා බැලීම සදහා වික්ටෝරියාගේ පෙම්වතා වන මාර්ක් කෙවින් සැමුහුන් සහ වික්ටෝරියාගේ මව වන අනර්කලී දුලාරා පල්ලියගුරුගේ යන අය පිලිපීනයට යාමට සුදානම් වී ඇති අතර මෙහිදී ඩියස්  ඩෑබෝ M .M  සැන්ට ඩොමින්ගෝ පවසා ඇත්තේ මොවුන් දෙදෙනාට කිසිසේත්ම පිලිපීනයට ගොඩ බැසීමට ඉඩ නොදෙන බවයි. 

ඒ අනුව ඔහු විසින් ඉහත ත්‍රස්තවාදී පුවත නිර්මාණය කරමින් පළමුව පිලිපීන අන්තර්ජාල හරහා fecebook, Whatsapp හරහා ඉහත ත්‍රස්ත ක්‍රියාව සම්බන්ධ පුවත ප්‍රචාරය කර ඇතිබවට හඳුනාගෙන තිබේ.

අනතුරුව පිලිපීන ආරක්ෂක අංශ මගින්ද මේ සම්බන්දයෙන් විමර්ශනයක් කර තිබෙන අතර වික්ටෝරියා සැන්ට්ට ඩොමින්ගෝ ගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ.  මෙම චෝදනාව හුදෙක මඩ ප්‍රචාරයක් බවත් එය පුද්ගලික කෝන්තරයක් පිරිමහිම සදහා කරන ලද්දක් බවත් පිලිපීන ආරක්ෂා අංශ විසින් අනාවරණය කරගෙන ඇති අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත ද දැනුම් දී ඇත.

ඒ අනුව වික්ටෝරියා සැන්ට්ට ඩොමින්ගෝ සහ අයගේ දරුවා කිසිඳු කරදරයකින් හිරිහැරයකින් තොරව මේවනවිට පිලිපීනයේ සිටින බව වාර්තාවේ.

ජාත්‍යන්තර බුද්ධි හා අංශ පිලිබඳ විශාරදයක් වන මහාචාර්ය රොහාන් ගුණරතන 'අද දෙරණ'ට පවසා ඇත්තේ ද "ශ්‍රී ලංකවේ සිට පැමිණි ත්‍රස්තවාදී යුවලක් පිලිපීනයේ" පුවත මුළුමනින්ම අසත්‍ය බවයි.

ත්‍රස්තවාදියෙක් ලෙස ලේබල් කළ තරුණයා !

Matk kavin
'ද ලීඩර්' විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ සොයා බැලීමේදී වාර්තාවූයේ, අදාල පුවත හරහා ත්‍රස්තවාදියකු ලෙස සැකයට ලක්වූ මාර්ක් කෙවින් සැමුහුන් තරුණයා ලංකාවේ පුද්ගලික ආයතනයක සේවය කරන අහිංසකයකු බවයි. වික්ටෝරියා සැන්ට්ට ඩොමින්ගෝ අයගේ පෙම්වතියයි .

 වික්ටෝරියාගේ මව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කාන්තාවක් වන අතර එම පුවත හරහා තමන්ට හා තම දරුවන්ට සිදුව ඇති අගතිය සම්බන්ධයෙන් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image