මුදල් අමාත්‍යවරයා අයවැය මැදදී ඉන්දියාවට ගිය හේතුව සභාවට පැහැදිලි කල යුතු කාරණයක් බවත්,  මුදල් ඉල්ලා ගැනීමට ඉන්දියාවට ගියාද යන්න පිළිබඳව කරුණාකර සභාවට පැහැදිලි කරන ලෙසත් හිටපු අගමැති
රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා අද (07) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.  

ලංකාවේ විදේශ විනිමය සංචිතය විස්තර බාර දෙන බව පසුගිය දා පැවසුවත්, මේ වන විටත් එය බාර  දී නොමැති බව එහිදී පැවසු හිටපු අගමැතිවරයා, එම විස්තර ඉන්දියාවට සහ IMF ට එය බාර  දී තිබුනද මේ සභාවට එය ඉදිරිපත් නොකිරීම ගැටලුවක් බව කියා සිටියේය.

''ගිය සතියට ඉස්සෙල්ලා සතියේ අපිට පොරොන්දු වුනා එදා තිබුන ලංකාවේ තිබුණ විදේශ විනිමය සංචිතය'' භාරදෙන්න කියලා. අද වෙනකන් භාරදීලා නෑ.'' යයි පැවසු රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා, මේ සම්බන්ධයෙන් තව දුරටත් සමාලෝචනය කිරීම අනවශ්‍ය බවත් එය දැනගැනීමට තමන් කැමති බවත් පැවසිය.



ආණ්ඩුව ගමන් කරන්නේ මහ බැංකු අධිපතිවරයාගේ මාර්ග සිතියමේද ? රාජපක්ෂ මාර්ග සිතියමේද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බවද  හිටපු අගමැතිවරයා සඳහන් කළේය. එමෙන්ම ආණ්ඩුව ගමන් කරන මාර්ගය කුමක්ද යන්න තමන්ට පැහැදිලිව ප්‍රකාශ කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.



යුද්ධය අවසන් වීමත් සමඟම ඉදිකිරීම් කටයුතු  විශාල වශයෙන් වර්ධනය වුවද 2014 න් පසුව එය අඩාල වූ බවත්, ඉන්පසු එය ගෙවීමට නොහැකි වූ බවත්, ඒ කෙසේ වුවත් තම ආණ්ඩුව යටතේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇතිකළ බවත් රනිල් වික්‍රමසිංහ මෙහිදී කියා සිටියේය.

විදේශ විනිම සංචිත ඩොලර් 7, 8 ක ප්‍රමාණයක් ද ඊට අමතරව බැංකු වල තවත් විදේශ විනිමය ඩොලර් බිලියන 03 ක් තිබුණද අද වනවිට ඒ කිසිවක් නැති බව ද ඔහු පැවසිය.

මෙය පක්ෂ අතර භේදයක් නොව රට මුහුණ දෙන ප්‍රබල ආර්ථික ප්‍රශ්නයක් බව සඳහන් කළ හිටපු අගමැතිවරයා, ජනතාව මේ මොහොතේ සියලුම දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන බව අවධාරණය කළේය. ''අවුරුදු 40 අඩු සියලුම දෙනා දේශපාලකයින් ප්‍රතික්ෂේප කරනවා..  අවුරුදු 30 අඩු තරුණයින් දේශපාලකයින් පිළිගන්නේ නැ..'' ඔහු තවදුරටත් කියා සිටියේය.




මියන්මාරයේ තත්වය !



මියන්මාරයේ දේශපාලන තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කළ  හිටපු අගමැතිවරයා, මියන්මාරයේ මේ වන විට තත්වය ගැන ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු කළ  යුතු බව ප්‍රකාශ කළේය.

මියන්මාරයට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ආ පළමුවන අවුන්සාන් ගේ දියණිය අවුන්සාන් සුකී ට මේ වන විට සිර දඩුවම් ලැබී තිබෙන බව සඳහන් කල මන්ත්‍රීවරයා, බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාවේ අවධානය ඊට යොමු විය යුතු බවත් පැවසිය.



පාර්ලිමේන්තු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දී ඔවුන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා වන කමිටුව වහා ප්‍රකාශයට පත්කරන්නැයි ද රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.



තමාට  විපක්ෂය වෙනුවෙන් කතා කරන්න නොහැකි යැයිද  තමා විපක්ෂයේ නොවේ යැයිද කී හිටපු අගමැතිවරයා, තමා පාර්ලිමේන්තු පක්ෂ නායක කමිටුවේත් නැතැයිද කීය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

"එක මන්ත්‍රීවරයෙක් චෝදනා කරලා තිබෙනවා. ඔහුට හානියක් වුණා කියලා . ඒ ගැන කමිටුවක් පත් කරලා පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡාවක් කරන්න. මට පුළුවන් මා වෙනුවෙන් කතා කරන්න . වෙන කවුරුවත් නැහැ. අප කළ ඉල්ලීමට එකඟ වන්නේ නැතිනම් සාකච්ඡාවක් පවතින්නේ නැහැ

දැන් තිබෙන්නේ ඊළඟදවස් කිහිපය සඳහා විපක්ෂය ගෙනෙන්වා ගැනීමට කටයුතු කිරීමයි. ඒ නිසා අදාල කමිටුව නම් කරන්න. ඊට පසුව අප අප වැඩ කරමු .ඒ ඉල්ලීම ඉටු කර දෙන්න. අන්තිම දවස් තුනේ දී අපට සම්පූර්ණ සාකච්ඡාවක් ගෙනයා හැකියි යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා වැඩිදුරටත් කීය.
 



THE  LEADER  TV
 
 
ප්‍රවේශම්වන්න, ගහපු විදිහ හොයන්න බැරිවෙන්න ගහපු අය පිටියට? | මොණරවිලගේ ලියමන
 



මොළ හත කුඩු! ඉන්දියාවේදී බඩු !

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්