leader s


ඉදිරියේදී ආණ්ඩුව දෙදරා යනවාද නැද්ද යන තීන්දුව රැඳීඇත්තේ ප්‍රධාන පක්‍ෂයේ අයගේ හැසිරීම මත බවත්, සෙසු පක්‍ෂ රඳවාගැනීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට තිබෙනවා නම් ‘එළියට යන්නැයි’ නොකියා කටවල් පාලනය

කරගත යුතු බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

මේ වන විට රට තුළ මතුව ඇති පොහොර ගැටලුව, චීන පොහොර නෞකාවට ගෙවීමක් කරන්නට සිදුවීම හා පොහොර ගෙන්වීමේදී වංචා දූෂණ සිදුවී ඇත්ද ආදිය සෙවීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි තමන් ජනාධිපතිවරයාට යෝජනා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, විශ්‍රාමික විනිසුරුවරුන්ගෙන් හා මේ පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත පූර්ණ බලැති කොමිසමක් මේ සඳහා පත් කළ යුතු බව කී ඇමතිවරයා, කාබනික පොහොර කෑන් පිපිරීම, පොහොර යෙදූ ගොයම බල්ලන් කෑම ආදිය සොයා වරදක් වී ඇත්නම් වැරදි කළ අයට දඬුවම් දිය යුතු බව ද කීවේය.

ඇමති මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පොහොර නෞකාවට මුදල් ගෙවීම සිදුකරන්නේ නැවත ප්‍රමිතියෙන් යුත් පොහොර ලබාදීමේ එකඟතාව මත බව කෘෂිකර්ම ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට පැවසුවේ යැයි කී ඇමතිවරයා, එසේ නොවන්නේ නම් ඊට වගකිවයුත්තන්ගෙන් එම මුදල අයකරගත යුතු බව ද පැවසීය.

මේ වන විට ගෑස් පිපිරීම් හේතුවෙන් බොහෝ දෙනකු බියට පත්ව සිටින බව කී අමරවීර අමාත්‍යවරයා, තමන්ගේ නිවසේ ඉවුම් පිහුම් කරන තැනැත්තා ද ආරක්‍ෂක හිස් වැස්මක් ඉල්ලූ බව සඳහන් කළේය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ මාධ්‍යවේදීන් හමුවේ මෙසේ පැවසිය.

 

Leader Whats app

 

 
 
මොණරෙට සීයයි සීයලාට අමාරුයි ! | මොණරවිලගේ ලියමන
 
 
 
රට ගිය බැසිල් ආයේ එන්නෙ අගමැති වෙන්න! | Gossip

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්