leader s


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සියළුම සිරකරුවන් පිළිබදව විස්තර ලබා දෙන ලෙස මානව හිමිකම් ක්‍රියාධරයන් පිරිසක්  නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.


 එම ඉල්ලීම සිදු කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මානව හිමිකම් ක්‍රියාධරයෙක් වන මාරිමුත්තු සතිවේල් පියතුමා දෙසැම්බර් 8 වැනි බදාදා මාධ්‍ය වෙත අවධාරණය කළේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම ඉල්ලීම සිදු කළ බවයි.

 මාරිමුත්තු සතිවේල් පියතුමා එහිදී වැඩි දුරටත් සදහන් කළේ සියළු ආගම් නියෝජනය වන සිවිල් සංවිධාන ක්‍රියාධරයන් පිරිසක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ තිබෙන්නා වු කෘරත්වය පෙන්වමින් නීතිපතිවරයා වෙත ලිපියක්ද භාර දුන් බවයි.

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රදවාගෙන සිටින සියළු දෙනාට නිදහස ලබා දෙන ලෙස එමගින් ඉල්ලා ඇති බවත් ඔහු සඳහන් කළේය.

''ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ දීර්ඝ කාලයක් 2019 න් පසුවත් දුක් විදින සියළු දෙනාට නිදහස ලබා දෙන ලෙස අපි ලිපියක් භාර දීලා තිබෙනවා.''




 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩගුවට ගත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ නඩුව මාස 8 ක් වැනි කෙටි කාලයක් තුලදී අවසන් කිරීම ඉතා උතුම් වටිනා කරුණක් බව පවසන මාරිමුත්තු සතිවේල් පියතුමා එහිදී අවධාරණය කළේ, එම පනත යටතේම අත්අඩංගුවට ගෙන සිටින සෙසු සැකකරුවන්ගේ නඩු කඩිනම් කිරීමේ හැකියාව නීතිපති දෙපාර්තමේන්තුවට මෙන්ම නීතිපතිවරයාට හැකියාව තිබෙන බවයි.




 එපමණක් නොව ඔවුන්ට ඇප ලබා දීමේ හා නිදහස් කිරීමේ  හැකියාවත් නීතිපතිවරයාට පවතින බව මාරිමුත්තු සතිවේල් පියතුමා එහිදී සදහන් කළේය.

 "ඒ වගේම නිදහස් කරන්න පුළුවන් කමක් තියනවානම් ඒ නිදහස් කරන්න පුළුවන් අය කවුද කියලා ඔහුට පුළුවන් අධිකරණයට වාර්තාව ඉදිරිපත් කරන්න."

 එම වාර්තාව කඩිනමින් අධිකරණයට  ලබා දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රදවාගෙන සිටින සියළු දෙනාට නිදහස ලබා දෙන ලෙස පියතුමා නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින  සියළුම සිරකරුවන්ගේ  විස්තර තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා ඇත්තේ මාරිමුත්තු සතිවේල් පියතුමා, එස්.ජයවර්ධන පියතුමා, නීතිඥ ඊ.ටීගල්, නීතිඥ එස්.පෙරේරා, සුන්දරම් මහේන්ද්‍රන්, ඒ.ආර්.එම් මුසම්මිල්, ආර්. ප්‍රනාන්දු විසිනි.

 
 

THE  LEADER  TV
 
 
 

නිමල් සිරිපාලගෙන් බැසිල්ට ටොක්කක්! 

 

 බුදු දහම වළලන කොන්ත‍්‍රාත්තුවක් පිටුපසින් ! |මොණරවිලගේ ලියමන 

  

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්