leader s

සෑම මන්ත්‍රිවරයකු ම කැබිනට් ඇමති ධූරයක් බලාපොරොත්තුවෙන් සිටියද ව්‍යවස්ථානුකූලව ලබාදිය හැකි කැබිනට් අමාත්‍ය ධූර 30 ට වැඩියෙන් ලබාදී ජනතා පොරොන්දුව කඩ කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති

ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.

සෑම මන්ත්‍රිවරයකුම කැබිනට් අමාත්‍ය ධුරයක් බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු සඳහන් කළේය.

සිදුවන පසුබෑම්වලදී කණ්ඩායමක් ලෙස මුහුණදීම සාමූහික වගකීමක් බවත් එසේ නොකර අඩුපාඩුකම් පිළිබඳ පමණක් විවේචනය කරනවා නම් එය අදාළ පුද්ගලයාගේ අකාර්යක්ෂමතාව බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පළමු වරට ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් එසේ පැවසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් මෙසේද සඳහන් කළේය.

‘රාජ්‍ය ඇමතිවරයෙක් අස් කරන්න වුණා. රාජ්‍ය ඇමතිවරයෙක් ගිහිල්ලා කියනවා නම් මේ ආණ්ඩුව වැරදියි කියලා එයා කියන්නේ එයත් වැරදියි කියලයා. හැම මන්ත්‍රීවරයෙකුම, හැම රාජ්‍ය ඇමතිවරයෙක්ම, හැම ඇමතිවරයෙක් ම සාමූහිකව වැඩ කළ යුතුයි. සාමූහිකව ආණ්ඩු කෙරෙහි වගකියන්න ඕන. යමෙක් තවත් කෙනෙකුට චෝදනා කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවයි. ඇඟ බේරගන්න තවත් එක් කෙනෙකුට චෝදනා කරන්න එපා’ යයි හෙතෙම එහිදී පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීම නිමිත්තෙන් ඊයේ (07) එම විදුහලේ පැවති උත්සවයේදීය.



''වසර දෙකේ අතපසු වූ වැඩ ඉතිරි වසර තුනේ කරනවා ''



තමා පොරොන්දු වූ වගකීම් කොවිඩ් හේතුවෙන් අහිමි වූ වසර දෙක ගැන නොසිතා ඉදිරි තෙවසරේදී ඉටු කිරීමට කැප වන බව ද ජනාධිපතිවරයා මෙහිදී  කීවේය.

ජනතාව වෙනුවෙන් ගන්නා තීරණවලදී සහායවීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් බව පැවසූ ජනාධිපතිවරයා, රටක ඉදිරි ගමන වෙනුවෙන් ම මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් සියලු දෙනා එකට එක්ව කණ්ඩායමක් ලෙස වැඩකිරීමේ වැඩ කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.



තීරණ ගැනීමේදී නිලධාරීන් වැඩ කළ හැක්කේ කෙසේදැයි පමණක් බලන ලෙසත් එසේ නොමැතිව චක්‍රලේඛ දඩමීමා කරගෙන වැඩ කළ නො හැක්කේ කෙසේදැයි නොබලන ලෙසත් ජනාධිපතිවරයා පැවසීය.


රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ සඳහා ඉදිරි වසර තුනේදී පූර්ණ සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ සියලු දෙනාගෙන්ම මෙහිදී ඉල්ලීමක් කළේ‍ය.

 

 

Leader Whats app

 
 
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
  
 
බුද්ධි අංශ නාමල් ගැන සෝදිසියෙන්! | The Leader TV

.

කඩේ යන්නෝ අඩුවෙලා පොලේ යන්නෝ වැඩිවෙයි ! | මොණරවිලගේ ලියමන
 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්