leader s

කොළඹ නිදහස් චතුරශ්‍ර මාවතේ පිහිටි '80 ක්ලබ්' පෞද්ගලික සමාජ ශාලාව නවීකරණය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන
480ක මුදලක් වැයකර එය එම ආයතනයටම යලි පවරා දී ඇතැයි වාර්තාවේ.
 
මිට ඉහතදී ආණ්ඩුවේ මාධ්‍ය සඳහන් කර සිටියේ, කොළඹ සරණ මාවතේ පිහිටි 'ඔටස් ක්ලබ්' හා '80 ක්ලබ්'  සමාජ ශාලා නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරාගනු ලැබූ බවත් ඒවා අලුත්වැඩියා කර පොදු ජනතාව වෙත විවෘත කරනු ලබන බවත්ය. 
 
ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුනේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පදිංචි නිල නිවසට මායිම් වූ ආකර්ශනීය '80 ක්ලබ්' නිවාස අලුත්වැඩියා කර ජනාධිපතිවරයා එහි පදිංචියට පැමිණෙන බවකි.
 
මෙරට සුපිරි පැලැන්තියකට සිමා වූ මෙම සමාජ ශාලාවේ සාමාජිකත්වය ලබාගැනීමට අධික ගාස්තුවක් අයකල  අතර සාමාජිකත්වය  ප්‍රදානය කිරීමට පෙර පැවැත්වෙන සම්මුඛ සාකච්ජාවේදී අදාල අයදුම්කරුගේ සමාජ තත්වය පිළිබඳව සුවිශේෂ සැලකිල්ලක් දැක්විය.
 
මෙම සමාජ ශාලාව යළි විවෘත කිරීමත් සමග රජයේ ආයතනවල තනතුරු දරන 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකුම එහි සාමාජිකත්වය ලබාගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන්ට කතාකර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ඊට තම ආයතනයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි. 
 
 '80 ක්ලබ්' සතු ඉහලම වටිනාකමකින් යුතු ඉඩම් අමාත්‍යංශයට අයත්වුවක් වන අතර එහි පිහිටි පෞරාණික වටිනාකමකින් යුත් දැකුම්කලු නිවසේ ස්ථාපිත කළ '80 ක්ලබ්' සමාජ ශාලාව පවත්වාගෙන යනු ලබන්නේ එහි සාමාජිකත්වයෙන් තෝරා පත්කර ගනු ලැබූ පාලක මණ්ඩලයක් විසිනි.
 
මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා අප කළ විමසීමකදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියකු පැවසුයේ, ජනාධිපතිවරයා කළ නියෝගයක් මත මෙම ආකර්ශනීය ස්ථානය නාගරික සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කළ බවයි. 
 
වැඩි දුරටත් කරුණු දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළ අතර මෙය වියත්මග රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ගේ ව්‍යාපෘතියක් දැයි අප කල විමසීමේදී කියා සිටියේ, මෙයට රාජ්‍ය ඇමතිතුමාගේ සම්බන්ධයක් නොමැති බවයි.
 
 245964899 420509766107891 9203734281095419895 n
 
THE LEADER TV 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
ජී. එල්. ටත් කැපිල්ලක් ! 
 
 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්