රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහරාජය වනාන්තරය හා අවට වනාන්තර ආශ්‍රීතව ශාක වර්ග හාරසිය තිස් නමයක් (439) වදවීමට ලක්ව ඇති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ විද්‍යා හා තාක්ෂණ අධ්‍යන අංශයේ ව්‍යාහරික විද්‍යා පිඨයේ මහාචාර්ය සිසිර එදිරිවීර පැවසිය.
ඔහු ඒ බව පැවසුවේ,වද වී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක හදුනා ගැනීම හා සංරක්ෂණය කිරිම පිළිබදව දැනුවත් කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්මේන්තුව මගින් සංවිධානය කල වැඩසටහනකට සම්බන්ධ වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙම වැඩසටහන සැප්තැම්බර් 27 -28 දෙදින පැවැත්විනි .
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සිසිර එදිරිවීර,
" රත්නපුර දිස්ත්‍රික්කය වශයෙන් ගත්තොත් අද වෙනකොට ශාක විශේෂ හාරසිය තිස් නමයක් වද වීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. මෙම දත්ත මම ඉදිරිපත් කරන්නේ දෙදෙහස් විස්ස රතු දත්ත පොත ආශ්‍රයෙන්. ඒ අනුව ශාක වර්ග හාරසිය තිස් නමයක් අපි දැනට වාර්තා ගත කරලා තියෙනවා. ඒ අතින් ගත්තාම ඔකේසිය පවුලෙන් ගත්තම ඕකිඩ් කියන කුලය විශාල වශයෙන් වද විමේ තර්ජනයට ලක්වෙලා තියෙනවා.
ඒ වගේම අපි කවුරුත් දන්න ශාකයක් තමයි වල්ලා පට්ට කියන ශාකය, දැනට මගේ තියෙන පර්‍යේෂන අනුසාරයෙන් මේ වෙනකොට අවබෝධකරගෙන තියෙනවා මේ ශාකයේ මවු ශාකය අද වනාන්තර ඇතුලේ නැති තරමටම පත් වෙලා තියෙනවා. මම කියන්නේ නැහැ නෑම කියලා. නමුත් දුර්ලභ වෙලා තියෙනවා. මේ නිසා වල්ලාපට්ටා ශාකයේ බීජ ලබා ගැනිමට ලොකු තර්ජනයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය වසර ගනනාවකදි කිසිම ක්‍රමවේදයක් නැතිව මෙම ශාක වනාන්තර වලින් ශාක කපා එකතු කර ගැනීම නිසා මෙම ශාකය අද වද වී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා .
ඊට අමතරව ගත්තම ජලය ආශ්‍රිතව ශාක ගත්තම විශාල වශයෙන් වද වී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. ජලජ පරිසර ආශ්‍රීතව සිදු කරන ක්‍රියාකාරකම් විශේෂයෙන්ම වැලි ගොඩ දැමීම් හා පතල් ක්‍රියාවලිය, සුරතල් මසුන් සෑදිම සදහා මෙම ජලජ පැල වනාන්තර වලින් එකතු කර ගැනීම නිසා වද වී යාමේ තර්ජනයන්ට ලක් වෙලා තියෙනවා" යැයි මහාචාර්යවරයා පැවසීය.
| ada.lk








