බලංගොඩ - නන්පේරීයල් වතු යායේ පෙරේදා (13) සිට පැතිර ගිය ගින්න මේ වන විට ඉහළගලගම කදුවැටිය දක්වා පැතිර ගොස් ඇත.
පෙරේදා දිනයේදී නන්පේරීයල් වතු යායෙන් ආරම්භ වූ ගින්න නිවා දැමීමට අපහසුවී ඇත්තේ ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ සුළං අධික වීම හේතුවෙනි.
කෙසේවුවද මේවනවිට ගින්න නිවා දැමීම සඳහා හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.








