leader s

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ සියලු සියළු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්‍රකට සමාජ මාධ්‍ය

ක්‍රියාකාරිකයකු අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව වාර්තාවේ.

ඒ ඔහුගේ පියා මෙම බෝම්බ සිද්ධියට සම්බන්ධබවට චෝදනා කරමිනි.

මෙම බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිලියන්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව 'අරුණ' පුවත්පත වාර්තා කරයි. එම වාර්තාවට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසිනි.

එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින තුනකට පමණ ඉහතදී ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 65 හැවිරිදි සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව බව පොලීසිය පවසයි.

පිලියන්දල දිසා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කර තිබූ එම සැකකරු ඒ ආසන්නයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

එවකට එහි ආරක්ෂක නිලධාරියා ලෙස පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු ක්‍රියා කර තිබූ බවත් විමර්ශනවල දී හෙළි වූ බව පොලීසිය පැවසීය.

එම සැකකරුට මුදල් මෙන්ම බෝම්බය ලබාදී ඇත්තේ, මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවද මේ වන විට තොරතුරු හෙළිවෙමින් පවතින බවත් එයට හේතුව තවමත් නිශ්චිත ලෙස අනාවරණය නොවූ බවත් 'අරුණ' පුවත් වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට මීට මාස කීපයකට ඉහතදී බෝම්බය තැබීමටද කටයුතු කර ඇත්තේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවට ද බවට ද තොරතුරු අනාවරණ නමුත් එය තහවුරු කරගැනීම සඳහා වෛද්‍යවරයාගේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් දෙදෙනාම මේ වන විට වරාය පොලිසියේ දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රඳවා ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Leader Whats app


 
ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip

 
ராஜபக்ச தரப்பை கிலிகொள்ளவைத்த கருத்துக் கணிப்பு |
 

2022 දී හොරුන්ට කෙළවෙයි, මහපුටු හෙළවෙයි .!| මොණරවිලගේ ලියමන
 

විමල්ලා ගෝඨා අත්හරී | Gossip
 

 
සර් ගෑස් මාෆියාව පිටිපස්සේ ඉන්නේ සර්ද?




225ටම ඇමතිකම්! | වියත්කතා

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්