”සමාජ මාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා – සාක්ෂිත් සමග කැම්පේන් විස්තර එළියට” යන ශීර්ෂය යටතේ සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන් අසත්‍යක් බව
ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
 
නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පවසන්නේ අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
 
තවද මෙය ජනතා විරෝධයට ලක්වෙමින් සිටින ආණ්ඩුවේ බංකොලොත් ප්‍රචාරවලින් එකක් බවත් එය හුදෙක් පක්ෂයට අවලාද නැගීම අරමුණු කර ගෙන මවන ලද පුවතක් බවත් අදාළ නිවේදනයේ සඳහන් ය.
 
එම පුවතේ සඳහන් වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ආයතනය සමග පක්ෂයේ කිසිදු සබඳතාවක් නොමැති බව ද ජනතා විමුක්ති පෙරමුණ අදාළ නිවේදනය මගින් අවධාරණය කර සිටී.
 
ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය මගින් අවධාරණය කර සිටින්නේ පක්ෂයේ බවට හැඟෙන සකසන ලද ව්‍යාජ රබර් මුද්‍රාද පක්ෂ නායකයින්ගේ ව්‍යාජ අත්සන් ද යොදා ගනිමින් සකසා ඇති මෙම ව්‍යාජ පුවත සහ ඊට පදනම් කර ගත් කූඨ ලේඛනය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
 
 
මේ අතර ඔගිල්වි ඩිජිටල් ආයතනය පවසන්නේ, පක්ෂ නායකයෙකුගේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා තම ආයතනය දේශපාලන ව්‍යාපාරයක නිරතව සිටින බවට වන ප්‍රචාරයන් අසත්‍ය බවත් මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරණයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ය.
 
Ogilvy 1
 
 
 
ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ නිවේදනය පහතින්…
Screenshot 2021 10 18 at 9.02.25 PM
THE LEADER TV 
 
ස' ගේ ලන්ඩන් සංචාරයේ රහස ! | The Leader TV | Gossip
 
 
 
ගුරු සටනෙන් ආණ්ඩුව ඉවරයි ? | මොණරවිල ලියමන 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්