leader s


මහවිරු සැමරුම් සඳහා ලබා දුන් අවසරය ඉවත් කරගන්නා ලෙස පොලිසි හතක් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ වන්නියේ උසාවියක් මියගියවුවන් සිහිපත් කිරීම මානුෂික ක්‍රියාවක් බව පෙන්වා දී තිබේ.

උසාවිය විසින් දෙමළ මහවිරු සැමරුම් සඳහා කලින් පනවා තිබු  තහනම නීතිවේදීන්ගේ කරුණු දැක්වීමෙන් අනතුරුව සංශෝධනය කරමින් මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සරවනරාජා කියා සිටියේ ''මිය ගිය අය සැමරීම මානුෂික ක්‍රියාවක්, තහනම් සංවිධාන වල ධජ හා ලාංජන ප්‍රදර්ශනය නොකර මිය ගිය අය සමරන්න පුළුවන්,'' බවයි.

එම තීරණයට එරෙහිව මාන්කුලම්, ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, අයියන්ගන්කුලම්, මුලතිව්, මුල්ලියාවලේ හා මල්ලාවි පොලිස් ස්ථාන හතක පොලිස් ස්ථානාධිපතිවරු ඊයේ [26 ] නැවත ඉල්ලා සිටියේ මහවිරු සැමරුම් තහනම් කරන ලෙසය.

 එහෙත් කනපතිපිල්ලෙයි ගනේශ්වරම්, රුජිකා නිත්‍යානන්දරාජා සහ එස්.මයුරා නීතිවේදීන් විසින් දැක්වූ කරුනුත්, පොලිසිය විසින් කළ දීර්ඝ කරුණු පැහැදිලි කිරීමත්, සළකා බැලු මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් 25 වැනිදා ලබා දුන් තීන්දුව ස්ථිර කරමින් පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

පොලිසිය විසින් මුලතිව් දිස්ත්‍රික්කය තුල මහවිරු සැමරුම් තහනම් කරමින් පුද්ගලයන් 72 කට එරෙහිව වාරණ නියෝග ලබා ගෙන තිබිණි.



යාපනයේ බාධා



මේ අතර යාපනයේ හා කෝපායි පොලිසි මගින් ලබා ගෙන ඇති මහවිරු තහනම් නියෝග ගැන යළි සලකා බැලීම ප්‍රතික්ෂේප කළ යාපනය ප්‍රධාන මහේස්ත්‍රාත් වී.ටී.සිවලිංගම් කියා සිටියේ ඒ ගැන මහාධිකරණයට කරුණු දක්වන ලෙසය.

 මේ අතර කෝපායි මහවිරු සැමරුම සදහා සුදානම් වීමට ශ්‍රමදානයේ යෙදුනු  පිරිසකට රජයේ ආරක්ෂක අංශ විසින් බාධා එල්ල කර තිබේ. කෝපායි මහවිරු සොහොන රජයේ හමුදා විසින් විනාශ කර දමා ඒ මත දැවැන්ත හමුදා කඳවුරක් ඉදිකරන්නට රාජපක්‍ෂ ආණ්ඩුව කටයුතු කළේ මිට වසර කිහිපයකට පෙරය. ඉන්පසු සෑම වසරකම කෝපායි හමුදා කඳවුර ඉදිරිපිට පෞද්ගලික ඉඩමක මහවිරු සැමරුම පැවැත්විණි.

 ශ්‍රමදානයට පැමිණි පිරිස මාර්ගය දෙපස සුද්ද පවිත්‍ර කිරීමේ යෙදෙන විට එම ස්ථානයට පැමිණි හමුදා හා පොලිස් කණ්ඩායමක් ඔවුන්ට බාධා කරන්නට වූ බව ප්‍රදේශයේ වාර්තාකරුවෝ පවසති.

 හමුදා හා පොලිස් භටයන් විසින් ශ්‍රමදානයේ යෙදුනු පිරිස ජංගම දුරකථන මගින් ජායාරුප ගත කරමින් බිය වැද්දීමට වෑයමක් දරා තිබේ.
 
Police2 2021.11 1
 
 
 
THE  LEADER  TV

 

බීප්... බීප්... ජාතකය ! | මොණරවිලගේ ලියමන
 

 
 
 
 
කුම්බලාවෝ කෑවානම් විඳවාපං බළලෝ... මෛත්‍රී ‌ස'ගේ තුනෙන් දෙක පෙන්නයි !! | Gossip
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්