leader s

බිඳ වැටෙමින් තිබෙන ආර්ථිකය හමුවේ දැඩි පීඩාවට පත් වතු කම්කරුවන්ගේ ජීවන වියදම් දීමනාව ඉහල දමන ලෙස වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.


''දැනට වතු කම්කරුවන් වෙනුවෙන් ලබා දෙන ජිවන වියදම් දීමනාව රුපියල් සීයයි. ඒත් දවසින් දවස බඩු මිල ඉහල යන ඒකත් එක්ක කම්කරුවන්ට ජිවත් වෙන්න හරිම අමාරුයි, ඒ හින්දා මේ ජිවන වියදම් දීමනාව රුපියල් 500 දක්වා ඉහල දාන්න ඕනෑ,'' යැයි දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිතියක් වන ජාතික කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික, මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසයි.

වතුකරයේ මාධ්‍යවේදීන් සති අන්තයේ හැටන් නගරයේදී හමුවූ ශ්‍රීධරන් කියා සිටියේ, විදේශ විනිමය රටට ගෙන ඒමට සමත් වන වතු කම්කරුවන්ට ඔවුන් ශ්‍රමය වගුරන ප්‍රමාණයට සරිලන හෝ ඉහල යන ජිවන වියදමට සරිලන දීමනාවක් නොලැබෙන බවය.

''දැනට වතු කම්කරුවන්ට ගෙවන ජිවන වියදම් දීමනාව රුපියල් 100 ත්, පඩිය රුපියල් 900 ත් එකතුව රුපියල් දාහක දෛනික පඩියක් දිය යුතුයි කියලා ආණ්ඩුව ගැසට් කරලා තිබියදීත් කොම්පැනි අයිතිකාරයෝ ඒක නොදී නඩු දාලා. දැන් ඒ ගානත්  ලැබෙන්නේ නැහැ,'' යැයි ජාතික කම්කරු කොංග්‍රස් භාණ්ඩාගාරිකවරයා පෙන්වා දෙයි.



ආණ්ඩුවේ හවුල් කරුවන්ගේ සටන් :



නව සාමුහික ගිවිසුමක් ඉල්ලා රාජපක්‍ෂ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් වන ලංකා කම්කරු කොංග්‍රසය ගෙන යන උද්ඝෝෂණ ව්‍යාපාරය ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ එය වෘත්තීය සමිති සාමාජික ගාස්තු නොලැබෙන නිසා හදිසියේ ඇරඹි විරෝධතාවක් බවය.


රුපියල් දහසේ වැටුප් ප්‍රශ්නය පඩි පාලක සභාව වෙත යොමු කිරීමත්, එහි නිර්දේශයන්ට එරෙහිව වතු සමාගම් අභියාචනාධිකරණයේ නඩු පැවරීමත් සමගින් කලින් පැවති සාමුහික ගිවිසුම අහෝසි විය.

සාමුහික ගිවිසුමට අනුව වතු සමාගම් විසින් කම්කරුවන්ගේ වැටුපෙන් සාමාජික ගාස්තු කපා ගෙන වෘත්තීය සමිතිවලට බැර කෙරේ.

සෑම දෙවසරකටම වරක් අත්සන් තැබෙන සාමුහික ගිවිසුම මගින් කම්කරුවන්ගේ වැටුප් වැඩිවීමකට සමානව වෘත්තීය සමිති සාමාජික ගාස්තුව වැඩි කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය වැනි සමිති කටයුතු කරන බව ශ්‍රීධරන් මාධ්‍යකරුවන් හමුවේ පැවසීය.

දැනට මාසිකව රුපියල් 250 ක මුදලක් වෘත්තීය සමිති සාමාජික මුදල් ලෙස අය කෙරේ.

රාජපක්‍ෂ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු වන වාසුදේව නානයක්කාර පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී කියා සිටියේ වතු සමාගම් අන්තනෝමතිකව කටයුතු කරමින් සාමාජික මුදල් වෘත්තීය සමිතිවලට බැර නොකරන බැවින් සමිති පුර්ණකාලීනයන්ට දීමනා ලබා දීමට නොහැකි වී ඇති බවය.

  

Leader Whats app

 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය !

 
 
 
සර් හැරෙන කොට බැසිල් කලාත් ඉවරයි ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 


 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්