මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් වන්නේ නම්, ඒ පිළිබඳව තමන් දැනුවත් කරනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති සහ නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.


මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත්වීමට සැරසෙන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අවධාරණය කර සිටින උන්වහන්සේ, එවන් තීන්දුවක් ගත්තේ නම් වහා අතහරින ලෙසද අගමැතිවරයා ගෙන් ඉල්ලා සිටිති.

උන්වහන්සේ මේ බව කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී උන්වහන්සේ මෙසේද පැවසුහ.
 


''වෙන්න යන දේ වළක්වාගන්න නම් මහින්ද මහත්තයා ගිහින් හරියන්නේ නැහැ. මහින්ද මහත්තයා මේකේ ඉන්න ඕනේ. තීන්දුවක් ගත්තානම් වහාම අත්හරින්න.'' - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි



“අගමැතිතුමා යනවා නම් අපිට කියලා යන්නේ. මහින්ද රාජපක්ෂ එලවන්න කුමන්ත්‍රණයක් ද දන්නේ නැහැ.'' යයි පැවසු උන්වහන්සේ ආණ්ඩුව ඇතුළේ පොඩි පොඩි ප්‍රශ්න ඇති බවත් ජනපති වටා සිටින කේවට්ටයින් නිසා අද රට ගෙන යෑමට නොහැකි වී ඇති බවත් පැවසූහ.

එක කේවට්ටයකු නම් ඉවත්වූ බව ද උන්වහන්සේ සඳහන් කළහ.

පොහොර සම්බන්ධයෙන් එක කේවට්ටයකු දුන් උපදෙස් නිසා ජනතාවට අද මුළු රටම එපා වී ඇතැයි පැවසූ ආනන්ද හිමියෝ, ඩොලර් පස්සෙ නොයා මේ අය එහා මෙහා කළොත් සියලු ප්‍රශ්නය විසඳිය හැකි බවද ප්‍රකාශ කළහ.

''ජනපතිතුමනි කේවට්ටයින් ඉවත්කරන්න. ශෝධනයක් කළොත් ඉලක්කයට යන්න පුළුවන්. හණමිටි බදාගෙන ගියොත් අපිත් රටත් විනාශයි.'' යයි පැවසු උන්වහන්සේ, ''විවේක ගන්න පිටරටම යන්න ඕනේ නැහැනේ. බලයට පත්කරපු ජනතාව හාමතේ තියලා හෝටල්වලට ගියපු එක ගැන ජනතාව තීන්දු කරයි.” යයි තවදුරටත් කියා සිටියහ.
 
 
 

 
 
 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 
 

රාජපක්ෂ ප්‍රයිවෙට් ටුවර් ඇන්ඩ්ට්‍ රැවල්ස් ප්‍රයිවෙට් ජෙට් !

 

 

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

 

මයන්තට බැසිල්ගෙන් කොන්ත්‍රාත්තුවක් !

 
 
රජකාලේ දඩුවම් නැවතත් කරළියට ! | මොණරවිලගේ ලියමන
 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්