‘සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය’ නමින් සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාව අද (16) කොළඹදී පැවැත්විණ.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේග මන්ත්‍රීවරු මෙන්ම අතිවිශාල ජනකායක් මෙම විරෝධතාව සඳහා එක්ව සිටියහ.

මෙම විරෝධතාවට ජනතාව කැඳවීමට එරෙහිව පොලිසිය ඉල්ලා තිබූ වාරණ නියෝග ඇතැම් අධිකරණවලින් ප්‍රතික්ෂේප කර තිබූ අතර තවත් අධිකරණ කිහිපයකින් එකී බල ප්‍රදේශයට අදාළව වාරණා නියෝග නිකුත් කරනු ලැබීය.

එමෙන්ම විරෝධතාවට පැමිණෙන තැනැත්තන්ට තම පළාත් මාඉම් පසුකර පැමිණීමට ඉඩනොදිය යුතු බවට පොලිස්පතිවරයා ඊයේ (14) නියෝගයක්ද නිකුත් කර තිබූ අතර, ඒ අනුව උද්ඝෝෂණයට සහභාගිවීම සඳහා සෙසු පළාත්වල සිට ජනතාව පැමිණි බස්රථ පොලිස් මාර්ග බාධකවලදී යළි හරවා යැවීමට පොලිසිය අද උදෑසන පියවර ගත්තේය.

මෙවන් වාතාවරණයක සමගි ජන බලවේගය සැලසුම් කළ අයුරින්ම කොළඹදී  විරෝධතාව පැවැත්වීමට පියවර ගනු ලැබිය.


''අපි යන්නේ කැලණි පන්සල වඳින්න. සාදු ...සාදු... සාදු ''



විරෝධතාවට සහභාගී වීම සඳහා දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිට කොළඹට පැමිණි ජනතාවට පොලීසියෙන් බාධා එල්ලවූ අතර එලෙස පැමිණීමට නොහැකි වූ ජනතාව ඒ ඒ ස්ථානවල සිට විරෝධතාවය පළ කළ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් 'ද ලීඩර්' වෙත පැවසිය.

මෙම විරෝධතාවයට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි පිරිස හරවා යැවීමට පොලිසිය ස්ථාන රැසකදී ක්‍රියා කල අතර එහිදී සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

අනුරධපුරය, කලාඔයදී පොලිසිය බාධා කළ අවස්ථාවදී පැමිණි පිරිස සඳහන් කළේ තමන් කැලණිය විහාරස්ථානය වැඳපුදා ගැනීමට යන බවයි.



 

කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය අසලට එක් රැස් වූ පක්ෂ නියෝජිතයින් හා ජනතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පාගමන ආරම්භ කළේය.

අනතුරුව උද්ඝෝෂකයින් පාගමනින් කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ගමන් කළහ.

ඇදහැලුණු දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද පිරිස කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගාලුමුවදොර පිටිය දක්වා පැමිණි උද්ඝෝෂකයින් පසුව ප්‍රධාන ජනහමුව ගාලුමුවදොර අසල දී පැවැත්විය.

සමගි ජන බලවේගයේ විරෝධතාවය හේතුවෙන් කොළඹ නගරයේ හා අවට ප්‍රදේශයවල  දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබු අතර පැය කිහිපයක් ඇතැම් මාර්ග මුළුමනින් අවහිර වී තිබිණ.

පොලිසිය ප්‍රකාශ කළේ, විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් සිටීම හේතුවෙන් මෙම රථවාහන තදබදය සිදුවූ බවයි.  




යළිත් පොදුජන ආණ්ඩුවක් බිහිකරනවා -සජිත්



විරෝධතා රැලිය අමතමින් සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පැවසුයේ, රට තුළ යළිත් වරක් පොදුජන ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කරන බවයි.

එහිදී අදහස් දැක්වු විපක්ෂ නායකවරයා මෙසේ සඳහන් කළේය.

"අද මේ මහා ජනරැළිය අපි පවත්වන්නේ, මේ රටේ දුක්විඳින ජනතාව දුකෙන් මුදවන්න ට. මේ රට තුළ ඒකාධිපතීත්වයකට අපි ඉඩ දෙන්නේ නැහැ. මේ ස්වෛරීය ශ්‍රී ලංකාවේ කතා කිරීමේ නිදහස තියෙනවා. ලැබී තිබෙන මාතෘ භූමිය, ගරා වැටෙන ආර්ථිකය, කඩා වැටෙන ජන සමාජය, යළිත් වරක් ගොඩනගලා මේ රටේ පොදු ජන ආණ්ඩුව බිහිකරනවා. මේ රටේ පොදු ජනතාව රටේ වගකීම සමගි ජන බලවේගයට ලබාදෙනවා."

THE LEADER TV
 
 
ලැංවේජ් ඔෆ් දැක්කොත් සිල් නොදැක්කොත් බැසිල් ! | මොණරවිලගේ ලියමන
 

 
 
මෛත්‍රීගෙන් බැසිල්ට කිස් කන ටොක්කක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්