leader s

වන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා කෘතිම බුද්ධිය භාවිත කරමින් විශේෂ කැමරාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ

ඉංජිනේරු පීඨය විසින් නිපදවා තිබේ.

එම කැමරාව දුම්රියේ සවිකිරීමෙන් පසු දුම්රියේ සිට මීටර් 500ක් ඉදිරියෙන් ඇති වස්තුවක් හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් දුම්රිය රියදුරුට සංඥා ලබා දෙන ආකාරයට එම කැමරාව නිපදවා ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක පැවසීය.

මීටර 500ක් දුර ඇති වස්තුවක් හඳුනාගත හැකි ආවේක්ෂණ කැමරා මෙතෙක් නිෂ්පාදනය කොට නොමැති බැවින් ඒ සඳහා කෘතීම බුද්ධිය යොදා ගනිමින් කැමරාව නිෂ්පාදනය කළ බවද මහාචාර්යවරයා පැවසීය.

වන අලින් දුම්රියේ ගැටීමෙන් වන අලින් විශාල ප්‍රමාණයක් මරණයට පත්වීම මෙන්ම මෙම අනතුරු හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවටද විශාල මූල්‍ය අලාභයක් සිදුවන බැවින් ඒ පිළිබඳව 2020 වසරේ සිට පර්යේෂණ සිදු කරමින් මෙම නවීන කැමරා වනිෂ්පාදනය කිරීමට හැකි වූ බව මහාචාර්යවරයා කීය.

දුම්රියේ අලින් ගැටෙන ස්ථාන නිරීක්‍ෂණය කොට එම ස්ථානවල ආවේෂණ කැමරා සවි කොට ඉන් ලබා ගන්නා දත්ත දුම්රිය රියදුරන්ට ලබාදීමට මීට පෙර කටයුතු කර තිබුණද එම කැමරා හොරුන්ගේ ග්‍රහණයට හසු වීම හේතුවෙන් එම වැඩපිළිවෙළ අසාර්ථක වීම හේතුවෙන් ඒ පිළිබඳ පර්යේෂණවෙනත් දිශාවකට යොමු කරමින්මෙම කැමරාව නිෂ්පාදනය කොට තිබේ.

වෙනත් වාහන මෙන් එක්වරම දුම්රියක් නැවැත්වීමට නොහැකි බැවින් මීටර 500ක් හෝ දුරක් තිබියදී වස්තුව හඳුනාගෙන ඒ පිළිබඳ ක්‍රියාත්මකවීමට හැකි වුවහොත් තිරිංග භාවිත කරමින් දුම්රිය නවතා ගත හැකි බවට දුම්රිය රියදුරන් පැවසීම හේතුවෙන් මීටර 500ක දුරක දත්ත ලබාගත හැකි ආකාරයට කැමරාව නිර්මාණය කළ බවත් කෘතිම බුද්ධිය යොදා ගනිමින් නිර්මාණය කළ එම කැමරාව ඕනෑම ඝන රාත්‍රියක වුවද ඉතා හොඳින් දර්ශන ලබා ගත හැකි බවද මහාචාර්ය සමරනායක පැවසීය.

(ada | ෂේන් සෙනෙවිරත්න)

srt3456r

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්