leader s

වහබ්වාදයට එරෙහිව පෙත්සමක් සඳහා ජනතාවගෙන් අත්සන් ලබා ගැනීම අද(15) කුරුණෑගලදී සිදු කෙරුණි.


'වහබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ' වයඹ බලමුළුව විසින් මෙම අත්සන් ලබා ගැනීම සංවිධානය කර තිබුණි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි ව ක්‍රියා කළ සියලුම රාජ්‍ය නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමේ සුදානමක් ඇති බව පවසමින් එයට එරෙහිව පෙත්සමක් සඳහා ජනතාවගෙන් අත්සන් ලබා ගැනීම සිදු කරයි.

මෙම පෙත්සම ජනාධිපති කාර්යාලයට සහ ශ්‍රී ලංකා පොලිස් කොමිසම වෙත භාර දීමට නියමිත බව එම සංවිධානය පවසයි.

අද දිනයපුරා කුරුණෑගල නගරයේ ස්ථාන තුනකදී මෙම පෙත්සම සඳහා අත්සන් ලබා ගැනීමට කටයුතු යොදා තිබිණ.

ඒකාබද්ධ විපක්ෂයේ විමල් විරවංශ හා උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන්ගේ සංවිධානත්වයෙන් වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් 'වහබ් අන්තවාදය අතුගා දමමු' යන මැයින් පසුගියදා නුගේගොඩ දී හා කුරුණෑගල දී ප්‍රසිද්ධ රැස්වීම් දෙකක් සංවිධානය කරතිබූ  අතර එය විපක්ෂනායක මහින්ද රාජපක්ෂගේ දෝෂදර්ශනයට ලක්ව තිබිණ.

 වහබ්වාදය යනු කුමක්ද යන්න නෙත් FM බැලුම්ගල වැඩසටහන මඟින් විමසු අවස්ථාවේදී විමල් විරවංශ දැක්වු  අදහස පහතින්.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්