පොලිස් අත්අඩංගුවේ මෑතම නීති විරෝධී ඝාතනය කර ඇත්තේ පොලිස්පතිවරයාට ඒ බව කලින් දැනුම් දී සිටියදී බව හෙළිදරව් වී තිබේ.



වධහිංසා සහ අත් අඩංගුවේ ඝාතන ඇතුළු මානව හිමිකම් උල්ලංඝන චෝදනා එල්ලවී තිබෙන ශ්‍රී ලංකාවේ පොලිස් බලකායට දාහක එකහමාරකට වැඩි කලක් ලබා දුන් පුහුණුව ස්කොට්ලන්ත පොලිසිය විසින් නවතා දමා දින දෙකක් ගත වන්නටත් මත්තෙන්, පොලීසිය කියා සිටියේ ලුණුවිලගේ ලසන්ත හෙවත් ටින්කර් ලසන්ත අද අලුයම පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වු බවයි.

 නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළි කර ඇත්තේ එම ඝාතනය සිදුවන බවට ලසන්තගේ නීතිඥ සංජය ආරියදාස කරන ලද අනතුරු ඇඟවීමක් 25 රාත්‍රියේම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබියදීම බවයි.

 "ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වහාම මේ පිළිබදව පොලිස්පතිවරයාට ඊමේල් මගින් හා කෙටි පණිවිඩයක් මගින් දැනුම් දුන්නේය. "

 එයට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිලි හා විමර්ශන භාර කොමසාරිස්, කොමිෂන් සභාවේ පැමිණිලි හා විමර්ශන අධ්‍යක්ෂ වෙතද ඒ සම්බන්ධයෙන්  දැනුම් දී තිබේ.

 එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා ද දැනුවත් කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩි දුරටත් නිවේදනය කර ඇත. ඒ මානුෂීය නියෝජිතායතන සාමුහිකයේ (CHA) ප්‍රධානී ධුරය ඔහු දරන හෙයිනි.

 


ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරන්නේ නැවත වතාවක් ශ්‍රී ලංකා පොලීසිය නීති විරෝධි ඝාතනයක් සමග සම්බන්ධ ව ඇති බවයි. පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුගේ ආරක්ෂාව සැලැස්වීමට අසමත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාද කරුණු පැහැදිලි කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටි.

 


පොලීසිය අද නිවේදනය කර තිබුනේ සඟවා තිබූ පිස්තෝල 2 ක් සහ අත්බෝම්බයක් සෙවීම සඳහා කළුතර දියගම ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ ලුණුවිලගේ ලසන්ත පොලිස් නිලධාරීන්ට වෙඩ තබා ඇති බවත් ඉන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි. ලුණුවිලගේ ලසන්ත පාතාල වෙඩික්කරුවෙකු මෙන්ම අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.

 මානව හිමිකම් පිලිබඳ ගැටළු නිසා ශ්‍රී ලංකාවේ පොලිසියට දෙන පුහුණුව තව දුරටත් පවත්වාගෙන නොයාමට තීන්දු කළ බව ස්කොට්ලන්ත පොලිස් ප්‍රධානී ඉයේන් ලිවින්ග්ස්ටන් එරට පොලිස් අධිකාරියේ ඉහළ බලධාරීන්ගේ සමුළුවට නොවැම්බර් 24 වැනිදා  දැනුම් දුන්නේය.

 මෑත කාලය තුල ඉහළ ගොස් ඇති අත්අඩංගුවේ මරණ, වධබන්ධන සහ හිතුමතේ රඳවා තබාගැනීම් පිළිබඳව වාර්තා වෙමින් පැවතියදී ශ්‍රී ලංකාවේ පොලිසියට ස්කොට්ලන්ත පොලිස් බලකාය විසින් දෙනු ලබන පුහුණු කිරීම් අත් හිටුවා කරන ලද පුනරීක්ෂණයකින් අනතුරුව එම තීන්දුව ගෙන තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පොලිස්පතිවරයාට කල දැනුම්දීම

Sin 1Sin 2


0001
0002ENG 1ENG 2

සබැඳි පුවත් :

පොලිස් අත්අඩංගුවේ සිටි ටින්කරින් ලසන්ත 'වෙඩිකන බව' ඊයේ අනාවරණය කළා!

 

 


 

THE  LEADER  TV

 

බීප්... බීප්... ජාතකය ! | මොණරවිලගේ ලියමන
 

 
 
 
 
කුම්බලාවෝ කෑවානම් විඳවාපං බළලෝ... මෛත්‍රී ‌ස'ගේ තුනෙන් දෙක පෙන්නයි !! | Gossip
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්