leader s

දින එකසිය විස්සකට වැඩි කාලයක් දීප ව්‍යාප්තව ගෙන ගිය අඛණ්ඩ අරගලයකින් පසු වැටුප් විෂමතාව ඉවත් කරගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වැඩි කරගත් වැටුප උතුරු පළාතට අහිමිවීමේ අනතුරක් මතුව

තිබේ.

වැටුප් අරගලයේ ප්‍රමුඛතම නියමුවකු වු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙන්නේ, එම වැඩිවු මුදල ජනවාරි මස වැටුප සමග 20 වැනිදා ලබා දීමට දිවයිනේ සියළුම කලාප කාර්යාල වල කටයුතු සිදු කරමින් පැවැතියද උතුරු පළාතේ මේ වන තෙක් එයට අදාල කටයුතු ආරම්භ කර නොමැති බවයි.

''අපි දිගින් දිගටම කියපු දෙයක් තමයි ආණ්ඩුව අපේ චක්‍රලේඛය ප්‍රමාද කරන කොට ඔබ ජනවාරි මාසේ 5 වැනිදා චක්‍රලේඛය නිකුත් නොකළොත් 20 වැටුප ගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් දින 15 ට කලින් වැටුප් සකස් කිරීම් සිදු වෙනවා. ''



උතුරු පළාතේ ගුරුවරුන්ට සිදුවන අසාධාරණය ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස වෘත්තිය සමිති නායකයා පළාත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ජනවාරි 11 වැනි සදුදා කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමිනි.



එම තත්වය සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයාට ලිඛිතවම දන්වා ඇති බවත් ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා එහිදී සදහන් කළේය.

රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය පසු ගිය සතියේ නිකුත් කර තිබුනි.

එහි දැක්වෙන්නේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වැනි  දින සහ මේ වසරේ ජනවාරි තුන් වැනි දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ගනු ලැබූ තීරණවලට අනුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.

මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර ඊට ජාතික වැටුප් කොමිෂන් සභවේ සහ මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව හිමිව තිබේ.

 

Leader Whats app


 
 
 
කලින් ජනමත විචාරණයක් ! | මොණරවිලගේ ලියමන
 
 
 
ස'ගේ රාජාසන කතාව පැරදවීමේ සූදානමක්! | Gossip
 
 
 
සර් බැරිද විමල්ට කියලා සිරිසේන..කෝ..මේ සිරිසේන පාරක් දාගන්න.

 
ඩොලර් රහස | Mr. Opposite 
 

அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

  
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්