ජනතාව මුනුනදී සිටින ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන සහන මල්ලක් ලබාදීමට අද (03) රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ.
ඒ සම්බන්ධයෙන් දැනුම්දීම් සඳහා කැඳවා තිබු මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුයේ, රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.
# එසේම, විශ්‍රාමිකයින් ලෙස සිටින 666,480 දෙනාට ද රුපියල් 5,000ක් මාසිකව අතිරේක දීමනාවක් ලෙසින් ලබාදීමට ද තීරණය කර තිබේ.
# සමෘද්ධි ලාභීන්ගේ රුපියල් 3,500 මාසික දීමනාවට ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1,000ක දීමනාවක් ලබාදීමට ද තීරණය කර ඇති බව බැසිල් රාජපක්ෂ පැවසීය.
# එසේම වී කිලෝවක් සඳහා ගොවීන්ට රුපියල් 75ක් ලබාදීමට ද තීරණය කර ඇත.
# මේ අතර පර්චස් 20ක ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත.
# එසේම අක්කරයට අඩු පර්චස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
මෙම දෙපාර්ශවයටම මාස 6කට පසු නැවතත් එම මුදලම ලබාදීමටත් රජය තීරණය කර තිබේ.
# වතු ජනතාව වෙනුවෙන් එක් පවුලකට තිරිඟු පිටි කිලෝ 15ක් මාසයක් සඳහා කිලෝවක් රුපියල් 80 බැගින් වූ මිලකට ලබාදීමටද තීරණය කර තිබේ.
# ආනයනය කරනු ලබන සියලු අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය සම්පූර්ණ බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.
# මේ අතර ආබාධිත සෙබළුන් සඳහා ද රුපියල් 5,000ක විශේෂ දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.
කෙහෙළිය හා රෝහිත බැසිල්ව කුලප්පු කරයි !
මෙම සහන මල්ලට අදාල තීන්දු තීරණ ගෙන කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වීමට මොහොතකට පෙර උදය ගම්මන්පිල අමාත්‍යවරයා, ජනාධිපතිවරයා අසලට පැමිණ තමාට රුපවාහිනී සජීවී වැඩසටහනකට යාමට සිදුව ඇතැයි පවසමින් රැස්වීමෙන් පිටව යාමට අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී, මෙම සහන මල්ල ගැන එහිදී ප්‍රකාශයට පත්කරන ලෙස ජනාධිපතිවරයා ඔහුට දැනුම් දී තිබේ.
කැබිනට් රැස්වීමෙන් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල හා රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරුන් දෙදෙනා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අසලට දුවවිත්, ගම්මන්පිල අමාත්‍යවරයා විසින් සහන මල්ල ප්‍රකාශයට පත්කිරීමට පෙර මාධ්‍ය හමුවක් කැඳවා අදාල තීන්දු තීරණ දැනුම් දෙන්නයි මුදල් අමාත්‍යවරයා ගෙන් ඉල්ලා තිබු බව වාර්තාවේ. මුදල් අමාත්‍යවරයා සිය අමාත්‍යංශය තුලදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා කැබිනට් තීන්දු තීරණ දැනුම් දුන්නේ ඒ අනුව බව පැවසේ.
{gallery}Gazette 2022.01.03{/gallery}