leader s

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කර තිබෙන ගෝඨාබය රාජපක්‍ෂගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය කිසිදු ලෙසකින්වත් වෙනස් නොකරන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ අවධාරණය කර සිටියි.


තීන්දුවක් ගත්තානම් ඒ තීන්දුවත් සමඟම සිටිය යුතු බැවින් තමන් පත්කරන කිසිම කෙනෙක් වෙනස් කිරීමට කිසිම සූදානමක් නැතැයිද ඔහු පවසයි.

කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය ඊයේ (30) විවෘත කිරීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විපක්‍ෂනායකවරයා මේ බව සඳහන් කළේය.                                                                                                                            MR text 2019.08.31
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සාකච්ඡා කරන්නේ එකතු වෙන්න නෙවෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ පක්‍ෂ දෙකේම අනන්‍යතාවය ආරක්‍ෂාකරගෙන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ජයග්‍රහණය කරවන්නයි. එහෙම නැතුව එක පක්‍ෂයකට එකතුවීමක් සිදුවෙන්නේ නැහැ. 

කොහෙම වුනත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පවත්වන සාකච්ඡා සහ ඔවුන් ගෝඨාබය රාජපක්‍ෂ සමඟ පවත්වන සාකච්චාත් බොහෝදුරට සාර්ථක වෙලා තියෙනවා.” යයි ද විපක්‍ෂනායකවරයා එහිදී පැවසිය. 

විපක්ෂ නායකවරයා මෙම ප්‍රකාශය කරනු ලැබුවේ, ශ්‍රීලනිප -පොහොට්ටු සාකච්ජා වල අවසන් එකඟත්වය මත ගෝඨාබය රාජපක්ෂ වෙනුවට දෙපාර්ශවයටම පිළිගත හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ ඉඩක් ඇතැයි ශ්‍රීලනිපයේ ඇතැම් නායකයින් සිය පාක්ෂිකයින්ට බලාපොරොත්තු දෙමින් සිටින මොහොතකදී වීම විශේෂ කාරණයකි. 

'ගෝඨාට එක්වුණොත් අපි වෙනම ඉල්ලනවා'

මේ අතර ශ්‍රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රීලනිපය ජනාධිපතිවරණයේදී ගෝඨාබය රාජපක්ෂට සහය දක්වන්නට තීරණය කළහොත් වෙනම අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවයි.

ශ්‍රීලනිපය පොහොට්ටුව හා එක්වුණොත් වෙනම ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති කුමාර වෙල්ගම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ  නම් ඒ අනුව එවැනි තත්වයකදී තම කණ්ඩායමේ සහයෝගය ඔහුට ලබාදෙන බව ඔහු සඳහන් කර තිබේ.

ශ්‍රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානය ශ්‍රීලනිප හිටපු ආසන සංවිධායකවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත වේ.

welgama text 2018.08.31ශ්‍රීලනිපය රාජපක්ෂ පිලට සහයෝගය නොදැක්විය යුතු බවත් මේ වන විට ශ්‍රීලනිපයේ ඉතිරිවී සිටින්නේ රාජපක්ෂ විරෝධී ශ්‍රීලනිප සාමාජිකයන් බහුතරයක් වන බවත් පවසන රජික කොඩිතුවක්කු, එම කණ්ඩායම නියෝජනය කරන්නේ එම බහුතරයේ මතය වන බවද කියා සිටියි.
ශ්‍රීලනිපය තනිව ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි තම කණ්ඩායම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායකට යෝජනා කර ඇතැයි ද ඔහු කියා සිටියි.

ඒ අතර ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ද 'අනිද්දා' පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, පොදුජන පෙරමුණට ඇත්තේ රාජපක්ෂලා පමණක් බව පෙන්වාදී ඇත.

'ගෝඨා පවුලේ අපේක්ෂකයෙක් පමණයි' - හර්ෂණ රාජකරුණා

මේ අතර අරලියගහ මන්දිරයේ ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුයේ, ගෝඨාබය රාජපක්ෂ යනු ජනතාව ඉල්ලන අපේක්ෂකයා නොව රාජපක්ෂ පවුලේ අපේක්ෂකයා පමණක් බවයි.

එහිදී ඔහු මෙසේද පැවසිය. 

''ඔහු රටේ ජනාධිපති අපේක්ෂකයා නෙවෙයි, රාජපක්ෂ පවුලේ අපේක්ෂකයා පමණයි. නමුත් අපි ඉදිරිපත් කරන්නේ රට ඉල්ලන, රටේ අපේක්ෂකයා යි. ගෝඨාබය රාජපක්ෂට අමෙරිකාව බලෙන් පුරවැසිභාවය ලබා දුන්න ද? නෑ. ඉල්ලුම් පත්‍ර පුරවා ඉන්ටවිව් ගිහින් තමයි අමෙරිකානු පුරවැසිභාවය ලබා ගන්නේ. දැන් ජාත්‍යාලය ගැන කතා කරනවා. ඔහුගේ දෙබිඩි පිළිවෙත තමයි මේකෙන් පේන්නේ. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණාමයි ඔහු ලංකාවට ආවේ. 

ද්විත්ව පුරවැසිභාවය නැති කර ගන්න හදන්නේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනෑ වූ නිසා බව අපි ජනතාවට කියනවා. ඒ වගේම නැවත රාජපක්ෂ පවුල් පාලනයක්, සුදුවෑන් සංස්කෘතියක්, මාධ්‍යවේදීන් මරා දමන, පහර දෙන යුගයකට යන්න ජනතාව කැමති නෑ.                                                                                                            Gota text 2019.08.31
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම ඉදිරිපත් කරන අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනවා වගේම රටේ ජනාධිපතිවරයා බවටත් පත් වෙනවා. අපේක්ෂකයා‍ තෝරා ගත් පසු පක්ෂයේ සියලුදෙනා ම ඔහු වටා ඒකරාශී වෙනවා. 

කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම සාකච්ඡා කර සුදුසු අපේක්ෂකයා සුදුසු අවස්ථාවේ ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. අපට අවශ්‍යව තිබෙන්නේ සියලුදෙනා එකමුතුව ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කිරීමටයි.


සබැඳි පුවත් :
මහින්ද, මෛත්‍රී පසුපස එයි: ගෝඨා ඉවත්කර ගැනීමට වුවත් සුදානම් ලු!
 වෙල්ගම ශ්‍රීලනිප අපේක්ෂකයා වීමේ ඉඩක්!

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්