leader s

පෙරේදා (20) රාත්‍රී මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.


මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම සාදයේදී භාවිත කළ කොකේන්, අයිස්, ගංජා සහ කුෂ් මත්ද්‍රව්‍ය සොයා ගත් බවත් එම සාදයේදී මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කර ඇති අතර ඒවා අලෙවි කිරීම ද එහිදී සිදුකර තිබෙන බවත් පොලිසිය පවසයි.

තණමල්විල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අලුත්පටබැඳිගේ චමිල ප්‍රසාද් නොහොත් තණමල්විල ආප්ප සුදා නමැති පුද්ගලයා විසින් මෙම ෆේස්බුක් සාදය සංවිධාන කර ඇති බව විමර්ශනවලින් අනාවරණ වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල, අහංගම, මාතර, හික්කඩුව, තිස්සමහාරාම සහ අම්පාර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පිරිසකි. ඔවුන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරන බව ද පොලීසිය සඳහන් කළේය.

 අදාළ සාදය පැවැති 'නෙප්චුන්' හෝටලය වැලිගම නගරාධිපතිනියට අයත් එකක් බව ද අනාවරණ වී ඇත. වැලිගම නගර සභාවේ පාලන බලය හිමිව ඇත්තේ  එක්සත් ජාතික පක්ෂයටයි. 

 

THE  LEADER  TV


පෝර හොරා ! | මොණරවිලගේ ලියමන
 


සර් තවත් හෙනහුරෙක් කඩාපාත් වෙන්න ද යන්නේ ?
 




 
 
 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්