leader s


ඉස්ලාම් ආගමටත්, අල්ලා දෙවියන්ටත් අපහාස කිරීමේ චෝදනාවලින් නීතිපති උපදෙස් අනුව එක් රටක් එක් නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානියා නිදහස් වී තිබේ.


එක් රටක් එක් නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි, බොදුබල සේනානායක ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා තිබු නඩුවක් බ්‍රහස්පතින්දා [10] කැඳවූ විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල නියෝග කළේ ඒ හිමියන් නිදහස් කරන ලෙසයි.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කෙළේ මෙම 'නඩුව තව දුරටත් ඉදිරියට පවත්වා ගෙන නොයන බැවින් සැකකාර භික්ෂුන් වහන්සේ නිදහස් කරන ලෙස' නීතිපති සංජය රාජරත්නම් ලබා දුන් උපදෙස් මත මෙම නියෝගය නිකුත් කළ බවයි.



මේ අයුරින් මිට පෙර සිටී නීතිපති විසින් පවරා තිබු නඩු විස්සක පමණ ආණ්ඩුවේ ඉල්ලීම මත චෝදනා ඉවත් කර ගනිමින් චුදිතයන්ට නිදහස් වීමට ඉඩ ප්‍රස්ථා හිමිකර දුන් බවට පාර්ලිමේන්තු විපක්ෂය විසින් වත්මන් නීතිපතිවරයාට චෝදනා කර තිබේ.



 ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණේ ඉකුත් දිනෙක පොලොන්නරුව සින්නවෙලපට්ටි ගම්මානයේදී සහ වෙහෙරගොඩලැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මුස්ලිම් ජනතාවටත්, ඉස්ලාම් ආගමටත්, අල්ලා දෙවියන්ටත් අපහාස කළ බවට චෝදනා ගොනු කරමින්ය.

'එක් රටක් එක් නීතියක්' ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියාට එරෙහි මෙම පැමිණීල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත යොමු කිරීමෙන් අනතුරුව මෙම නඩුව පවරා තිබේ.

මේ ආකාරයෙන්ම නීතිපතිවරයා විසින් අධි චෝදනා ඉවත් කර ගැනීමෙන් අනතුරුව,තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනෙකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස්, අතුරුදහන් කිරීමේ නඩුවේ චුදිතයකු වූ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩද නිදහස් කෙරිණි.

ඉන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් ජනාධිපතිගේ නියෝජිතයා ලෙස වයඹ පළාතේ ආණ්ඩුකාරධුරයට වසන්ත කරන්නාගොඩ පත් කර තිබේ.  

 
THE  LEADER  TV
 
 

ජනාධිපතිගෙන් බන්දුලට කණේ පාරක්! 

  

 

ජනමතය බල්ලට තීන්දු අපේ කැමැත්තට! | මොණරවිලගේ ලියමන 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්