leader s

මේ වන විට විවෘත සමාජ කතිකාවකට ලක්ව ඇති අලි මිනිස් ගැටුම මනුසත්දම් පිබිදුවීම මගින් සංසිඳුවීම අරමුණු කර ගත් විශේෂ වැඩසටහනක්

2025 ජනවාරි 05 ඉරිදා පෙ.ව. 10.00 ට ගල්ගමුව සෙනරත්ගම (මාර්ග අංක 57 දරන කොළඹ – අනුරාධපුර බස් මාර්ගයට මායිම්ව) පූලංචිය වැව අද්දර පිහිටි ගිමන්හල පාරිසරික උද්‍යානයේ ස්ථාපිත කොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය අබියස දී පැවැත්වේ. 

එහි දී එම අහිංසා ස්මාරකය මුල් කොට නිර්මාණය වූ ඇත් පිළිරූ ගීතයක් කල එළි දැක්වෙන අතර අලි ඇතුන්ට කරුණාව දක්වන්නවුන්ට නිබඳවම රැකවරණ සලසන බවට අතීත වන්නි හත්පත්තු ජනතාව අතර පාරම්පරික විශ්වාසයක් පැවති දහනක බණ්ඩාර දෙවියන් සඳහා වන පැරණි දේව කන්නලව්වක් ද සිදු කෙරෙනු ඇත.

 

12Screenshot 2025 01 01 at 14.49.53 copy
මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් රචනා කරන ලද මෙම ‘ඇත් පිළි රූ‘ ගීතයේ තනු නිර්මාණය ලසන්ත අබේපාල ගෙන් වන අතර එය වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ ඇතුළු පිරිස විසින් ගායනා කරනු ලැබේ.

මෙම වැඩසටහනට එක් වන පුරාණ දහනක බණ්ඩාර දේව කන්නලව්ව මේ වන විට සමාජයෙන් ගිලිහී ගොස් ඇති අතර මීට දශක කිහිපයක් දක්වා භාවිතා වූ එම පැරණි දේව කන්නලව්ව නූතන පරපුරට හඳුන්වා දීම මඟින් අතීත ජන සමාජයේ පැවැති වන අලින් සහ සෙසු වන සතුන් හා මිනිසුන් අතර පැවැති සංහිදියාව හා සහජීවන පිළිවෙත යළි එම ප්‍රදේශයේ ජනතාව අතර ස්ථාපිත කිරීම අරමුණු කෙරේ.

එහිදී මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් ඒ පිළිබඳ සමාලෝචනයක් ද සිදු කිරීමට නියමිත ය.

ඊට අමතරව මෙම වැඩසටහනට ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන එකමුතුව හා සීමාසහිත දිරිය වනිතා සංවර්ධන සේවා සමූපකාර සංගමය ඉදිරිපත් කරන “ගල්ගමුවේ දිරිය කතුන්ට ධන වරම්” නම් ග්‍රාමීය නිෂ්පාදන සඳහා දේශීය සහ විදේශීය වෙළඳ පලක් ලබා දීමේ අංගයක් ද ඇතුලත් කොට තිබේ.

 

අව්වට රත් නොවන වීදියේ යකඩ ගැහැණු - (රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)

නිවසේ සිටම සරු ආදායම් ලද හැකි නවතම උපාය මාර්ග හඳුන්වා දෙන මෙම වැඩසටහන සඳහා එක්වීමට ග්‍රාමීය මට්ටමින් විවිධ භාණ්ඩ නිෂ්පාදනය හා අලෙවි කරන්නවුන්ට හා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් පළ කරන්නවුන්ට ඇරැයුම් කෙරෙන අතර මේ වන විට ඒ සඳහා ඉදිරිපත්ව ඇති භාණ්ඩ ඇසුරින් අලෙවි ප්‍රදර්ශනයක් ද එදින එහි දී පැවැත්වෙනු ඇත. ඒ සම්බන්ධ වැඩි විස්තර 0773352272 අංකයෙන් විමසා දැන ගත හැකි බව එහි සංවිධායකයෝ පවසති.

මෙම ඇත් පිළිරූ ගීතය දොරට වැඩුම සහ පුරාණ දහනක බණ්ඩාර දේව කන්නලව්ව ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහයෙන් සංවිධානය කරනුයේ අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබ සාධක සංවිධානය මගිනි.


| vinivida

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්