සංජීව ලෝන්ලියස්ගෙ අලුත්ම අමු සිංදුව ඊයෙ රිලීස් වුනා. ‘හරිත යෞවනේ’ තමයි ඒකෙ නම.
සංජීව සාමාන්‍යයෙන් සිංදුවල කියන කතාවලට වඩා වෙනස් කතාවක් මේ සිංදුවෙ කියන්නෙ. ගහකොල පරිසරය එක්ක ජීවත් වෙන්න හුරුවෙන තාරුණ්‍යයක් ගැන. සංජීවත් එක්ක මේ සිංදුවෙ ගායනයට අසිරිමත් හඩක් ඇති ප්‍රනීර්ෂාත් එකතු වෙනවා.
සිංදුවෙ වචන ලියල රූප කරලා තියෙන්නෙ චින්තන ධර්මදාස.
සිංදුව රූගත කරලා තියෙන්නෙ මියුණු ඇල්ල පාමුල. බුලත්සිංහල පැත්තෙ තියෙන මියුණු ඇල්ල කියන්නෙ මීමන ප්‍රේමතිලක කවි ලියපු ඇල්ලක්.
එහෙනං සිංදුව බලලා රස විඳින්නයි මේ ආරාධනය.








