leader s

නැගෙනහිර පළාතේ ප්‍රධාන මාර්ගයක හිඳුවා තිබූ හින්දු දේව ප්‍රතිමාවකට නාදුනන පිරිසක් විසින් හානි සිදු කර තිබේ.


පොතුවිල් -කල්මුනේ ප්‍රධාන මාර්ගයේ සංගමන්කන්ඩි හි ඉකුත් 11 වැනිදා හොර රහසේ රැගෙන ආ බෞද්ධ ප්‍රතිමාවක්‌ පිහිටුවීමට එරෙහිව ප්‍රදේශවාසී දෙමළ -මුස්ලිම් ජනයාගේ විරෝධය හමුවේ ඉවත් කර ගැනීමට සිදු වීමෙන් අනතුරුව මෙම පිළිම විනාශය සිදුවී තිබේ.

මෙසේ අලාභානි කොට ඇත්තේ පොතුවිල් -තිරුක්කෝවිල් ප්‍රධාන මාර්ගයේ කන්ජිකුඩිච්චි ආරු මංසන්ධියේ පිහිටුවා තිබු පුල්ලෙයාර් සාමි, ගනේෂ් නොහොත් ගණ දෙවි පිලිරුවකටය.

දෙමළ ජාතික සන්ධානයෙන් මැතිවරණයට තරග කොට ජය ලබා පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සමග එක් වූ හිටපු මන්ත්‍රී පියසේන පොඩිඅප්පුහාමි විසින් මෙම දේව ප්‍රතිමාව ඉදි කර තිබේ.

ඉකුත් 17 දා රාත්‍රියේදී මෙම ගණ දෙවි පිළිරුවට හානි කර ඇති පිරිස් සොයා ගැනීමට විමර්ශන කටයුතු අරඹා ඇතැයි තිරුක්කෝවිල් පොලිසිය පවසයි. 

 

ganesh

  

Leader Whats app

 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය !

 
 
 
සර් හැරෙන කොට බැසිල් කලාත් ඉවරයි ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 


 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්